පහළොස්වන කොටස
වලව්වට එලියේ අමුත්තන් සඳහාවෙන්වුනු කාමරයක් තුවාලවුණු 'දෙව්මිත්ට' ප්‍රතිකාරකරන්න සුදුසු වටපිටාවක් හදන්න තාවකාලිකව ලහිලහියේ සූදානම් කෙරුනා.සංක අංකල් දෙව්මිත්ගේ ලේවැකුණු ඇඟ තෙත රෙදිකඩකින් පිහිදානකොට කාමරේ ජනෙල් දොරවල් සේරමවහලාදාපු කෝසල අංකල්, පොඩිමාමා ගෙනාපු අඟුරුකබලකට ඇහැල කුඩුපෙට්ටියෙන් අහුරුකීපයක් එකතුකලා. කාමරේ සියුම් දුමකින් පිරුනේ පුංචි සුවදකුත් එක්ක. වලව්වේවටේට සෑහෙනද දුරක්යනකල් ඇහැලගස් හිටවන්නට ඇත්තේ නිකන්ම ලස්සන බලාගෙනම නෙමෙයි.
පවිත් වලව්වටඅවේ දෙව්මිත්ව කාමරේ ඇතුලටගෙනියනවත් එක්කමයි.
"මොකෝ ඔක්කොමල්ලා මෙහෙ?" පවිත් අයියා මමටි කෝනාරයි ඉන්නතැනට කිට්ටුවෙලා හීන්හඬකින් ප්‍රශ්නකළා.
"දෙව්මිත්ට කවුරුහරි ඇටෑක්කරලා... තාම අසනීපයි." කෝණාර කිව්වෙ අහකබලාගෙන.
"කලින් ආපු උන්මද?"
"ඒවගේ පේන්නේ..."
පවිත් නළල රැලිකරගන්නවා මම බලගෙන. "මොකෝ අයියා තෙමිලා?" ඊලඟට මම් ඇහුවේ පවිත්ගේ තෙතබරිත ඇඳුම් මීටර්වුනාට පස්සේ.
"මඟ කණ්ඩියක්කඩගෙන ගිහිල්ලා වාහන පෝලිමක් හැදුනා... මොකක්දවෙන්නේ කියලා බලන්න එලියට බැස්සා... එතකොට තෙමුනේ..." ඉක්මන් උත්තරයක්දුන්න පවිත් ආයෙමත් කෝනාරදිහවට හැරුනා. "දෙව්මිත්ට අමාරුයිද?"
"තාමසිහිනෑ..."
එතෙක් ඉඳන් දෙව්මිත්ගේ ඇඳගාවහිටගත්තු පවිත් අයියා ඇඳුම් මාරුකරන්නවත් නොගිහින් සංක අංකල්ගාව හිටියේ අත්උදව්වට වගේ.
'හුස්මගන්නකොට දුමත් එක්ක ඇහැල බෙහෙත ඇඟට ඇතුල්වෙනවනේ!' මගේ යටිහිත කිව්වේ ඇහැල සුවඳ නාසෙට දැනෙන්නගනිද්දි.
කලින් තිබුනු කලුපාට අතුරුදහන්වෙලා දෙව්මිත්ගේ ඇඟ සුදුමැලිපාටකට හැරිලා. එයා හුස්මගත්තෙත් අපහසුවෙන්. ඉඳ්හිට ඇඟ දෙතුන්පාරක් ගැස්සෙනකොට ඇඟේ පාලනය දෙව්මිත්ගෙන් ගිලිහිලාගිහිල්ලද කියලත් මටසකහිතුනා. සංක අංකල් දෙව්මිත්ගේ පැත්තක ඉඳගෙන අත්දෙකත් පපුවඋඩ බැඳගෙන බර කල්පනාවක. එයාගේ මුහුණ අඳුරුවෙලා තිබුණේ තුවලවෙලා වැතිරීගෙන ඉන්නෙ බොඩිගාඩ්කෙනෙක් නෙමෙයි තමන්ගෙම දරුවෙක්වගේ.
STAI LEGGENDO
වේතාල
Paranormaleබෑ කියන්න බැරිකමට තමන්ගේ යාළුවගේ පෙම්වතා විදිහට රඟපාන්නම් කියලා ධිනාදී කිව්වනම් තමයි... හැබැයි, ඒ රඟපෑම කෝණාරගේ පවුලේ අය ඉස්සරහත් කරන්නවෙනවා කියලා එයා දැනගත්තේ පස්සේ! හැඩකාර... සල්ලිකාර... කෝණාරට කිට්ටුවෙන්න බලාගෙන දාහක්දෙනා ඉන්නකොට "මටම එහෙම යෝජනාව...