~~~ 4 කොටස ~~~

455 86 1
                                    

💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕

-----------------------------------------------------

Jimin's pov,

"චුටී....චූටියෝ... එන්නකො. බෝලේ... කොහෙද ඉන්නෙ".

සද්දයක් නෑනෙ....කෙල්ල කෝ....මම හැමතැනම බලන්න ගත්ත ඉතින්... කොහෙ හරි ගිහින් මොකක් හරි පිස්සු වැඩක් කරන්න බැරි නෑනෙ... මන් කාමරේට යනකොට මෙන්න ඉන්නව... මගෙ ඇදුම් නම නම ඇද උඩට වෙලා... එකම එක ආයෙ ආයෙ නමනව... මේ ලෝකෙ නෙවේ වගේ ඉන්නෙ... 

මොකක් වෙලාද මේ... ඇදුම් නවන එකත් නවත්තල නවපු ඇදුම දිහා ඔහේ බලන් ඉන්නව... දැන් නම් පොඩ්ඩක් බයත් හිතුන.... මෙච්චර දවසක් දගල දගල ඔහේ හිටපු කෙල්ල එක පාරට මෙහෙම මූන එල්ලගත්තම බය හිතෙනවනෙ අප්ප...

"බෝලෙ..."

ටිකක් ලගට ගියා ඒත් ඇහුනෙ නෑ... පොඩ්ඩක් සද්දෙ වැඩි කරල කතා කරා ඉතින්... ලගටම ගිහින්.

"බෝලෙ...."

හම්මෝ..ගැස්සුනත් එක්ක... ගැස්සිලා මන් දිහා බැලුව... ඇස් දෙකේ කදුළු පිරිල... ඒ මොකද. චූටි කම්මුල් දිගේ කදුළු ගලනවා.

මොකක්ද වෙලා තියෙන්නෙ... මම බැන්නෙත් නෑනෙ... මොකද කියල අහන්න යනකොටම මගේ බඩ මැද්දෙන් අත් දෙක දාල මගෙ බඩට හොදට මූණත් තදකරන් අඩනව හෝ ගාල... එක පාරට මොකක්ද උනේ... මම මොකුත් කිව්වෙත් නෑ... කවුරුත් ආවෙත් නෑ බයින්නවත්...

"ඇයි මැණික"

මටත් දැන් ඇඩෙන්න වගේ ඉතින්... කොච්චර බැන්නත් මේ සතියට එයාව මට ගොඩක් දැනෙනව.... මම තාම එයාව අදුරගෙන මහ කාලයක් නෑ.... ඒ උනාට එයා මෙහෙම අඩනකොටනන් මොකද්ද වෙනව වගේ ඉතින්...

"එමී... පැටියො කියන්නකො... අඩන්න එපා ඉතින්...මටත් දුකයි ඔයා අඩනකොට... මොකද උනේ ..."

"යන්න එපා....මට පාළුයි නෙ... ඔයා ගියාම මට දුකයි..."

ඉකි ගගහ අඩනව... අයියෝ මේ මම හවස යන එකටද අඩන්නෙ.... මම බයවුනත් එක්ක... පව් ඉතින් මේ සතියෙම මාත් එක්ක දගල දගල ඉදල දැන් මම වැඩට යනකොට ඉන්න බැරුව ඇති....

"ඉතින් පැටියො ඒ මගෙ රස්සාවනේ... පයිලට් කෙනෙක් උනාම සතිය දෙක ගෙදර ඉදෙන්නෙ නෑ සමහර දවස් වලට... මේ පාර දවස් පහයිනෙ බබා... මාත් එක්ක ඉන්නවනන් ඔයාට මේවට හුරු වෙන්න වෙනව ඉතින්. "

😅!! Mine බෝලේ !!😅||PJM|| ° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now