❤️ එකලොස්වන දිගහැරීම 💚

402 107 8
                                    

අර මෝඩය හින්දා කොහොමද කෑම එක්ක තරහ වෙලා ඉන්නෙ.. ඔක්කොම තරහ පැත්තකින් තියලා රෑට හොදට කෑම කාපු මම ආයෙත් කූ ගාගා එක්ක තරහ මූනක් දාගෙන පාඩම් කරන්නෙත් නැතුව ඇදට ගියා.. ගිහින් ඔලුවෙ ඉදන් බෙඩ්ශීට් එක පොරවගෙන නිදිවගේ හිටියා.. ටිකකින් කාමරේට ආව ගීගී,

අහ් මෙන්න වැඩක් අද කලින්ම නිදි ... පාඩම් කරන්නෙ එහෙම නැද්ද දන්නෙ නෑ..

එහෙම කිය කිය ලයිට් ඕෆ් කරන් ඇදට ඇවිත් මගෙ එහා පැත්තෙන් නිදා ගත්තා.. ඊට පස්සෙ හීමීට හිමීට ඔලුවෙ ඉදන් පොරවගෙන හිටපු බොඩ්ශීට් එක පල්ලෙයාට කරලා ලාවට මගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි යවන්න පටන්ගත්තා.. හීහී එයා හිතාගෙන ඉන්නෙ මම නිදි කියලා නෙහ් ඉතින් මාත් නින්දෙන් වගේ එයාගෙ පැත්තට පෙරලිලා තුරුල් උනා.. ඊට පස්සෙ ගීගී හිමීට මගෙ ඔලුව යටින් අතදාලා මාව එයාගෙ අත උඩට අරගෙන බෙඩ්ශීට් එක දෙන්නටම පොරවගෙන මාව තුරුල් කර ගත්තා.. මම මේ සටන පාවා දුන්න එහෙම නෙමේ ... ඒ ඔක්කොම උනේ මම නිදාගෙන ඉද්දි.. හ්ම්ම්ම්ම්

මම පහුවදත් උදේ පා..න්දර හත හමාරට විතර නැගිටලා ඉක්මනට ලෑස්ති උනේ අම්මත් එක්ක බංගලාවට යන්න.. පැන්සල් 2ක් ,මකනයක් , ඩ්‍රෝවින් පොතක් පාට පෙට්ටියක් බෑග් එකට දාගෙන මම කාලා බීලා අම්මත් එක්කම බංගලාවට ආව..

ඒහ්... මම කවුද වගේ උදේම ආවට මොකද අර ශාන්ගී කියන කෙනා තාම නිදිලුනෙහ් ... අපරාදෙ එයා මට බොරු බලාපොරොත්තු දුන්න අද උදේම චිත්‍ර අදින්න යනවා කියලා මහ බොරු කාරයෙක්..

ගා'ගා නැගිටින්ඩෝ...... මෙන්න බෝබෝ ඇවිත්....
ශෙනී අක්කා පල්ලෙහා ඉදගෙන කෑ ගගහා ශන්ගාව ඇහැරවන්න පටන් ගත්තා..

දූව.. මොකද ඔයා ඔය කෑගහන්නෙ.. අයියට නිදා ගන්න දෙන්න.. එයා එයාට ඕනෙ වෙලාවට නැගිටී..

හපෝ ඔය ආවෙ බටකොල ආච්චි .. හහ් .. පුදුම නපුරුකමක් තියෙන්නෙ මෙයාගෙ .. මටනම් ආච්චියෙක් නැති තරමටම හොදයි.. මේවගේ ආච්චිලා ඉන්නවට වඩා හොදයි නැති එකම..

නෑ ග්‍රැනී ගා'ග බෝබෝට එන්න කියලා අද චිත්‍ර අදින්න යන්න.. ඒත් ඉතින් එයා නිදි ඒකයි මම කතා කලේ..

එන්න කිව්ව පලියට උඩ පැනගෙන ආවනම් ඉන්නෙ නැතෑ නැගිටිනකං ...

ඈයකෝ දැන් මම ආපු එකේද වැරැද්ද එතකොට.. මට එන්න කියලා නිදියපු එකේ නෙමේද... යකාගෙ කතා තමා ඒව..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now