දහඅටවන කොටස
වයසින් තලතුනා පිරිමි පෙනුමක් අරගෙනහිටියට තිස්සට ඇඟෙපතේ හයියේ අඩුවක්නම් නොතිබුණතරම්. පුංචි ලමයෙක්ව හරහට වඩාගෙනයන අම්මාකෙනෙක්වගේ සංක අංකල්ගේ පිටිපස්සේ තිස්ස මාව අරගෙනගියා. අතක්පයක් හොලවන්නතියා කෑගහගන්නවත් බැරිකොට මගේ හිතට දැනූනේ අප්‍රමාණ බයක්.
පෝරකේට ඇවිදගෙනයන වරදක්නොකරපු අහින්සක මනුස්සයෙක්ටත් දැනෙන්නේ මේවගේ කරකියාගන්නබැරි අසරනගතියක්ද?
මේවගේ බයක්ද?
වටේම ඝන අන්ධකාරේ. සංක අංකල් ඉස්සරහින් ඇවිදගෙනගියේ මඟ එළියකරන්න ආලෝකයක්වත් අරගෙන නෙමෙයි. දෙන්නාගේ කකුල්වලට පෑගෙන තෙත පොළවේ සද්දේ කැලෑසත්තුන්ගේ හඬයටකරගෙන මට ඇහුණා. තමත් රෑ... සමහරවිට මාව පැහැරගෙනගිය දවසෙම රෑවෙන්නඇති. නැත්නම් ඊටපසේ දවසේ... උඩ ගස්වල අතුඉති අතරින් යන්තමින් මම අහසේතිබුණු හඳ භාගේදිහා බලාගෙන බලාපොරොත්තු කඩවුන සිතුවිලි එක්ක පොරබැද්දා.
සංක අංකල්වත් තිස්ස්වත් කතාබහක් නහැ. දෙන්නා හරියටම සැලසුම්කරලාවගේ. ටිකදුරක් යනකොට ඇහෙන්නගත්ත ගඟගලාගෙන යන හඬින් මේ අපිඉන්නේ කෝණාරලගේ මහගෙදරට ගොඩක් ඈතටවෙන්න කියලා තෙරුම්ගත්තා. එදා නිවාඩුවගතකරන්නගිය ටුවරිස්ට් කොටෙජස් පැත්තටවෙන්න.
ඒ මතකයන් හිතට නැගෙනකොටත් අඬන්න හිතෙන තරම්.
හිතේ තිබුණු අන්තිම බලාපොරොත්තුවත් නැතිවෙලාගියේ එතකොටයි.
කෝණාර කිව්වා මට මතකයි. සාමන්‍ය මිනිස්සුගැවසෙනවා වැඩිනිසා එයාලා අඩුවෙන්ම හෝදිසිකලේ මේහරියයි කියලා... මම අතුරුදහන්වෙලා කියලා දැනගත්තත්ත් මේපැත්ත හොයලබලන්න එන්න තියෙන සම්භවිතාව් මොකක්ද?
මම ගැඹුරුහුස්මක් ඇදලාගත්තේ ඉරණමට යටත්වෙලා වෙනදෙයක්ව් එච්චාවෙ කියලා හිතහදාගෙන. ඇරත්... අතපය හොලවගන්නවත්බැරුව පරඬැලෑවක්වගේ ඉන්නකොට වෙනදෙයකට මුහුණදෙනවාමිසක් ජීවිතයව්නුවෙන් සටන්කරන්නද? පැනලායන්න උත්සහ කරන්නද? උදව්ඉල්ලල කෑගහන්නද?
මගේ සිතුවිල්ලහරි! මොකක්දෝ සරදමකටවගේ සංක අංකල් අපිදෙන්නව එක්කගෙන ඇවිල්ලාතිබුනේ එදානාන්නගිය ඇල්ලලඟට. හඳැලියට හැමදෙයක්ම පෙනුනේ හොල්මන් කතාවක සිදුවීමක්වගේ. එකාතකින් බැලුවම මේක හොල්මන් කතාවක්ම තමයි. කොච්චර පුදුමද? පලවෙනිවතාවට මෙතනින් බිමට වැටෙද්දි නොහිතපුවිදිහට මගේ ජිවිතෙ වෙනස්වුනා. කෝනාරගේ රහස දැනගත්තේ එදා.
YOU ARE READING
වේතාල
Paranormalබෑ කියන්න බැරිකමට තමන්ගේ යාළුවගේ පෙම්වතා විදිහට රඟපාන්නම් කියලා ධිනාදී කිව්වනම් තමයි... හැබැයි, ඒ රඟපෑම කෝණාරගේ පවුලේ අය ඉස්සරහත් කරන්නවෙනවා කියලා එයා දැනගත්තේ පස්සේ! හැඩකාර... සල්ලිකාර... කෝණාරට කිට්ටුවෙන්න බලාගෙන දාහක්දෙනා ඉන්නකොට "මටම එහෙම යෝජනාව...