මනමාලීගේ අයියා

2.2K 424 78
                                    

පස්වන කොටස


නිවාසේ ඉන්න කාලේ දෙන්නෙක්එක්කත් සමහරවෙලාවට එකම ඇඳකනිදාගෙන පුරුද්ද වාසියටගියා. කෝණාරටනම් එහෙම පුරුද්දක් ඇත්තෙම නැහැ. 

නිදාගන්න කාමරේට ආවමයි දෙන්නටම ලැජ්ජාව මතුවුනේ. කෝණාර "අපිදෙන්නා ඔක්කොම කරලා තියෙන්නෙ..." කිව්වට, නිදාගන්න ලෑස්තිවෙලා කොටකලිසමයි පොඩි බනියමයි ඇඳගෙන ඇවිල්ලා අලුතගෙනා මනමාලිවගේ ඇඹරෙන්නගත්තා. එකටම මම කල්පනාකළේ කාමරේ පැත්තක හිස්තැන්පුරවන්න තියපු ලොකු සෝෆාවේ නිදාගන්න. 

"අප්පච්චිලා අපිදෙන්නා වෙනම නිදාගෙන ඉන්නවා දක්කොත්?" 

දෙකයිපනහේ හේතුවක්.

හැබැයි ඉතිං... මෙට්ටෙයි සිල්ක් බෙඩ්ශීට්එකයි දකිනකොටනම් මටත් ඇඳේනිදාගන්නමයි හිත.

මම කොට්ටෙකුයි බෙඩ්ශීට්එකකුයි වෙන්කරගත්තා. "එහෙනම් මම මේපැත්තට වෙන්න නිදාගන්නම්.." 

නිදාගන්නවා එහෙම ලෑස්තිවුනාට මට නෙමෙයි නින්දගියේ. උඩ සුදුපාට වියනදිහා බලාගෙන මම දවසේ සිදුවීම් එකින්එකට කල්පනාකළා. මට වැඩිපුරම හිතට වදදුන්න එකමඑක කාරනාවක්. 'අපිදෙන්නා කරන්නේ බොරුවක් කියලා කෝණාරලගේ තාත්තලා දැනගත්තොතින්?' ඒඅය මංගැන මොනවාහිතයිද? 

ජනේලයක්වත් ඇරලා නොතිබ්බට ඇඟවෙව්ලන තරමට සීතල. කර්ටන් එකෙන් වහලා නොතිබුණ ජනේලෙන් එලියේ කලුපාට අහසේ නියපොත්තක හැඩේගත්ත හඳ, කන්ද උඩින් එල්ලලාවගේ මට පෙණුනා. නිදාගන්න කියලා බැඳගත්ත කෝණාරගේ කොණ්ඩේ කැඩිලා කොට්ටෙපුරාවට විසිරිලා ගිහිල්ලා. 

පැයක්විතර යනකොට කෝණාර මට තුරුල්වෙලා දන්නෙම නැතුව. "සීතලට වෙන්නඇති" මම හිතහදාගත්තා.

උදේ නැගිටිනකොට මම විතරයි ඇඳේ.

*    *    *    *    *   

පුරුද්දට පාන්දර ඇහැරිල- ආයෙමත් එහෙම්මම නිදාගත්තා.

ලෙක්චර්ස් නෑ... පාඩම් කරන්න නෑ... නිවාඩුවනේ!

ඉන්නේ කෝණාරලගේ ගෙදර කියල සිහිකල්පනාවට ආවේ ඊටපස්සේ. 

සයිඩ් ටේබල්එකේ උඩ තිබුන ෆෝන්එක බැලුවේ පුරුද්දටවගේ. අතියන්තම්! ඊයේ යවපු මැසේජ්එක රිසීව්වෙලා. උපුලී නංගි ස්මයිලි ෆේස්එකක් එක්ක තම්බ්ස් අප්එකක් එවලා තිබුණා. දවල් වෙනකල් ඇඳේම ඉන්න ආසහිතුනත්, "මමණ්ඩිලා දෙන්නා මොනවා හිතයිද?" මම මගේම පිස්සු අදහස්වලට හිනාවීගෙන කාමාරේ බාත්රුම් එකට ගිහිල්ලා මූණකට හෝදගෙන නාලා පහලට ගියා.

වේතාලWhere stories live. Discover now