එයාද මමද

1.9K 421 108
                                    

දාසයවන කොටස 


කෝණාරලගේ ගෙදර සියලුදෙනාම හැසිරුනේ මේවගේ හදිසි අවස්තාවකට කල්තියාම පෙරසූදානම්ඇති විදියකට.

පුස්තකාලේ එකපාරටම සැලසුම් කාමරයක්බවට පත්වෙලා. කොයිවෙලේ බැලුවත් සංක අංකලුයි ලකීඅයියයි පවිතුයි ඒකේ ඇතුලේ. කෝසල අංකල් ඒඅයට කන්නබොන්න මතක්කලේ නැත්නම් දවසම නොකාඉඳීවී. දෙව්මිත් ඇතුළුව ආරක්ශාවට එලියේහිටපු කොල්ලො හතරදෙනාවම වලව්වේ නවත්තගැනුනේ ආයෙමත් ප්‍රහාරයකට ලක්වුනොත් කියන සැකේඋඩ. හැමදෙනාවම නොසන්සුන්කලේ දෙව්මිත්ට පහරදුන්නු පිහියවගේ කළුපලුඟුවලින් කරපු තවත් මොනවගේ ආයුධ සතුරාලඟ තියෙනවාද කියලා නොදැනුවත්කමයි.

පුස්තකාලෙ ඇතුලේ සාකච්චා ඉවරවෙනකොට කුස්සිය පිටිපස්සටවෙන්න තිබුණු හිස්ඉඩේ සටන් පුහුණුවීම්. ලකීඅයියා අරතුන්දෙනාගේ ආරක්ශාවට එවන්න හේතුව හරියටම මට පැහැදිලිවුනේ ඒසටන් පුහුණුවීම් දකිනකොට. සතුරාව නිරායුධකිරීම්වගේම සැඟවීඉඳගෙන පහරඑල්ලකිරීම් වගේදේවල් දකිනකොට මට මතක්වුනේ ගරිල්ලා පුහුණුවකයෙදෙන බටපිරිසක්.

මාඑක්කත් කතාබහ අඩුකරපු කෝණාර හැසිරුනේ ලොකු පීඩනයකින්වගේ.

එකටම මම හිතුවේ මේ සාකච්චාවගේම සටන්පුහුණුවීම් වලින් කෝණාර හෙම්බත්වෙලාඇතියි කියලයි.

ඒත්- එයාගේ හැසිරීම ඕනිවටවඩා වෙනස්වුනේ මාත්එක්ක හරි පවිත් අයියාත් එක්කහරි තනිවුන අවස්තාවලදී කියලා දැනෙන්නගනිද්දී මගෙ හිතට පොඩි සැකයක් ඇතිවෙන්න පටන්ගත්තා.

හිතෙ කොණක මුල්අල්ලගත්ත පුංචි සැකේ හරියටම ස්තිරකලේ කෝසල අංකල්.

"සංකලා ලකීලා පුතාගැන වදවෙනවා..." කෝසල අංකල් පවිත්ගේ නම නොකියනකොට මගේ සැකේ තවත් ස්තිරවුනා. පවිත්ගෙ නම තිබුනෙ වරහනක් ඇතුලේ හැංගිලාවගෙයි මට දැනූනේ. "හදිස්සියෙන්වත් පුතාට කරදරයක්වුනොත්...?"

"මට කරදරයක්වෙයි කියලද නැත්නම් මම හින්දා ගෙදර අනික්අයට කරදරයක්වෙවි කියලද?" මම බිමබලාගෙන අහුවා.

වේතාලWhere stories live. Discover now