වේතාලයා

2.2K 419 78
                                    


අටවන කොටස 


"නෑ! ඒ බිත්තියේ එල්ලපු චිත්‍රේ නෙමෙයි...

"ධිනාදීට ශුවර්ද? පොත බලබලඉඳලා නැගිටිද්දී හිතේ තිබුණේ ඒගැන නිසා ඉබේටම ජනේලෙන් චිත්‍රේ පේනකොට හිත ගැස්සුනාද දන්නේනැහැ..." සංඛ අංකල් නළල රැලිකරගෙන මගෙන් ප්‍රශ්නකළා.

මම අතේ තිබුණ වතුරවීදුරුව ඇඟිලිවලින් තදකරගෙන ඔලුව දෙපැත්තට වැනුවා.

ඇත්ත... හොල්මනක් අවතාරයක් දක්කා කියද්දී කවුද විශ්වාසකරන්නෙ? මහසොහොන් රූපයට සමාන අවතාරයක් ජනේලේ එලියේ ගස් පෙළියට සමීපයේ හිටගෙන ඉන්නවා දැක්කා කියලා හිතට දැනෙමින් තිබුණ විශ්වාසය ටිකෙන්ටික අඩුවෙන්න ගත්තෙ සංක අංකල් ඒවගේ ප්‍රශ්න මතුකරනකොටයි.

පුස්තකාලය ඇතුළෙ ඉන්නකොට මාව දැකලා තියෙන්නේ පොඩි මාමා. එළියගටගිය අය මහ එනවා- රෑට හදපු රොටී උණුවෙන්ම කන්න කියලා කතාකරන්න හොයාගෙන එනකොට පුස්තකාලේ පුටුව උඩ මට නින්ද ගිහිලා කියලා තමයි පොඩිමාමා හිතලා තියෙන්නේ. නිදිනෙමෙයි සිහිසන්වෙලා කියලා දැනගෙන මගේ මූණට වතුරටිකක් ඉහලා මාව වාත්තුකර ගන්නකොටමයි කෝණාරගේ තාත්තලා දෙන්නා ඉස්සරහ දොරින් ඇතුල්වුනේ.

සංක අංකල් මාව පුලුංගෝනියක් වගේ අත්දෙකින් උස්සගෙන සාලේ දිගසෝෆාවට ගෙනල්ලා තියද්දී කෝසල අංකල් කීපදෙනෙක්ටම තකහනියෙ කෝල්කරනවා මම යන්තමින් දැක්කා. තව විනාඩියක් යන්න කලින් කැලේපැත්තෙන් බල්ලෙක්ගේ උඩුබිරිලුම් හඬක් ඇහෙන්නගත්තේ මගේ ඇඟ සීතල කරවන ගමන්. මාව සන්සුන්කරගන්න කෝණාරගේ තාත්තලා දෙන්නට තවත් විනාඩි පහක්විතර ගතවුනා.

පස්සෙයි මගේ හැසිරිමගන පොඩි ලැජ්ජාවක් ඇතිවෙන්න ගත්තේ.

අවුරුදු දහනවය කොල්ලෙක් හොල්මනකට බයවෙලා කියද්දි...

හැබැයි කෝණාරගේ තාත්තලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් නෙමෙයි මට විහිළුකලේ.

සංක අංකලුයි කෝසල අංකලුයි දෙන්නා ඇස්වලින් කතාකරගත්තේ හරියට මම කියපුදේ විශ්වාසකරපු ගාණට. වත්තේ පැත්තෙන් ආයේආයෙමත් උඩුබිරලුම් කීපයකැහුණට ඒහඬ එන්න එන්නම ඈතටයනවා මටදැනුනා.

වේතාලWhere stories live. Discover now