ඊට පස්සෙ හවස් වරුවම මම ශාන්ගී එක්ක ගෙවලා දාද්දි හයට කිට්ටුවෙලා තිබ්බ නිසා අම්මා ගෙදර යන්න ලෑස්ති වුනා...
යැන්ලි දුවව එක්කගෙන පයින් යන්න බෑ නෙහ් මම පුතාට කියන්නම් ඔයාලව ගෙනිහින් දාන්න කියලා ...
අනේ ඕනේ නෑ නෝනා එයාට යන්න පුළුවන් වෙයි පයින් ටික දුර නෙහ්..
අනේ අම්මා ශාන් ග'ගට කියලා ගෙනිහින් දාගමුකෝ හවස් වෙන්න හවස් වෙන්න කැක්කුම වැඩි වෙනව වගේ...අප්පා ...
මැඩම් කිව්ව එකට අම්මා බෑ කියද්දි ජියේ අරහෙම කිව්වෙ මගෙ හිතේ එයා ගැන තවත් අපැහැදීමක් ඇති කරන ගමන් ...
දූ මොකටද බොරුවට බේබිට කරදර කරන්නෙ පයින් යමූ..
එතකොට අම්මා ඔයාට පේන්නෙ මම බොරු කරනව වගේද ආ... ඔයාටත් මේකට මොකක් හරි උනාම තමා රිදෙන්නෙ මගෙ ගැන ගානක්වත් නෑ...
දැන් මම කිව්වද ලමයෝ ඔයා බොරු කරනවා කියලා මම කිව්වෙ බේබිට කරදර කරන්නෙ බොරුවට කියලා...
කමක් නෑ කමක් නෑ යැන්ලි මම පුතාට කියන්නම් ගෙනිහින් දාන්න කියලා..
ජියේ ඒ විදිහට අම්මටත් කෑ ගහලා එයාගෙ ඉල්ලිම දිනා ගද්දි ,මැඩම් ගියෙ ශාන්ගීට කියල අපිව ගෙනිහින් දම්මවන්න..
ඊට පස්සෙ අපිතුන්දෙනාම ගෙයින් එලියට ඇවිත් මිදුලෙන්හිඅගෙන හිටියෙ ශාන්ගී කාර් එක මිදුලට ගන්නකම් ... ශාන්ගී කාර් එක ගෙනත් අප් ගාවි නවත්තද්දි , අම්මගෙ ඇගට වාරුවෙලා අමාරුවෙන් වගේ හිටිය ජියේ ඉක්මනට කාර් එකේ ඉස්සරහ දොර ඇරලා නගින්න හැදුවත් ,
දූ පිටිපස්සට නගින්න..... කියලා අම්මා කිව්වා..
තුන්දෙනෙක්ට ඉඩ මදි පිටිපස්සෙ ... මම ඉස්සරහට නගින්නම්.. ඔය දෙන්නා පිටිපස්සට නගින්න. හිරවෙලා ගියොත් මගෙ කකුල පෑරෙයි..
එහෙම කියන ගමන් ජියේ ආයෙමත් ඉස්සරහට නගින්න හදනකොට, ඇරලා තිබ්බ දොරෙන් සම්පූර්න සිද්දියම දැක්ක ශාන්ගී,
යැන්සි ඉස්සරහට නැගලා ඔයාට හොදට කකුල දිගෑරගන්න බැරිවෙයි .. ඒක හින්දා ඔයා පිටිපස්සට නැගලා ඉඩ මදි වගේනම් ඩිඩීව ඉස්සරහට දාන්න...
YOU ARE READING
🏡The Abode of Destiny 🏡❤ zhanyi ff 💚( ongoing )
Fanfictionහැමදේම වෙන්නෙ හොදටයි කියනව නෙහ් 😌