නීතිඥ මහතා පිටව ගිය පසු නීල් නිවස වෙත පැමිණියේ නිම් ගේ නැන්දාගේ නපුරු මුහුණ දෙස බලමිනි.
" මේ.... දැන් ඒ මිනිහ කියන කතාව මොකක්ද...?? " 😒😒😒
" ඇයි ඇහුණෙ නැද්ද...? අර නිම් කියන එකී ගැන හරියට ම දැනගන්නකම් අපිට බෑ මොකුත් කරන්න... "
" මොන මගුලක් ද.... හතර ම මැරිල යන්න කරපු වැඩේ. ඒකි විතරක් කොහාට උනාද ශිට්... " 😡😡😡
" මේකි මැරුණෙත් නැත්නම් කොහේ හරි ඉදල අහුවෙන්න එපැයි.. ඒත් නෑ... "
" මේකි හැංගිලාවත් ද.... " 🤨🤨
" ශිට්... මං දන්නෙ නෑ මගුල... ඒකිටම දේපලත් ලියලනෙ.... " 😒😒😒
" දැන් අපි මොකක්ද කරන්නෙ... ?? "
" ඕකිව හොයාගන්න වෙනව. ඊට පස්සෙ හෙමින් සැරේ ඉවරයක් කරල දාන්න තියෙන්නේ... " 😏😏😏
" එහෙම පුළුවන් වෙයි ද..?? "
" හ්ම්... බලමුකො... පොටක් පාදගන්න බැරි වෙන එකක් නෑ.... "
" අනේ මන්දා.... කොහොම හරි මෙච්චර දෙයක් කරගත්ත එකේ කොහොම හරි මේ දේපළ අයිති කරගන්න ඕනි... "
මෙසේ දේපළ ගැනම කියවමින් ඔවුන් දෙදෙනා කාලය ගෙවාදමන්නට විය.
************************************
මේ අතර මෙහෙයුම සදහා මුල් පියවර තැබීමට සශ් , සනුශ් හා ආදි සූදානම් වෙමින් සිටියහ." මචං , අද වැඩේ මුල් ටිකට බහින්න යන්නෙ. තේරුණාද..? "
" දැන් මොකක්ද වෙන්නෙ.. "
" මෙහෙම යි. අපි ළග නිම්දියා ගෙ නැන්දගෙ නම්බර් එක තියෙනවා නෙ. මේ අලුත් සිම් එකෙන් මං ඒකිට කෝල් එකක් අරන් නිම්දියා ගැන කියනවා...... "
" ඈහ්.... උඹ ට මංඤ්ඤංද.....?? "
" මැද්දට පනින්නෙ නැති ව ඉදහන්... මං කෝල් එක ගන්නෙ නිම්දියා ගෙ මාමට ගන්න එකක් විදියට. නිමල් කිව්ව නම කිව්වහම ඒ ගෑනිත් දන්නවනෙ.. "
" ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ.. ?? "
" ඊට පස්සෙ ඉතින් ඒකි අපිව රවට්ටන්න හදයි. අනේ ඔව් , නිමල්ගෙ ගෙදරින් තමයි , මෙච්චර කල් හෙව්වා නිම්දියා ව..... කියයි... " 😏😏
![](https://img.wattpad.com/cover/289057741-288-k831079.jpg)
YOU ARE READING
දෛවය මතින්.. ( Completed )
Romanceදුකම විදි මහිතට...සැනසුමක් ගෙන ආ නුඹ....ආඩම්බරකාර ඒ ඇස්...මගේම උනු අරුමය... දෛවයයි අප එක් කලේ...පතමි මා නුඹ හැම භවේ...💘💘💘💘