කුමන්ත්‍රණය

2.2K 415 109
                                    

හයවන කොටස

වලව්වේ විසිත්තකාමරය ඇතුලේ තිබුණේ ඉදිකටුවක් බිමටවැටුණත් ඇහෙන තරමි නිශ්ශබ්දතාවයක්

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

වලව්වේ විසිත්තකාමරය ඇතුලේ තිබුණේ ඉදිකටුවක් බිමටවැටුණත් ඇහෙන තරමි නිශ්ශබ්දතාවයක්.

හැබැයි ඒ නිශ්ශබ්දතාවය මැද්දෙන් මේකලාගේ අම්මගෙයි තාත්තලා දෙන්නගේයි අමනාපය කොයිකාටත් හොඳහැටි දැනුනා. කෝනාරගේ යන්තම් හැඩහුරුවක් පුංචි අම්මගෙ මුහුනෙ තියෙනවා. ලොකුවට නෙමේ බොහොම යන්තමින්. විසිත්ත කාමරය මැදතිබුණු පුටුසෙටියේ දෙපැත්තටවෙලා වාඩිවෙලාහිටිය දෙමව්පියො දෙගොල්ල සැරින්සැරේ එකිනෙකාගේ මුහුණබලාගත්තේ ඊළඟටගන්න පියවර මොකක්ද කියලා හිතින් කතාකරගන්න ගමන්වගේ.

"බොරු කියන්නෙ මොකද... අපිනං ඇත්තටම පුතාගැන බලාපොරොත්තුවෙන්ම තමයිහිටියේ." කෝනාරගෙ පුංචිඅම්මා බනින්නබැරිකමට විරිත්තලා හිනාවුනා.  "දුවට වෙනයෝජනාවක්වත් හොයලා බැලුවෙ නැත්තෙ ඔයහින්දමයි."

"ඇත්තම කිව්වොත් ඉතිං අපිට කොල්ලට බලකරන්න බැහැ... ඒත් කෝනාර පුතේ, පුතාගේ අම්මගේ අන්තිම කැමැත්ත මේක නිසා... දෙපාරක් හිතල බැලුවොත් හොඳ නැද්ද?" තට්ටෙ පෑදිච්ච කීර්ති අංකල්  නිකට යන්තම් ඉහලට උස්සගෙන කිව්වේ ඉලක්කයටම ප්‍රහාරය එල්ලකරලා.

කීර්ති රජගල ඉහළ පොලිස් නිලධාරියෙක්. සමහරවිට පවිත් අයියත් හමුදා සේවයට බැඳෙන්න ඇත්තේ තාත්තාගේ අඩිපාරේ යන්න හිතාගෙන වෙන්නඇති කියලා මට හිතුණා. තාත්තලා දෙන්නගෙ මැද්දේ ඉඳගෙනහිටිය මේකලා නංගි ඇත්තටම හරිම රුමත් ගැහැනු ළමයෙක්. සමහරවිට මේකලාගේ අම්මයි තාත්තලාදෙන්නයි කෝනාර එයාලගේ දුවව විවාහකරගනී කියලා  ඕනෑවටත්වඩා විශ්වාසයෙන් ඉන්න ඇත්තේ ඒ නිසාද කොහෙද.

වේතාලМесто, где живут истории. Откройте их для себя