~~~ 15 කොටස ~~~

362 72 1
                                    

💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕

-----------------------------------------------------

Jimin's pov,

After few days,

දවස් කීපයක් ගෙවීගෙන ගියෙ ඔන්නිගෙ කරුණු පැහැදිලි කිරීමෙන් පස්සෙ මගෙ අනුමැතිය ඇතිව එමී එයාට ඕනෙ කරන ටෙස්ට් ටික කරගන්න යාමත් එක්ක... ඕනෙම නැති ප්‍රශ්න රාශියක් ඇති කරයි කියලා හිතෙන හිතට මහ බරක් ගේන මේ අලුත් ප්‍රශ්නයත් එක්ක මම හිටියෙ ලෝකෙම කර උඩ තියාගත්තු එකෙක් ගානට...

" ඇයි මොකක්ද ප්‍රශ්නෙ..."

එමී ඔය ප්‍රශ්නෙම අද දවසට මගෙන් කීවෙනි පාරටද අහන්නෙ කියන්න මම දන්නෙ නෑ... හැබැයි එකම ප්‍රශ්නෙ උත්තරයක් තාමත් මට දීගන්න බෑ...

හිස දෙපැත්තට වනලා මම ආයෙම සෝෆා එකෙන් නැගිටලා ගියේ ප්‍රශ්නයක් නැතත් මොකක්දෝ හේතුවකට ඔලුවට වදදෙන බරත් එක්කමයි...

එමීව මගහැරලා කාමරේට ගිහින් මම දොරත් ඇතුළින් අගුළු දැම්මෙ නූනත් එක්ක කතා කරන්න ඕනෙ කියලා එක්සැරේට හිතට ඇතුල්වුණු හැගීමත් එක්ක...

හිමින් සැරේ රින්ග් වෙන ෆෝන් එකත් අරගෙන කාමරයේ එහාට මෙහාට ඇවිද්දෙ නොසන්සුන් වෙන හිත නිවාගන්න...

" ඔව් ජිමින් කියන්න... "

" නූනා කතා කරන්න පුලුවන්ද... වැඩක් නැද්ද ඔයාට මේ වෙලාවෙ..."

" නෑ ජිමින් මොකක්ද ප්‍රශ්නෙ... හොස්පිට්ල් එකේ තමා මම තාම ඉන්නෙ... හැබැයි කතා කරන්න පුලුවන්.."

සැනසිලිදායක හුස්මක් මගෙන් පිටවුනේ හිතේ බර නූනත් එක්ක කියලා ප්‍රශ්නය යම්තාක් දුරට නිවාගන්න පුලුවන් නිසා...

" නූනා... ඔයා දන්නවා එමීගෙ තීරණේට මම කැමති නෑ... ඔය ටෙස්ට් කරන එකට කොහෙත්ම මම කැමති නෑ... එයා වගේම මමත් ඔය කෙහෙල්මල හින්දා හුගක් ටෙන්ශන් එකේ ඉන්නෙ... ඔයාට තේරෙනව ද නූනා මේක මගෙ ඔලුවට නැති ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නෙ... මම අද හුගක්ම ඔයාට කතා කරේ දෙයක් කියන්න... පුලුවන් නම් නූනා ටෙස්ට් එකේ රිසල්ට් එක මොකක් උනත් එමීට කලින් ඒක මට ලැබෙන්න සලස්වනව ද... පුලුවන් නම් මට ඒ උදව්ව කරනවකො නූනා.."

මම කියපු වචනයක් නෑර නූනා අහගෙන උන්නෙ... එයා ඉදහිට සුසුම් හෙලනවා මට දැනුනා... එමී මට නොකියපු මොනම හරි දෙයක් නූනට කියලා ඇති... නැත්තන් කිසිම හේතුවකට නූනා මෙහෙම ටෙස්ට් එකක් කරගන්න කියන්නෙ නෑ...

" ජිමින්, ඇත්තටම මට හුගක් සතුටුයි මගෙ යොදන්සන්ට ඔයා වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබුණු එකට... වෙන කෙනෙක් ඔතන හිටියනම් හුගක් දුරට එයාම මගෙ යොදන්සන්ව ටෙස්ට් වලට එක්කන් යයි... ඒත් ජිමින් ඔයා ඒ අතින් හුගක් ඉහලයි... මං කොහොම හරි එමීට රිපෝට්ස් නොදී ඉන්නම්... ඒත් එයාට කලින් මේ හැමදේම ඔයාට ලැබෙන්න දෙන්නම්... එතකන් අපි ප්‍රාර්ථනා කරමු මගෙ එමීට ළමයි හදන්න ප්‍රශ්නයක් නැති වෙන්න කියලා..."

මට හැමදේම පැහැදිලි කරලා මගෙ හිතත් හදලා නූනා ෆෝන් එක තිබ්බෙ මට හිත හයිය කරගන්න උපදෙස් දුන්නට පස්සෙ...

කල්පනා කර කර උන්නු මම ගැස්සුනේ කාමරේ දොරට ගහන සද්දෙන්... මම හිමීට දොර අරිනවත් එක්කම කාමරේට ආවෙ එමී...

" ඇයි දොර ලොක් කරගෙන... මොකක්ද උනේ කියන්නකො... ප්‍රශ්නයක්ද..."

ආයෙම එකම ප්‍රශ්නය... උත්තර නැති එහෙමත් නැත්තන් උත්තර තිබුනත් කියාගන්න බැරි හැගීමක් මගෙ හිතේ තියෙන්නෙ...

" මම අද උදෙන්ම ඔෆිස් එකේ වැඩකට යන්න ඕනෙ එමී... එද්දි හවස් වෙයි... ඔයාට පුලුවන්ද ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න... මං පුලුවන් ඉක්මනටම එන්නන්. "

හදිසියේ රාජකාරී වැඩකට එලියට යන්න ඕනෙ හින්දම මම පිටත් වෙන්න ලෑස්ති උනේ එමීට පරිස්සමින් ඉන්න කියලා... ඔලුව උඩ පහළ කරලා හා කියන ගමන් එමී මට ඇදුම් ලෑස්ති කරා... අපි අතරෙ කතාවක් නෑ... හැමදාම එකදිගට කියවන එමී වචන පිටකරන්නෙත් හුගක් අඩුවෙන්... මම බලාගෙන උන්නෙ කිසිම සද්දයක් නැතිව වැඩ කරන කෙල්ල දිහා...

" පරිස්සමින් ඉන්න "

😅!! Mine බෝලේ !!😅||PJM|| ° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now