❤️ තිස් තුන්වන දිගහැරීම 💚

331 106 39
                                    

* අකුරු අඩුපාඩු ඇති අනේ චුට්ටක් හදාගෙන කියවනද..තරහා නැතුව

ශාන්ගී ගියාට පස්සෙ ගෙට ආපු මම හිමීට කාමරේට රිංගලා තුවායත් අරගෙන හීන්සීරුවට ගිහින් ඇග හෝද ගත්තෙ බැරි වෙලාවත් කවුරු හරි මගෙ වෙනසක් දකී කියලා හිතුන නිසා....

ඇගත් හෝදගෙන කාමරේට ආපු මම කාමරේට ගිහින් පොත් දෙකකුත් අරගෙන කුස්සියෙ මේසෙට ආවෙ අම්මා කෑම හදනකන් පාඩම් කරන්න හිතාගෙන .. මොකද අද කෑම කෑවයින් පස්සෙ පාඩම් කරන්න වෙන්නෙ නෑ කියලා මම දන්නව...

කෑම කාලා එහෙම ඉවරවෙලා ජියේගෙ හපන්කම අම්මා ,තාත්තට කිව්වම වෙන දේවල් වලින් පස්සෙ ජියේ අනිවාර්යයෙන් මටත් මොකක් හරි ආඩපාලියක් කියනවා .. ඉතින් ඒව අහලා හිත රිද්දගෙන පාඩම් කරන්න බැරි නිසායි, මේ දවස් ටිකේම හිතේ නිදහසක් තිබ්බෙ නැති නිසා පාඩම් නොකරපු නිසයි මම අදවත්  චුට්ටක් පාඩම්  කරන්න හිතුවා.. ඉතින් එහෙම පාඩම් කරන්න මම පුටුවෙන් වාඩිගත්තා.. ඉදගෙන පාඩම් කරන්න පොත් පෙරලුවත් වෙනදට මම මෙතනට ආව වෙලාවෙ ඉදන් එක එක ඒව කිය කිය මාත් එක්ක කතා කරන අම්මා සද්ද නැතුව ඉද්දි මට පාඩම් කරන්න බෑ වගේ හිතුනා...ඉතින් ආයෙමත් පොත වහලා දාලා ,නාහෙ ඉහලට ඇද ඇද ලිපට පිබින අම්මා ගාවට ගියා.. මං ලගට ආවත් අම්මා මගෙ දිහාවත් නොබලා ලිපට පිබිද්දි මම ගිහින් චුට්ටක් අම්මගෙ ඇගේ ඇතිල්ලුනා.. 

අහකට යන්න දරුවෝ මම වැඩක්...අම්මා ලිප දිහාම බලාගෙන කියද්දි මම එතනින් අයින් නොවී තව ච්ට්ටක් අගේ අතිල්ලුනා..

පුතූ කියන දේ අහන්නකෝ ලමයෝ අම්මා වැඩක් නෙහ් පේන්නෙ නැද්ද ඔයාට

" අම්මා ඇයි තරහෙන් වගේ " 

මම හේතුව හොදටම දැනගෙන හිටියත් අම්මගෙන්ම දැන ගන්න ඕනෙ නිසා එහෙම ඇහුවෙ දන්න බවක් අගවන්නෙ නැතුව. 

මම තරහෙන් නෙමේ ඉන්නෙ.. යන්න අහකට ගිහින් පාඩම් කරන්න කෑම ටික හරි යනකං

........

ඉතින් ආයෙත් මොකුත් අහපුනැති මම ගිහින් මේසෙට ඉදගද්දි අම්මා ආපස්සට හැරිලා මා දිහා බැලුවා..  බලලා අත් දෙක ඇදුමෙ පිහ දදා ඇවිත් මාව එයාගෙ ඇගට තදේට තුරුලු කර ගත්තා.. 

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now