දෙවන කොටස
කෝණාර පහලට ගිහිල්ලා ටිකවෙලාවක් ගියාටපස්සේ මම අයිස්ක්‍රීම් කෝප්පෙත් එහෙමමදාලා කාමරේටගියා.
හේදුවේ නැත්තේ කෙන්තියටමයි.
කාමරේ නිකං පොත් කඩයක් ඇතුලෙන් සුළිසුලඟක් හමාගෙන ගිහින්වගේ. පොත්.. නෝට් සීසීකඩ.
හතරදෙනත් එක්කම එකතුවෙලා පාඩම්කළාට පස්සේ කාමරටත් ඇවිල්ලා තව පැයක්දෙකක්හරි වැඩිපුර පාඩම්කරනඑක පුරුද්දක් කරගත්තේ ඉගෙනගන්න තියෙන ආසාවටත්වඩා විභාග ෆේල්වෙන්න තියෙන බයට!
ඇරත්... රිපීට්වලට ගෙවන්න සල්ලිකෝ?
උසස්පෙළ රිසල්ට් කැම්පස්යන්න මදිවෙද්දි, වැඩිදුර ඉගෙනගන්න තිබුණ ආසාවට ලොකුම බාධාවවුනේ සල්ලි. සමහරවිට මගේ වාසනාවවෙන්න ඇති... අනාථනිවාසෙ ළමයෙක්ගේ අධ්‍යාපන කටයුතුවලට උදව්කරන්න ස්පොන්සර්කෙනෙක් කැමැතිවෙලා කියලා දැනගත්තම හිතටදැනුනු සතුට මට අදටත් මතකයි. එහෙම නැත්නම් අපිවගේ ළමයින්ට ප්‍රයිවට් කැම්පස්එකක මානව සම්පත් කළමණාකරනය උපාධියක් කරන්න ලැබෙයිද?!
කෝණාරව පළවෙනියටම දැක්කේ බැජ්එකේ ළමයින්ව පිළිගන්න සූදානම්කරල තිබුණ උත්සවෙදී.
කෝණාර ඒදවස්වල මේන්ටෙයින් කලේ බොබ් මාර්ලේගේ හෙයාකට්එක. බැලූබැල්මට කවුරුත් හිතුවේ ගංජාඅදින රස්තියාදුකාරයෙක් දෝදුවෙලා කැම්පස්එකට ඇවිල්ල කියලා. ඒ ඉමීඩියට් සීනීයර් බැජ්එකේ ස්ටුඩන්ට් කෝඩිනේටර් කියලා එනවුන්ස් කරද්දි අපේ එවුන් හිකිහිකිගෑවා. හැබැයි, විනාඩිපහේ කතාව ඉවරවෙනකොට මුලින්ම ඇතිවුන අදහස අංශක එකසියඅසූවකින් කැරකිලා ගිහින්. කෝණාර ස්ටේජ්එකෙන් බහින්නත් කලින් කෙල්ලො ඔක්කොමල්ලා එයාට අයිතිවාසිකම් කියන්නත් පටන්අරගෙන!
කොල්ලො කීදෙනෙක් හිතෙන් අයිතිවාසිකම් කිව්වද දන්නෙනැහැ ඉතිං...
ඊළඟ දවස්දෙකතුන අපේ උන්ට ලොකුම රාජකාරියවුනේ ඉමීඩියට් බැජ්කෝඩිනේටර්ගේ විස්තර හොයන එකයි.
"එයාගේ නම කෝණාර මහයක්ගෙදර..."
"මැණික් බිස්නස්කරන කෙනෙක්ගේ පුතෙක්."
STAI LEGGENDO
වේතාල
Paranormaleබෑ කියන්න බැරිකමට තමන්ගේ යාළුවගේ පෙම්වතා විදිහට රඟපාන්නම් කියලා ධිනාදී කිව්වනම් තමයි... හැබැයි, ඒ රඟපෑම කෝණාරගේ පවුලේ අය ඉස්සරහත් කරන්නවෙනවා කියලා එයා දැනගත්තේ පස්සේ! හැඩකාර... සල්ලිකාර... කෝණාරට කිට්ටුවෙන්න බලාගෙන දාහක්දෙනා ඉන්නකොට "මටම එහෙම යෝජනාව...