💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕
-----------------------------------------------------
Jimin's pov,
"මොකක්ද ඒ...."
සාමාන්‍ය විදියට මම ඇහුවෙ කලබල කරොත් එමී කියන්න තෙපරබාන දේ කියන්නෙ නෑ කියලා දන්න නිසාමයි...
" මම ඔන්නිට කතා කරා..."
ඉතින් ඕක අලුත් දෙයක්යෑ... දවස් තුන හතරකට පාරක් අනිවාර්යයෙන් කතා කරන එකනෙ... වාහනේ එලවන ගමන්ම මම හිමින් බැලුවෙ එමී දිහා.... ඇස් බිමට බර වෙලා ඇගිලි එකට පටලවගෙන කල්පනාවක... මට විශ්වාසයි දැන් නම් මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා...
" හරි ඉතින් කියනවකො බලන්න".
" ඔන්නි කිව්වා ටෙස්ට් එකක් කරගත්තට කමක් නෑ කියලා... මට ටෙස්ට් එකක් කරගන්න ඕනෙ මට බබාලා...."
එච්චරයි එමීට කියන්න ලැබුනෙ මම වාහනේ බ්‍රේක් එක ගහපු පාරට බෝලෙව ගැස්සුනා... මමත් බලාගෙන හිටියෙ එමී දිහා බයවෙලා බලාගෙන ඉන්නෙ මම දිහා...
" තමුසෙගෙ ඔලුවෙ මැටිද ආහ්... හරකෙක් වෙන්න ලෑස්ති වෙන්න එපා... අවශ්‍ය දේවල් අවශ්‍ය කාලෙට වෙයි... තමුසෙ දගලන්නෙ නැතුව ඉන්නවා..."
"ඒත් ඔප්පා මං කියන්නෙ..."
තවත් මොනවදෝ කියවන්න හදනාකොට මගෙත් යකා ආවේස වෙන්න වෙලා ගියෙ නෑ...
සීට් බෙල්ට් එකත් ඇදලා ගලවලා දාපු මම කෙල්ලගෙ කම්මුල් රිදෙන තරමට තදින් මගෙ ඇගිලි වලින් අල්ල ගත්තෙ තරහටම... ඒ ඇස් ඇතුලෙ නලියන කදුළු මම දැක දැකම මට ඕනෙ උනා තවත් එයාට දැනෙන්න දෙන්න.... මටත් ඔය තරමටම රිදෙනවා කියන්න...
පාර මැද්දම වාහනේ නවත්තලා තියෙන්නෙ කියලා මට තේරුනේ පිටිපස්සෙන් ඇහෙන වාහන වල හෝන් සද්දෙන්.... මම ආයෙම ටික දුරක් වාහනය අරගෙන ගිහින් පාරෙන් පැත්තකට කරලා කාර් එක නැවැත්තුවෙ හයියෙන් හුස්මක් අරගන්න ගමන්මයි...
"අහගන්නවා... තමුසෙට ඕනෙ ඔහොම ටෙස්ට් මගුලක් කරගෙන ඇවිත් ඒකෙ රිසල්ට් එනකන් දවස තිස්සෙ බලාගෙන ඉන්නද... ඔලුවට තවත් බොරු බරක් ගන්නද... හිත ඕනෙවට වඩා බර කරගන්නද... තේරුම් ගන්නවා ගොනෙක් නොවී.... මම තමුසෙට ආදරෙයි... ඔයත් එහෙමයි.... දරුවෙක් උන්නත් එකයි නැතත් එකයි.... අනික කොහෙන් ඔලුවට කඩාගෙන වැටුණු මන්දබුද්ධික අදහස්ද ඕවා...."
මගෙ කෑගැහිල්ලටම එමීගෙ බෝල ඇස් වලින් කදුළු ගලනවා.... නෑ මට ඒක ගානක් උනේ නෑ.... මොකද මම ආසම නෑ එමී සම්ප්‍රදායික මත හින්ද දුක් විදිනවට.... බැදපු හැටියෙම දරුවෙක් නෑ කියලා ගෑනීට වැරැද්ද දාලා බෝසත් වෙන මිනිහෙක් වෙන්න මට ඕනෙ කරේ නෑ...
" ඔයා ඔහොම කිව්වට ඔප්පා මිනිස්සු මොනා නොකියයිද පැටව් නැති උනාම ".
මම කෙල්ල දිහා බැලුවෙ පිච්චිලා යන තරමට රතු උන ඇස් වලින්.... මම දැක්කා මගෙ ඇස් වලට කෙල්ල බයවෙනවා...
" තමුසෙට ඔම්මා මොනාහරි කිව්වද..."
සැකේට මම ඇහුවෙ සාමාන්‍යයෙන් නැදම්මලා එහෙම කියනවලුනෙ... ඒත් මගෙ ඔම්මා මේ පොඩි කෙල්ලට එහෙම විකාර ඔලුවට දායි කියලා හිතන්න බෑ,,.
" අනේ නෑ... ඔම්මා කිසි දෙයක් කිව්වෙ නෑ....මමයි ඔම්මට කිව්වෙ මෙහෙම ටෙස්ට් එකක් කරගන්න හිතුවා කියලා.... ඔම්මත් බැන්නා ඔයා වගේම...."
"එහෙනන් මොකටද දගලන්නෙ අපි කාගෙන්වත් ඔයාට බලපෑමක් නැත්තන් දගලන්නෙ ඇයි ".
"ඇයි ඔප්පා ඔයා මං කියන එක තේරුම් ගන්නෙ නැත්තෙ.... මට හරියටම දැනගෙන හිත නිදහස් කරගන්න ඕනෙ..."
මූන බෙරි කරගෙන එමී කියන්නෙ මං දිහා බලාගෙන බයෙන්....
"එතකොට තමුසෙගෙ අන්තිම තීරණේ ඒක ද ?..."
කෙල්ල ඔලුව ඉහළ පහල යැව්වෙ ඔව් කියන්න....
නවත්තපු වාහනෙන් මම බැහැලා එමීගෙ පැත්තෙ දොර ඇරියෙ උපරිමේට තරහා පාලනය කරගෙන.... මගෙ අතකින් බෝලෙගෙ අතින් අල්ලගෙන කෙල්ලව වාහනෙන් එලියට ඇදලා ගත්තෙ කෙල්ල ඇවිත් මගෙ පපුවෙ වදිද්දි....
මහ හයියෙන් ගැහෙන ඒ පපුවෙ සද්දෙ මට ඇහෙනවා..... මමත් තරහ පාලනය කරගන්න හුස්ම හයියෙන් ඉහළ පහළ යැව්වා....
" තමුසෙ කැමති විදියකට යන මගුලක යනවා.... හැබැයි ආයෙ ගෙදර එන්න එහෙම අදහසක් තියෙනවා නම් ඔලුවෙ තියෙන කුණු හෝදගෙන එනවා.... කොහෙත්ම මීට පස්සෙ ඔය විකාර මගෙ කනේ තියන්න එපා...".
මගෙ පපුවෙ ඇලීගෙන හිටිය කෙල්ලව මගෙන් ඈත් කරලා මම වාහනේට නැග්ගෙ තරහටම මාව වෙව්ලද්දි.... බෝලෙ අඩනවා බලාගෙනම මම කාර් එක ස්ටාර්ට් කරගෙන වේගයෙන් අතුරුපාරවල් දිගේ ඔහේ පැදෙව්වෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව....
එකපාරටම මගෙ තරහ සම්පූර්ණයෙන්ම හිදුනෙ මගෙ කෙල්ල පාරෙ තනියමනේ කියලා හිතෙද්දි...
ආයෙම වේගයෙන් වාහනය හරවගෙන එමීව බස්වපු තැනටම ගියෙ මගෙ පපුව ගිනි ගන්න තරමට දැවෙද්දි.... මගෙ තරහ නිසාම පොඩි කෙල්ලෙක් කියනෙක මට අමතක උනා.... ලේසියෙන් තරහ නොගන්න මම පුංචි වචන කීපෙකට තරහ ගත්තා....
ඒ පුංචි වචන මාව රිදෙව්වා කිව්වොත් හරි.... එහෙම ටෙස්ට් කරලා බලන්න තරමට මට මගෙ කෙල්ලව අවිශ්වාස නෑ.... ඔම්මෙක් වෙන්න බැරි උනත් පුලුවන් උනත් මට අමුතුවෙන් දරුවෙක් ඕනෙ නෑ.... මට මාවම පාලනය කරගන්න බැරි තරමට තරහ එන්න හේතුව එමී මං කියන දේ තේරුම්ගන්නෙ නැති එක...
ආපහු එමීව දාලා ගිය තැනට ඇවිත් වාහනය නවත්තද්දි මම දැක්කෙ දෝතින්ම මූන වහගෙන ඉකිබිදින කෙල්ලව.... මම වාහනෙන් බැහැලා එමී ලගට ඇවිදගෙන ගියෙ මම කෙල්ලව ඇඩෙව්ව එකට පසු තැවෙන ගමන්.... මට දැනුනා ලොකු වේදනාවක් ඒ කදුළු ඉකිගැහීම් මාව නොමරා මරනවා...
කෙල්ලව තනි අතින් ඇදලා මගෙ පපුවට තුරුල් කරගත්තෙ ගැස්සිලා මගෙ චූටි මැනික ඔලුව උස්සද්දි.... හීනියට බේරෙන ඒ කදුළු මට තවත් බලන්න බෑ.... අත් දෙකෙන් ඒ මූනම පිහදැම්මෙ තරහ සම්පූර්ණයෙන්ම නැතිවෙද්දි...
"...මැනික මේ අහන්න... මට සමාවෙන්න කෑගැහුවට... සම්ප්‍රදායිකව හිතන්න එපා මැනික.... මට උබ උන්නාම ඇති... අනික බැදපු හැටියෙම මගෙ කෙල්ලව මරාගෙන කන්න මට ඕනෙ නෑ.... හැමදේම හරියට හරිවිදියට වෙයි.... මම නූනා එක්ක කතා කරන්නම් මේ ගැන... ඔයා මට පොරොන්දු වෙනවනම් රිසල්ට් එක ගැන වදවෙන්නෙ නෑ කියලා මම අවසර දෙන්නම්...."
මෙච්චර වෙලාවක් නහයත් ඉහළට ඇද ඇද මම දිහා බලාගෙන උන්න චූටි මැනික මාව තදකරලා බදාගත්තෙ සතුටින්....
නූනාට කතා කරලා හැමදේම ලෑස්ති කරලා දෙන්න හිතාගත්තෙත් ඒ හින්දමයි.______________________________
වෝට් කරන්න...😊
Author,
Nethu__lyy💗
YOU ARE READING
😅!! Mine බෝලේ !!😅||PJM|| ° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °
Romance💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕