💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕
-----------------------------------------------------
Jimin Pov,
"එමී.... එමී.... කිව්වහම අහල පහලට එනවා..."
කෙල්ල නෑ. මිසින්.... බැදල හරියටම දවස් දෙකයි.... දැන්නන් හිතෙනව මම බැදල තියෙන්නෙ මොන්ටිසෝරි යන පොඩි එකෙක්වද කියල..... ඒ තරමට කියන්න සන්තෝසයි එමීට තියෙන්නෙ බාලවයස්කාර ගති... හැසිරෙන්නෙ පූර්ණ ළමා විය සංවර්ධනේ වෙලා නෑ වගේ.
ඔම්මගෙ බලකිරිල්ලට බැන්දට මොකද දන්නවනන් කෙල්ල මේ මොන්ටිසෝරි යන කෙල්ලෙක් කියල ඇත්තමයි ජීවිතේට මම නම් බදින්නෙ නෑ.... කසාදයක් කියන්නෙ කොච්චර භයානක දෙයක්ද කියල මේ දවස් දෙකට මට හොදට තේරුනා...
තාම 21 ලු කෙල්ලට....එතකොට මට 28ක්.... අවුරුදු හතක් වැඩිමල් මම...ඔව් ඉතින් එයාට වඩා නාකි... එහෙම උනාට විසි අටක් කියන්නෙත් වයසක්ද මන් අහන්නෙ...කොහොමහරි එමීට බදින්න ඕනෙ උනේ පයිලට් කෙනෙක්වලු...
එතකොට එයාගෙ වාසනාවට මගෙ අවාසනාවට මාවම එයාට සෙට් උනා.... මොන එහෙකට පයිලට් කෙනෙක්වම බදින්න ඕන උනාද මම දන්නෙ නෑ....ගිය ආත්මේ මෙයා ප්ලේන් එකකද කොහෙද වැඩ කරලා තියෙන්නෙ.
'එමීනා...චොයි එමීනා'
හරි හරි දැන් එයා පාක් එමීනා 😪
නමත් නිකන් පිස්සු විකාරයක් වගේ නෙ....එයා ඊට වඩා විකාරයක්....මම මේ කල්පනා කරන්නෙ මගෙ ඉතුරු ජීවිතේ රැක ගන්නෙ කොහොමද කියල.එයා මගෙ වයිෆ් නෙවේ එයා මගෙ ළමය කියලද කොහෙද හිතන් ඉන්නෙ... කියන්න සතුටුයි....වෙඩින් එකකින් පස්සෙ අනිත් උන්ට තියෙන අර හනිමූන්ද මොකක්ද එක අපිට තිබ්බෙ නෑ..
හොටෙල් එකට ගියපු දවසෙ බොහොම අමාරුවෙන් කාමරේට කරල තියාගත්තෙ....හනිමූන් ඔක්කොම කැන්සල් කරල එහෙන්මම ගෙදර එක්ක ආව....ඇත්තම කිව්වොත් මට එදා ලැජ්ජා හිතුනා...
හොටෙල් එකේ හිටපු හැමෝම මන් දිහා බැලුවෙ බාල අපරාධයක් කරපු දරුණු අපරාධකරුවෙක් ගානට.ඇයි ඉතින් මේක පොඩි එකෙක් වගේ මගෙ අතේ එල්ලිලා දුව දුව එනකොට මටත් එහෙම හිතුන එකේ අනිත් අයට හිතෙන එක අහන්නත් දෙයක් යැ...
YOU ARE READING
😅!! Mine බෝලේ !!😅||PJM|| ° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °
Roman d'amour💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕