පහුවදා උදෙත් සුපුරුදු විදිහටම පරක්කු වෙලා නැගිට්ට මම දඩිබිඩිගාලා ලෑස්ති වෙලා පාරට යද්දි ගේ දිහා බලාගෙන පාරට වෙලා හිටගෙන ඉන්න චෙන් බින් දෙන්නව දැක්කම බකස් ගාලා හිනා ගියා.. හිනාගියෙ වෙන මොකුත් හින්දා නෙමේ උන්දෙන්නගෙ මූනු දෙක දැකලා.. චෙන්ගෙ මූන නිකන් දෙබරු ඇනලා වගේ තියෙද්දි බින්ගෙ මූන කරත්තෙට අහුවෙච්ච කෙහෙල් ලෙල්ලක් වගේ වෙලා තිබ්බා.. ඒ මූනු දෙක දැකලා මම බඩ අල්ලගෙන හිනාවෙද්දි පැයට කිලෝමීටර් එක්දාස්පන්සීයක විතර වේගෙන් මගෙ ගාවට ආපු චෙන් අත දිගෑරලා මගෙ පිටට හොදපාරක් දුන්නා.. එහෙම ගැහුවත් මට මගෙ හිනාව නවත්ත ගන්න බැරිවෙද්දි චෙන් අර ආපු වේගෙන්ම අපි දෙන්නව දාලා යන්න පටන් ගත්තා.. මම බොහොම අමාරුවෙන් හිනාව නවත්තගෙන බිනාත් එක්ක චෙන්ගෙ පස්සෙන් දුවද්දි චෙන් බංගලාවට හැරෙන තැන තිබ්බ ශාන්ගීගෙ කාර එක ගාවට වෙලා හිටගෙන ඉන්නව අපි දැක්කා.
හරි නෙහ් ඔය උනේ අද අතටම අහුවෙලා නෙහ් අපි .. දැන් ඉතින් මක්කැයි කොරන්නෙ.. ඊයෙ අර ගොන් වැස්සි කිව්ව කතාවත් එක්ක අද මගෑරලා යන්නත් බෑ... ඒත් ශාන්ගීගෙ මූන බලන්නත් බෑ...
බෝයා.. මොකෝ කරන්නෙ යනවද කාර් එකේ..
" අනේ මන්දා.. යන්න වෙනව නේද "
ඒක නෙහ් ලීසා මැඩමුත් ඉන්නව..
.....
ඔන්න ඔහෙ යමන් කවදා වෙනකං කියලා නොයා ඉන්නද බං..
.......
බින් එහෙම කියලා ඉස්සර වෙලා කාර් එක ගාවට යන්න ගියා. මාත් ඒ පස්සෙන් ම ගිහින් කාර් එකට නගිනකොටත් චෙන් නැගලා බුම්මගෙන ඉදගෙන හිටියා.
හරි නේද පුතාලා... යමු ශාන්.
ලීසා මිස් එහෙම කිව්වම ශාන්ගී කාර් එක ස්ටාර්ට් කරගෙන යන්න පටන් ගත්තා.. ඒ යන අතර මගදි චෙන් ශාන්ගී දෙන්නා සැරෙන් සැරේ කතා කලත් බින්වත් මමවත් මොකුත්ම කියන්න ගියෙ නෑ.. ඒත් ලීසා මැඩම් නම් දෙතුන් පාරක් මා දිහා බලලා හිනා වෙලා මොනවා හරි කියන්න හදනව කියලා මට තේරුනා ඒත් ශාන්ගී ඒ හැම වෙලාවකම ලීසා මැඩම්ට කතා කරන්න නොදී චෙන්ට මොනවා හරි කියනකොට ලීසා මැඩම් ඒ කියන්න හදපු එක ගිල ගත්තා.. දෙතුන් පාරක් එහෙම උනාට පස්සෙ ලීසා මැඩම් ආයෙ මගේ දිහා බැලුවෙ නෑ වගේම ඊට පස්සෙ ශාන්ගී චෙන් දෙන්නත් කතා කලේ නෑ..
YOU ARE READING
🏡The Abode of Destiny 🏡❤ zhanyi ff 💚( ongoing )
Fanfictionහැමදේම වෙන්නෙ හොදටයි කියනව නෙහ් 😌