තාත්තලා

2.4K 445 81
                                    

තුන්වන කොටස

කෝනාරගෙ තාත්තා, නවත්තපු වාහනේදිහාවට හෙමින් ඇවිදගෙන එනවා දකිනකොට ඊටකලින් දවසේ රෑවත්... ගමන පුරාවටවත් නොදැනුණු නොසන්සුන්කමක් මගේ හිතට දැනෙන්නගත්තා.

තාත්ත හදිස්සියෙන්වත් මාව කෝණාරට ගැලපෙන්නෙ නෑ කියලා හිතුවොත්?

එහෙම හිතුවත් දුක්වෙන්න ඕනෙද?

අපිදෙන්නගේ අතරේ ඇත්තටම සම්බන්දයක් නෑනේ!

කෝනාර පිටිපස්සේ සීට්එකේ දොරඅරිනවත් එක්කම මූණේ හිනාවක් පුරවාගත්ත එයාගේ තාත්තා එතැන. එහෙමටම කියලා නපුරු පෙනුමක් නෑ. අවුරුදු හතලිස්පහකවගේ පෙනුමක් තිබුණු කෝණාරගේ තාත්තගේ වයා පෙනුනේ කටවටේටවැව්ව රැවුලෙයි නළල දෙපැත්තෙයි තිබුණ සුදු කොණ්ඩගස්. කලු දිග කලිසමකට ජර්සි රෙද්දෙන් මහපු අත්දිග සුදුපාට ශර්ට්එකක් ඇඳලා. බැලූබැල්මට පෙනුනේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්වගේ. වාහනෙන් බහින කෝණාකාරව මිරිකලාබදාගෙන ඇඟටතුරුල්කරගත්තේ හරිට අවුරුද්දකින් දෙකකින් කෝනාරව ඇස්දෙකට දැක්කෙ නැතිගානට.

කෝණාර අත්තටම ගෙදර ගිහින් තිබුණේ නැද්ද?

මම මතක්කළා...

මට කට්ටියත්එක්ක ඉඳපුකාලෙටනම් කෝනාර ගෙදර ගිහිල්ලා තිබුණෙ නැහැ. ඒ කියන්නේ... අඩුමතරමේ මේ එයා ගෙදර ඇවිල්ලා තිබුණේ මාස හතකටඅටකට පස්සේ.

"කොණ්ඩේහැටි!" කෝනාරගෙ තාත්ත කිව්වේ එයාව අතනොහැරමයි "කෙට්ටු වෙලාද මන්දා.."

මට පිටුපාලා හිටගෙන හිටිය කෝණාරගේ උරහිස් උඩින් එබුණු කෝණාරගේ තාත්තා බොහොම උනන්දුවෙන් මාදිහාබලනවා මම දැක්කා. මම සැනසිලි හුස්මක් හෙලුවේ ඒබැල්මේ කේන්තියක්වත් අප්පිරියාවක්වත් නොතිබුන නිසයි.

ඒවෙනුවට එතන තිබුණෙ පුංචි පුදුමයක හඟවන බැල්මක්.

හරියට, විවාහා යෝජනාවක් කතාකරලා තියෙද්දීත් කෝණාර එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ව ගෙදර එක්කගෙන ආවඑක අදහාගන්න බැහැවගේ.

"ලස්සනයි මුද්ද..." තාත්තා කෝණාරගේ ඇඟිල්ලේ තිබුණ ලොකු මුදුව පෙන්නලා එයාදිහා බැලුවේ ලොකු උවමනාවකින්. "හරිවැඩේ කියන්නේ- අප්පච්චිත් රිදිගල අංකල්ලව්වා පේරැස් මුදුදෙකක් හදානආවා ගියසතියෙ!"

වේතාලOù les histoires vivent. Découvrez maintenant