හ්ම්ම්... හරි පැටියෝ..ඔයා ඕනෙ තරම් කාලයක් ගන්න... මගෙන් ඔයාට කිසිම බලපෑමක් නෑ.. අනික ඔයා මොන තීරණය ගත්තත් මම තරහ වෙන්නෙත් නෑ...මගෙ ආදරේ අඩුවක් වෙන්නෙත් නෑ... එහෙනම් දැන් යමු.." හා.."
මම හා කියලා එතනින් නැගිටලා ගෙනාපු බෑග් එකත් අරගෙන එන්න ආව.. ඒ එන අතර තුරත් යද්දි අල්ලගෙන ගියා වගේම ශාන්ගී මගෙ අත අල්ලන් එනකොට මට උදේ නොදැනුනු හැගීම් ගොඩක් දැනෙන්න අරන් තිබ්බා..
ඒවට හැගීම් කියලමත් කියන්න බෑ හරියටම කිව්වොත් ඒව දැනීම් ,ශාන්ගී ගෙන් මට දැනෙන දැනීම්.. ශාන්ගී ඒ විදිහට මගෙ අතින් අල්ල ගත්තම මට පලවෙනියටම දැනෙන්න ලොකූ ආරක්ෂාවක් .. පිටිඅල්ලත් එක්ක අහුවෙන්න මැනික්කටුව ගාවින් මගෙ අත අල්ලගෙන හරි පරිස්සමට මාවත් එක්කගෙන ඉස්සරහට යද්දි ඒ මට එයාගෙන් දැනෙන ආරක්ෂාව තාත්තා මගෙ ලග ඉන්නකොට දැනෙන ආරක්ෂාවට බොහෝ දුරට සමාන උනා.. තව ඒ අත ඕනෑවටත් වඩා උනුසුම් කියලා මට දැනුනෙ ගස් අතරින් යද්දි එන සීතල නිසාද කියන්න මම දන්නෙ නැති උනත් සීතල වෙලාවක, එහෙම නැත්තම් හිතරිදුනු වෙලාවක ඒ අත් අතරට වෙලා උනුහුමට ගුලි වෙලා ඉන්න මට ආසාවක් ආව.. දැන් මට මතක් උනේ එදා එයා කිව්ව නෙහ් මම එයාගෙ ඇග උඩ නැගගෙන නිදා ගත්තා කියලා හරි තමා එහෙම කරන්න ඇති මොකද මට රෑ මැදදි මේවගේ රස්නයක් දැනුනා කියලා යන්තමට වගේ මතකයි.... වෙනදා නොදැනිච්ච විදිහට අද මට ඒ අල්ලගෙන ඉන්න අතින් නොතේරෙන දේවල් ගොඩක් දැනෙන්න දැන් මම එයාගෙ හිතේ ඉන්න කෙනා දන්න නිසා වෙන්න ඇති කියලා මට හිතුනා..
ඔය වගේ දේවල් හිත හිත එකම එක වචනයක්වත් කතා කරන්නෙ නැතුව බංගලාවට එනකන් ආපු අපි කුස්සියෙ දොරෙන්ම ඇතුලට යද්දි ,අපිව දැකපු ගමන් මැඩම් ඇහුවෙ ඇයි කලින් දවල් වෙනව කියලා කිව්ව නේද කියලා ... එතකොට ශාන්ගී කිව්වෙ චිත්රෙ ඇදලා ඉවර කර ගන්න පුළුවන් වුනා ඒක හින්දා ඉක්මනට ආව කියලා .. ඊට පස්සෙ මගෙ දිහා බලලා යන්නම් කියන්න වගේ ඔලුව වනලා ගේ ඇතුලට යන්න ගියෙ මායි අම්මයි මැඩමුයි විතරක් කුස්සියෙ ඉතිරි කරන ගමන්..
" අම්මා මට නිදි මතයි ගෙදර යන්නද.. "
ඔයා තනියම නෙහ් පුතූ ගියාම...
YOU ARE READING
🏡The Abode of Destiny 🏡❤ zhanyi ff 💚( ongoing )
Fanficහැමදේම වෙන්නෙ හොදටයි කියනව නෙහ් 😌