💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕
-----------------------------------------------------
Jimin's pov," ඒයි... ඒයි මේහ්..... "
මම කාමරේට වෙලා ඇදුම් අදින ගමන් එකපාරටම එමී කාමරේට කඩාගෙන පැන්නෙ හදිසි වැටලීම් අංශයෙන් වගේ.... එමීගෙ කෑගැහිල්ලට ගැලවෙන්න ගිය තුවායත් අතින් අල්ලගෙන මම භයවෙලා බලන් හිටියෙ ඒපාර මොකාටද එන්න හදන්නෙ කියලා අහන්න වගේ...
"මොකෝ...."
" ඔයා නෙමේ අහන්න ඕනෙ මොකෝ කියලා මම... කොල්ලෙක් ඇදුම් ඇද ඇද ඉන්න කාමරේකට හැදිච්ච කෙල්ලෙක් එනවද ඔහොම ගාල කඩාගත්ත හරකෙක් වගේ "
නිදහසේ ඇදුමක් ඇදගන්නත් නෑ කොයිවෙලෙත් නැට්ට වගේ පස්සෙන්මයි.... මටත් කියලා නිදහසක් නැති හැටියක් ඇත්තමයි....
ටික වෙලාවක් මං දිහා කටත් ඇරගෙන ඇස් බෝල කරගෙන එමී බලාගෙන ඉන්න විදියනම් එච්චර හොද නෑ.... මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියන්න තමයි ඔය පේන බලන්නෙ...." දැන් මට කියන්නකො සුද්දෝ කව්ද දැන් මෙතන ඉන්න කොල්ලා ".
ඔය ඇහුවෙ.... දෙන්න පුලුවන් දත් ඇන්දම ආමාශ ගත වෙන්න.... නොකියා කියන්නෙ මං නාකියි කියලනෙ.... හරි එයාට වඩා අවුරුදු අටක් විතර වැඩිමල් උනාට මොනා වෙනවද මං නාකි නෑනෙ...
"ඇයි මේ ඉන්නෙ ".
ඇගිල්ලකින් මගෙ පපුවටම තට්ටු කරන ගමන් මං පෙන්නුවෙ මාවම...
"අනේ මේ මං මොකුත් කියන්නෑ ඔයාට... ඉක්මනට ඇදුමක් ඇදගන්නකො මට තියෙනවා වැදගත් සාකච්චාවක් ".
බෝලෙ දුවගෙන ගිහින් ඇදට පැන්නෙ ලොකු වීරකමක් වගේ.... තාම පොඩි එකීනෙ කියලා මට හීනියට හිනාවක් ආවෙත් මේ කරන කෝලම් වැඩවලට කෙලවරක් නෑ කියලා දන්න හින්දමයි...
තවත් වෙලා බලාගෙන ඉන්නෙ නැතුව ඉක්මනටම ශර්ට් එකකුයි ශෝටකුයි ඇදගෙන මමත් ඇද විට්ටමට පිටදීලා ඇදෙන් වාඩි උනේ තනියම කල්පනා කරන ගමන්...
" කියන්නකො බලන්න බෝලෙට මොකක්ද දැන් තියෙන ප්‍රශ්නෙ..."
මට එහාපැත්තෙන් ඇදේ දනගහගෙන හිටිය කෙල්ලව මගෙ පැත්තට ඇදලා ගන්න ගමන් මම ඇහුවෙ තාමත් හිතාගන්න බැරි හින්දම.... මට තුරුල් වෙලා ඉන්න ගමන්ම අතේ තිබුණු ෆෝන් එක ඔබන්න ගත්තෙ හරියට මොනාහරි හොයනවා වගේ....
YOU ARE READING
😅!! Mine බෝලේ !!😅||PJM|| ° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °
Romantizm💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕