එදා දවස ඒ විදිහට ගෙවිලා යද්දි පහුවදා මම කම්මැලි කම පැත්තකට දාලා කලින් නැගිට්ටෙ ඉස්කෝලෙට කලින් යන්න හිතාගෙන.. කොහොමත් අරුන් දෙන්නා ඇවිත් පැය කාලක් විතර ගේ ඉස්සරහ හිටගෙන ඉන්න හින්දා ඒ පැය කාල මම පරක්කු නොවුනොත් කලින් ඉස්කෝලෙට යන්න පුළුවන් වෙනවා.. ඉතින් ඉක්මනට නැගිටලා මූන හෝද ගත්ත මම හොදලමයෙක් වගේ වේලාසනම ගෙදරින් එලියට බැස්සෙ ගෙදර අය වගේම අරුන් දෙන්නවත් පුදුම කරවන ගමන්..
බින් චෙන් ගාවට ගිය මම මොකුත් නොකියම ඉක්මනට ඉක්මනට ඉස්කෝලෙ පැත්තට යන්න පටන් ගද්දි ... බින් දුවගෙන ඇවිල්ලා මගෙ අතින් අල්ලගෙන ඇයි කියලා ඇහුවා..
ඇයි මේ හදිස්සියෙන් යන්නෙ හිමින් යමං අද කලින් ....
"යං යං කලින් යන්න ඕනෙ "
ඇයි ඒ හිමින් යමං එතකොට අපිට කාර් එකේම ගියෑකි..
" ඇයි උබ මීට කලිනුත් ඉස්කෝලෙ ගියෙ කාර් එකේද මෙන්න මෙහෙ වරෙන් ... මට ඕනැති කාර් එකක් නෑ"
ඔව් මාත් මුට කිව්ව අද නම් කාර් එකේ යන්න බෑ කියලා .. චෙනුත් මගෙ පැත්තට කතා කරද්දි බින් නිකම්ම කට වහ ගත්තා..
අපි තුන්දෙනා දුවගෙන දුවගෙන වගේ ඉස්කෝලෙට ආවෙ මගදි බැරිව්වෙලාවත් ශාන්ගී ගෙ කාර් එක හම්බවුනොත් අනිවාර්යයෙන් ම යන්න වෙන හින්දා.. ඇත්තම කිව්වොත් අද මම කලින් නැගිටලා කලින් එන්න හේතුව තමා ඕක මට ඕනෙ නෑ ඔය කේලමාගෙ කාර් එකේ යන්න.. ඒත් බැරි වෙලාවත් මගදි හම්බවෙලා කතා කලොත් යන්න වෙනව මොකද මැඩම් ලීසට බෑ කියන්න බෑ.. ඒක හින්දා කෝකටත් හොදයි නෙහ් කලින් යන කියලා මම කලින් එන්න තීරණය කලා.. අපි ඉස්කෝලෙට ඇවිත් විනාඩි කීපයකින් මැඩම් ලීසාත් ඉස්කෝලෙට එනව දැක්ක.. ඒ කියන්නෙ අපි නූලෙන් තමා බේරිලා තියෙන්නෙ.. කොහොම උනත් අපිට හැමදාම මේ සෙල්ලම කරන්න බෑ... ඇරත් ඉතින් මට මැඩම් ලීසාව තරහා කර ගන්න බෑ... කොහොමින් කොහොම හරි හැංගි මුත්තු හැංගියෝ කියලා ලීසා මැඩම්ව දකින ගානෙ කණු වලට ගස් වලට මුවා වෙවී හැංගි හැංගි හිටිය අපි තුන්දෙනා ගනිතය පීරියඩ් එකේදි මැඩම් ලීසාගේ අතටම අහුවුඋනා..
යීබෝ ඔයා දෙවනි ගාන බෝඩ් එකට ඇවිත් හදන්න..
මැඩම්ගෙන බේරෙන්න ඔලුවවත් උස්සන්නෙ නැතුව බරටම ගණන් හදපු මම මැඩම්ගෙ කටහඩත් එක්ක ඔලුව ඉස්සුවෙ ඔලුව නොඋස්සා බැරි කමට.. ඒත් උස්සපු ඔලුව ආයෙමත් ඒ වේගෙන්ම නවා ගත්තෙ ඇස්දෙකත් පුංචි කරගෙන මගෙ මූණ දිහා බලාගෙන ඉන්න මැඩම්ට මූන දෙන්න බෑ වගේ දැනිච්ච නිසා..
YOU ARE READING
🏡The Abode of Destiny 🏡❤ zhanyi ff 💚( ongoing )
Fanfictionහැමදේම වෙන්නෙ හොදටයි කියනව නෙහ් 😌