💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕
-----------------------------------------------------
Jimin's pov,
" ඇයි දැන් අඩන්නෙ.."
අතේ තිබුණු රිපෝට් ටික ටීපෝව මතින් තබමින් මම ඇහුවෙ බිම වැටීගෙන අඩන එමීගෙන්... මගෙ වචනත් එක්ක ඒ ඇස් විශාලවුනා...
" ඔයා මාව එපා කියන්නෙ නැද්ද... ඩිවෝස් කරනවා කියන්නෙ නැද්ද..."
එමීගෙ වචන මගෙ තරහ ඇවිස්සුවා... එයාගෙ කටින් ආයෙ ආයෙම ඩිවෝස් කියන වචනය ඇහෙද්දිත් මාව ගිනිගන්නවා වගෙයි මට දැනුනෙ...
"මේ කොල කෑලි වලට පුලුවන්ද උබව මගෙන් ඈත් කරන්න... එහෙමද හිතාගෙන උන්නෙ..".
මම මහ හයියෙන් ආයෙම කෑගැහුවෙ අපේ සතුට විනාස කරපු චූටි මැනිකව අඩවපු කඩදහි කෑලි දිහාවට අත දික්කරලා...
ඉතින් මොකද... මගෙ හිත කිව්වෙම එහෙම... ඒ කඩදහි කෑලිවල මගෙ සතුට නෑ... මගෙ සතුට තියෙන්නෙ එමී ලග විතරයි... දරුවෙක් කියන්නෙ පවුලකට සම්පතක් තමයි ඒත් මට ළමයි හදන මැෂිමක් ගෙදරට ගේන්න ඕනෙ කරේ නෑ... මට ඕනෙ හිත සනසන්න පුලුවන් මට සැනසෙන්න පුලුවන් පපුවක් විතරයි...
මගෙ හිත කියන කතාව එමීට කියන්න ඕනෙ ඒත් වචන කරගන්න බැරි තරම් හිත ඇතුලෙ හැගීම් නළියනවා... මට දැනෙන්නෙම මගෙ කෙල්ල මට මගහැරෙයි කියලා...
තාමත් එකසීරුවට ඉකිගහන එමී දිහා මම බලාගෙන උන්නෙ හැගීමක් නැතිව... ෆෝන් එකේ සද්දෙට සාක්කුවට අත දාලා කනින් තියාගත්තෙ සිහියක් නැතුව... මට සිහියක් තියේවිද එමීගෙ ඇස් වලින් වැටෙන කදුළු ලග...
" ජිමින්.... එමී රිපෝට්ස් ටික එයා අරගෙන ගිහිල්ලා... මට ආරංචිය ලැබුණු ගමන් මම එන්න පිටත් උනා... එමී ගෙදර කලබල කරනවා ඇති... මට හොදටම විශ්වාසයි... අනේ පොඩ්ඩක් ලගින් ඉන්න ජිමින් ඒකි මානසිකව හුගක් වැටිලා ඉන්නෙ.."
නුනා එකදිගට කියවගෙන ගියෙ එමී මෝඩ වැඩක් කරගනී කියන බයට... මමත් ඒක අත්දැකීමෙන් දන්නවා... එක විනාඩියක් සමහර දේවල් දරාගන්න බැරි උනාම එයා හැසිරෙන විදිය හොදාකාරවම මම දන්නවා...
YOU ARE READING
😅!! Mine බෝලේ !!😅||PJM|| ° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °
Romance💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕