ගෙදර ආපු මට අම්මයි තාත්තයි ග'ගයිත් තෑගි තුනක් දුන්නා.. ඔක්කොම ටික හෙටම කඩලා බලනවා කියලා හිතපු මම මූන කට හෝදගෙන ඇදට ආව..
පහුවදා දවසත් වෙනසක් නැතුව ගෙවිලා යද්දි කලින් දවසෙ යාලුයි කියලා ඉගියක් විතරක් දීපු ශාන්ගී එදත් මාත් එක්ක කතා කලේනම් නෑ... මට මොකෝ මාත් කරන්නෙ නෑ.. එයාට එපා නම් මටත් එපා.. එහෙම හිතලා මම හිත හදා ගත්තත් හවස බංගලාවට ගිය වෙලාවෙ දෙතුන් පාරක්ම ශාන්ගී දිහා නොබැලුවාමත් නෙවෙයි ඉතින් ... කොහොම හරි ගෙදර ඇවිත් හම්බුනු තෑගි ටික කඩලා බලද්දි මට ආයෙමත් ඇඩෙන්න ආවා.. අම්මගෙන් ලස්සන කොලපාට ටීශර්ට් එකක් , තාත්තගෙන අලුත් සෙරෙප්පු දෙකකුත් ග' ගා ගෙන් කලු පාට කැප් එකක් ,මැඩම්ගෙන් පෑන් පැන්සල් ඇතුව පොත් සෙට් එකක් ,ශෙනී ජියේ ගෙන් ලස්සන සුදු ටෙඩියෙක් එතකොට ශාන්ගී ගේ තාත්තාගෙන් මේසෙ උඩ තියන්න පුළුවන් ලයිට් පත්තුවෙල ලෝක ගෝලයක් වගේම ශාන්ගී ගෙන් මම හුගාක් ආසාවෙන් හිටපු පේන්ටින් ටූල් එක්කම තියන වෝටර් කලර් සෙට් එකක් මට හම්බවුනා.. ඒ විතරක් නෙමේ එදා මම ආපහු දීපු චොක්ලට් එකත් එක්ක තව චොක්ලට් පෙට්ටියක් ඒ තෑගි පාර්සලේ තිබ්බා..
එදා උපන්දිනෙන් පස්සෙ මගේ හිතේ තිබ්බ තරහ ටිකෙන් ටික අමතක වෙලා ගියා . එත් සම්පූරනයෙන්ම නම් අමතක උනේ නෑ.. මොකද ඉස්කෝලෙ යන එන හැම වෙලාවකම අර පාර දකිද්දි මට ඒ සිද්දිය මැවිලම පෙනුනා.. ඉතින් ඒ මතක් වෙන හැම වෙලාවකම මම ශාන්ගී එක්ක තරහ උනා වගේම එයා " මම වෝටර් කලර්ස් ටිකකට තරහ පාවලා දුන්න "කියලා මට හිනා උනා.
දැන් හැමදාම උදේට මටයි බින්ටයි චෙන්ටයි බංගලාවට හැරෙන පාර ගාවට වෙලා කාර් එක එනකන් බලාගෙන ඉන්න එක පුරුද්දක් වෙලා තිබ්බා..
YOU ARE READING
🏡The Abode of Destiny 🏡❤ zhanyi ff 💚( ongoing )
Fanfictionහැමදේම වෙන්නෙ හොදටයි කියනව නෙහ් 😌