~~~ 10 කොටස ~~~

363 78 0
                                    

💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕

-----------------------------------------------------

Jimin's pov,


" එමී.... මැනික ඔයා කොහෙද.."


රෑට කාලා මම එමීව හොයන්න ගත්තෙ එයාට මගෙ ගෙදර හුරු නැති හින්දා... සද්දයක් නැති හින්දා කුස්සිය දිහාට ගියෙ ඔම්මගෙන්වත් අහනවා කියලා හිතාගෙන...

මං යනකොට නැන්දම්මයි දෝනියැන්දයි බරටම කතාව.... මං ඉන්නවද කියලවත් මෙයාට ගානක් නැති හැටියක්...

" ආහ් මෙයා මෙතනට වෙලා හොදට කෝප්ප හෝදනවා... මං බෝලෙ උබව පනදාගෙන හොයනවා... යන තැනක කියලා යමන්කො බං මගුල.."

පුරුදු විදියට මගෙ කට ඉස්සර උනේ ඔම්මත් ලග ඉන්නවා කියලා අමතක වෙලා.... ඔම්මා කට ඇරගෙන මම දිහා බලාගෙන හිටියෙ පිටසක්වලින් ඇවිත් වගේ බැල්මකින්...

මම බෝලෙ දිහා බැලුවාම පොඩි එකී ඉගි වලින් මට ඔම්මව පෙන්නලා කටට ඇගිල්ලක් තියාගෙන කතා කරන්න එපාලු... වැඩක් නෑ මගෙ කට ඉස්සර වෙලා ඉවරනෙ...

" චී... පුතා මොකක්ද ඒ කතා කරපු කැත.... තමන්ගෙ නෝනට නේද ඔහොම කතා කරේ... මම පුතාලව හදලා නෑ ගෑනුන්ට නරක විදියට කතා කරන්න ... දුව මෙයා හැමදාම දූට ඔහොමද කතා කරන්නෙ... මට ලැජ්ජයි පුතා ඔයා ගැන..."

ඔම්මා එකදිගට මට බැනගෙන යනවා මම බෝලෙ දිහා බැලුවෙ දැන් එමී කියන දේ මත මගෙ ඉතුරු බැනුම් ටික තීරණය වෙන හින්දා...

" අනේ නෑ ඔම්මා... වෙනදට ඔප්පා එහෙම නෑ.... අද තරහ ගිය හින්දා වෙන්න ඇති... මම පේන්න හිටියෙත් නෑනෙ ඒක හින්දයි ඔම්මා..."

එමී මගෙ පැත්තට කතා කරලා ඔම්මගෙ තරහව පොඩ්ඩක් අඩු කරා නැත්තන් අද දවසම ඔම්මගෙ බැනුම් තමා මට...
එමී ඇවිත් මගෙ අතින් අල්ලගෙන මාවත් ඇදගෙන සාලෙට ගියේ මට රවන ගමන්...

මං මොනවා කරන්නද එයානෙ වැරදි... මම හොයද්දි හිටියෙ නැත්තෙ එයානෙ...

" මොනාද ගොන් අලියෝ ඔම්මා ඉන්න තැන පොඩ්ඩක් වැදගත් විදියට මට කතා කරනවකො.... මොනා උනත් ඔම්මා හිතන් ඉන්නෙ එයාගෙ සුදු පුතා හොද දරුවෙක් කියලනෙ...." 

ඇගිල්ලත් දික් කරලා අතින් මට තට්ටුවකුත් දාලා එමී කියන්නෙ කටත් ඇද කරගෙන...

කතාවෙන් කතාව අපි දෙන්නම ඇවිදගෙන ගියේ මිදුලට.... රෑ කළුවරට ලාවට එලියකට කියල තිබුනෙ එලියේ තිබුන කහ පාට බල්බ් එක විතරයි.... අපි දෙන්නම මිදුලෙ පැත්තට වෙන්න තිබුනු ගහක් ගාව බංකුවේ ඉදගත්තේ අහස දිහා බලාගෙන...

හද ලස්සනට පායලා තරුත් එක්ක අහසම හුගක් ලස්සනයි... මම එහෙම්මම බැලුවෙ එමී දිහා.... ඒ මූන ලස්සනයි අහසෙ හදටත් වඩා.... පුංචි හිනාවක් කම්මුල් අතරෙ.... කවදටත් වඩා මම අදයි එමීගෙ ලස්සන දැක්කෙ කියලා හිතුනා....

හිනාවේගෙන අහස දිහාම බලාගෙන මොනවද කල්පනාවක.... මමත් ඒ චූටි මූනෙ අගලක් නෑර විදගත්තෙ මේ මගේනෙ කියන හැගීම මුලු හිත පුරාම දුවද්දි...

" මොනාද බලන්නෙ..."

එමී ඇහුවෙ මගෙ මූනටම එබෙන ගමන්.... කවදත් වගේ ඒ බෝල ඇස් ඉස්සරහ මම ගොලුවෙක්...

" ලස්සනයි "

" කවුද "

😅!! Mine බෝලේ !!😅||PJM|| ° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now