ඒත්....
ඒත් යන්න හැරුනට අපිට යන්න හම්බුනේ නෑ... හරියටම අපි කෙලින් .. අපිට ටිකක් ඉස්සරහින් අත් දෙකත් පපුව මැද්දට බැදගෙන බලාගෙන ඉන්න ශාන්ගී යි මූන කලු කරගෙන ඇස් දෙකත් රතු කරගෙන තරහෙන් පුපුර පුපුර ඉන්න තාත්තයි බලාගෙන ඉන්නකොට ඇත්තමයි මට ආපහු හැරිලා ගගටම පනින්න හිතුනා. මම හිතන්නෙ මට විතරක් නෙමේ අනික් දෙන්නටත් ඒ ටිකම හිතිලා තිබ්බ කියන්න මූනෙන් හොදට පෙනුනා ..දැනටම බිනාගෙ ඇස් වලට කදුලු පිරිලා තියනකොට චෙන්ට හොදටම දාඩිය දාලා තිබ්බා.. තවමත් තාත්තාවත් ශාන්ගී වත් වචනෙයක් වත් කිව්වෙ නැති කොට අපිත් හිටපු තැනම හිටගෙන බිම බලාගෙන උන්නා.. ඒත් ඊට විනාඩි දෙක තුනකට පස්සෙ ශාන්ගී කාට හරි කෝල් කරනව ඇහුනත් අපි ඔලුව උස්සලා නම් බැලුවෙ නෑ..
නෑ.. මිස්ටර් ලුවී අද මටවත් පපාටවත් එන්න වෙන්නෙ නෑ.. ඒක හින්දා හෙටට වැඩේ කල් දාගමු..
.....
හරි හරි මිස්ටර් ඔයාලා රස්තියාදු වෙයි කියලා හිතුන නිසයි කිව්වෙ කලින්ම යන්න එපා කියල ..
......
ඔව් හෙට එන්නම් ඒ වෙලාවට..
....
හරි හරි.. මට එන්න ඒ පැත්ත දන්න කෙනෙක් ඉන්නව ..
...
ඔව් හරී.. අයෑම් වෙරි සොරි මිස්ටර් ලුවී අද එන්න බැරි වෙනවට.. අයෑම් සොරි ..
....
ඕකේ ගුඩ් බායි ...
ශාන්ගී කෝල් එක ඉවර වෙලා විනාඩි කීපයක් යනකන් ආයෙමත් අපි අතරෙ තිබ්බෙ නිහැඩියාවක්..
පලයව් තුන්දෙනාම..
කවදාවත් නැති තරම් හයියෙන් ,කවදාවත් නැති විදිහෙ තරහකින් තාත්තා කෑගහනකොට මට ඉබේම තාත්තාගෙ මූන දිහා බැලුනා..තවත් මොනවද බලාගෙන ඉන්නෙ පලයව්..
අංකල් වාහනේ එක්කගෙන යමු..
නෑ.. මහත්තයා ඕනෙ නෑ.. මුන් ආපු විදිහටම එයි නෙහ් ...
නෑ.. නෑ.. කමක් නෑ එක්ක යමුකෝ.. අපි..
......
නගින්න ගිහින් තුන්දෙනාම වාහනේට , අතන පාර අයිනෙ තියෙන්නෙ..
YOU ARE READING
🏡The Abode of Destiny 🏡❤ zhanyi ff 💚( ongoing )
Fanfictionහැමදේම වෙන්නෙ හොදටයි කියනව නෙහ් 😌