~~~ 14 කොටස ~~~

381 76 2
                                    

💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕

-----------------------------------------------------

Jimin's pov,

"මේ......අහන්නකෝ.....චිමී....."

ෆුට්බෝල් මැච් එකක් යනව ටීවී එකේ.... ඒක බලන්න ඉද ගත්ත වෙලාවෙ ඉදල පොඩි එකෙක් වගේ එක එක ඒව කියෝනව.... ඇහුන්නෑ වගේ ඉදියම අතිනුත් තට්ටු කරල ඇගිල්ලෙනුත් ඇනල තමයි කතා කරන්නෙ...

"මොකද ඕයි වෙලා තියෙන්නෙ... මං වැඩක් කියල පේන් නැද්ද... පස්සෙ වෙලාවක එනව කියවන්න..".


බැරිම තැන පොඩ්ඩක් විතර සැරෙන් කිව්ව... මූනත් ඇබුල් කරගෙන සෝෆා එකේ කෙරෝලටම ගුලිඋනා පොඩි එකෙක් වගේ.... මමත් ඇස් කොනෙන් බලල නිකන් හිටිය පස්සෙ යාළු කරගන්නව කියල...

මැච් එකේ හොදම හරිය යන්නෙ... තව එකක් ගැහුව නම් අපි දිනුම්... එක පාරට එමී නැගිටල සෝෆා එකේ තිබ්බ පොඩි කොට්ටෙන් මට දමල ගැහුව... එකපාරටම සිද්ධවුන අනපේක්ෂිත පහරදීමට මාව පොඩ්ඩක් ගැස්සුනත් එක්ක...

"ඔයාට....ඔයාට.....මාව ගානක් නෑ... පොඩ්ඩක් මම කතා කරාම තමයි ඔයාට වදේ... එයාහොස්ටර් ඔන්නිලා වටකරගෙන ටුවර් යනකොට එයාලව වදයක් නෑ.... ඒ දවස් වලට ඔය මොන මැච් එකක්වත් නෑ.... ගෙදර එන්නෙත් හුග කාලයක් ලෝකෙ වටේම ඇවිදල.... ඉන්න දවසටවත් මාත් එක්ක ඉන්න බෑ... ඔයා මට කැමති නැත්තන් මං මං වදයක්නන් මාව බැන්දෙ මොකටද... මට දුකයි ඔයා ඔහොම කරනකොට.... ඔයා නපුරුයි...
ඔයා... ඔයා ඉන්න ඔයාගෙ එයාහොස්ටර් ඔන්නිලා එක්කම... කොහොමත් එයාල මට වැඩිය ලස්සනයිනෙ.."


එකදිගට කියවල නැවැත්තුව.... අඩනවත් එක්ක... එකපාරටම උනේ මොකක්ද කියල මට හිතා ගන්න බැරි උනා...

එයාහොස්ටර් ඔන්නිල එක්කම ඉන්නලු... හිනත් යනව කියන කතාවලට... අඩලම මූනත් එක්ක රතුවෙලා... ටිකක් වෙලා ඒ මූන දිහා බලන් හිටියෙ මොකක්ද කියන්නෙ කියල හිතාගන්න බැරුව...

" මම යනව ගෙදර... ඔයා ඉන්න එකයි ඇත්තෙ ඔයාගෙ ටීවී එකත් එක්කම... මතක් කරල ඔය ෆුට්බෝල් ගහපු උන්ට කියන්න රෑටයි දවල්ටයි කන්න උයලා දෙන්න කියල...".

අතින් ටීවී එකත් පෙන්න පෙන්න මටත් බැනල දිව්වා පඩිපෙල දිගේ... අද නම් දුක හිතිල...

මම ටීවී එක වැහුවෙ එයා තරහ උනාම මට මොන මැච්ද ඉතින්... හිමින් පඩිපෙල නැගගෙන උඩට ගියපු මම දැක්කෙ බෝලෙ ලොකුම ලොකු බැගේජ් එකකට අල්මාරියේ තියෙන එයාගෙ ඇදුම් හරිම හදිස්සියෙන් අහුරනව... ඇත්තටම අහුරනව නෙමෙයි බෑග් එකට ඔබනව... තරහ ගිහිල්ල හොදටම මගෙ කෙල්ලට... කදුළු කම්මුල් දිගේ ගලන් යනව... රතුවුන ඇස් වලින් මං දිහා බලල ආයෙම ඇදුම් අහුරනව...

මම බලන් ඉද්දිම එමී අතට ගත්තෙ ඇදට එහා පැත්තෙ තියල තිබුන රාමු කරපු අපේ පුංචි ෆොටෝ එක... ඒක දිහා ටිකක් වෙලා බලන් ඉදල එයා ෆොටෝ එක පොලේ ගැහුව...

ෆොටෝ එක බිදිල වීදුරු කටු විසිරුනා... එමී මෙච්චර කේන්තියෙන් ඉන්නව මම දැක්කමයි... ඉක්මනට ලගට ගිහින් බදාගත්තට වෙනදට වගේ මට තුරුලුවුනේ නෑ... ඒ වෙනුවට මාව ඈත්කරන්න දැගලුව විතරයි...

"අහකට යනව... දැන් මොකටද තුරුල් වෙන්නෙ... මට රිද්දල... දැන් මෙහෙම කලාට මම ඔයත් එක්ක යාළුවෙන්නෙ නෑ... ඔයා එහාට උනේ නැත්තන් මං මැරෙනවා හොද ද ?..."

මේ කෙල්ල මොනා කියනවද මන්ද... මෙච්චර පොඩි දේකට... මට එයා ගැන හොයල බලන්න බැරිවෙනව තමයි... මම කරන්නෙ සාමාන්‍ය රස්සාවක් නෙවෙයි... මට හැමදාම එයා ලගින් ඉන්න බෑ... ඒත් ඒකෙන් කියවෙන්නෑ මම එයාට කැමති නෑ කියල... මම තවත් තදින් එමීව අල්ල ගත්තෙ තරහ ගිහින් තියෙන නිසා එමී මොනව කරගනීද කියල බයක් දැනුන නිසා...

ඒත් එකපාරටම හිතුවෙ නැති විදියකට මාව තල්ලු කරපු එමී බිම වැටුනු ෆොටෝ එකෙන් ගැලවුන වීදුරු කෑල්ලක් අතට ගත්ත... හිතන්නවත් වෙලාවක් නොතිය ඒ වීදුරු කෑල්ල දකුණු අතේ මැණික් කටුව ලගින් තියාගනිද්දි පියවි සිහියට ආව මම පුළුවන් ඉක්මනට එයාගෙ අතින් අල්ල ගෙන වීදුරුව ඇදල ගත්ත... මම කරපු දේට තවත් තරහ ගියපු එයා වීදුරු කෑල්ල මගේ අතින් ගන්න මගේ අතේ එල්ලෙමින් දගලන්න ගත්ත... මම තව ටිකක් තදකරල වීදුරු කට්ට අල්ලගත්තෙ එමීට ගන්න බැරි වෙන්න...

ඒත් මට ලොකු වේදනාවක් දැනීගෙනම මගෙ අල්ල කැපෙන්න ගත්ත... කොච්චර රිදුනත් මම අත අතෑරියෙ නෑ... මොකද මම දන්නව මම අතෑරපු හැටියම එමී ඒක අරගෙන ආයෙත් එයාට මොනාහරි කරගනී කියල... සිදුවුණු වෙච්ච දේ ගැන මුකුත් හිතා ගන්න බැරුව මම එමී දිහාම බලාගෙන හිටිය... හිතට දැනුනෙම එක දෙයක් විතරමයි... මගෙ පොඩි එකීට මොනාහරි උනානම් මම ඉන්නෙ කොහොමද... මේ මගෙ පනනෙ... ඇයි මෙහෙම මෝඩ විදියට හැසිරෙන්නෙ...

"අනේ.....දෙයියනේ ඔප්පා ඕක අතාරින්න... අත කැපිල ලේ එනව ඕක අතාරින්න... අනේ මගෙ චිමී ඕක....."

එමී කෑගහන සද්දෙට නැවත පියවි සිහියට ආව මම එහෙන්මම අතින් වීදුරැ කටුව විසිකලා... දැනුනෙ අතේ පහළ කොටස හිරි වැටිල වගේ... තාමත් සිදුවුණු කිසිම දෙයක් හිතාගන්නවත් බැරුව මම බලාගෙන හිටියෙ මගෙ බෝලෙගෙ මූන...

"..ඔප්පා අනේ එන්න මෙතනින් ඉදගන්න... අපි බේත් දාමු හොදද.... ඔයා ඔහොම ඉන්න...."

කාමරේ තිබුන බේත් පෙට්ටිය අරගෙන අතට පිබින ගමන් එමී මගේ අතේ තුවාලයට බෙහෙත් දැම්මා... එමී අඩනව... මගේ අත අරන් එයාගෙ පුංචි තොල් වලට තදකරගෙන හිටිය... එයා නිසා මට තුවාල වුන එකට එයාට දුකක් ඇති...

"..මං මහ පවුකාර කෙල්ලෙක් නේද ඔප්පා... මගෙ රත්තරං ඔප්පාගේ අත තුවාල කලේ මගෙ මෝඩ වැඩ තමයි... අනේ මේ මෝඩිට සමාවෙන්න... අනේ මට ගහන්න... බනින්න... කතා නොකර ඉන්න එපා... අනේ මාත් එක්ක තරහ වෙන්න එපා මගෙ චිමී...."

"මම තරහ නෑ....."


මගෙ අත් දෙක බදාගෙන අඩන මගෙ කෙල්ලව උරහිසෙන් අල්ලල කෙලින් කරන ගමන් මම කිව්වෙ... ඒත් එක්කම නැගිටල ඇදේ හිදගෙන හිටිය මගේ මුලු මූනම පිස්සුවෙන් වගේ ඉබගෙන ගියේ මටත් එමීව පාලනය කරගත නොහැකි වන තරමට... මගේ ඇස් දිහාම බලාගෙන මගෙ මූන අතගාමින් හිටිය එමී ගොඩක් තදින් මගෙ කම්මුල සිම්බ...

ඒත් හදිසියේම ඇදෙන් හිදගත් එමී එයාගෙ කොණ්ඩෙන් ඇදගෙන පිස්සුවෙන් වගේ කියවන්න ගත්ත...

"..මගෙ ඔප්පාගේ ලේ..... ලේ ගොඩක් ගියා... මම.....මම ජරා කෙල්ලෙක්... මම.....හින්ද මගෙ ඔප්පාට තුවාල වෙලා... මම අත කපාගන්නද... මගෙ අතත් කපාගන්නද... ඔව්... කපාගෙන ලේ ගොඩක් යන්න දෙන්න ඕනෙ... මගෙ ඔප්පාට රිද්දල කොහොමද හොදින් ඉන්නෙ... මම මැරෙන්න ඕනෙ එතකොට හරි..... ඔව්...... මගෙ චිම්...මී..."

එමී පිස්සුවෙන් වගේ කියවන දේවලට මට බය හිතුන... මගෙ කෙල්ල මේ මට රිදුන නිසා වේදනාව දරාගන්න බැරුව ඉන්නෙ කියන්න මට තේරුනා... එමීව මගෙ තුරුලට අරගෙන මගෙ පපුවට තද කරගෙන හිස් මුදුනට මගෙ දෙතොල් තැබුවෙ සන්සුන් කරන්න හිතාගෙන...

"..ෂ්.....මොකුත් උනේ නෑ... මැනික කිසිම දෙයක් උනේ නෑ... මේක පොඩිම පොඩි තුවාලයක් විතරයි... රිදෙන්නෙ නෑ... හොදද.... හොද බබා වගේ අඩන්න එපා දැන්..."

එමීව ඇදට පෙරලගෙන මගෙ ඇගට තදකරගත්ත... එහෙමම හා පැටියෙක් වගේ මට ගුලිවුන එමීගෙ නළලින් මම දෙතොල් තැබුවෙ මේ විදියට එයා සන්සුන් වුන එකට සතුටු වෙමින්...

" මගෙ එමී මගෙ බෝලෙ... ඔයා තමයි මගෙ ලෝකෙම... ඔයාට මොනා හරි උනොත් මටත් ඉදල වැඩක් නෑ... දන්නවද මගෙ කෙල්ල නැතුව දවසක්වත් ඉන්න මට බෑ දැන්... කොහොමද හිතන්නෙවත් මාව දාල යන්න... මම පිස්සෙක් වෙයි උබ නැතුව... ඒ හින්ද මීට පස්සෙ මේ වගේ මෝඩ වැඩ කරන්න එපා පැටියෝ.."

"පොරොන්දු වෙනවද මට....."

මම ඇහුවෙ තවත් එයාව මගෙ තුරුලට අරගෙන... එමී මාව තදින් තුරුලු කර ගත්තෙ මාව කවුරුහරි ගෙනියයි වගේ...

"හ්ම්ම්ම්....ප්‍රොමිස්...."

චූටි කට උල් කරල ඇස් බෝල කරල ලස්සනට හිනාවෙන ගමන් එහෙම කියපු මගෙ කෙල්ල මගෙ පපුවෙ ගුලිවුනා...

හිතින් මම හිතුවෙ එක දෙයයි. මේ වගේ දවසක් ආයෙ අපේ ජීවිත වලට එපා. මේ පුංචි කෙල්ලව මගෙන් උදුරගන්න එපා කියල විතරමයි....


___________________________________

වෝට් කරන්න...😊


Author,

Nethu__lyy💗

😅!! Mine බෝලේ !!😅||PJM|| ° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now