දහතුන් වන දිගහැරුම.

92 8 0
                                    

එවේලේ ලිශී කෑම මේසයේ සිටියේ ජංගම දුරකථනයේ ගිලීය.

" මේ බලහන්කො මෙයා , අද කොහේදෝ රෝන්දෙ ගිහින් ආවෙත් රෑ වෙලා. කන්න ඇවිල්ලත් ෆෝන් එකේ එල්ලිලා. "

එය ඇසුනු සනුශ් ලිශී දෙස හීන්සීරුවේ බලා සශ් වෙත මද සිනාවක් පෑවේය.

" ඇයි ඔයාලට විතරයි ද රෑ වෙලා ගෙදර එන්න පුළුවන්... "

" අපි ඩියුටි ඉදලනෙ රෑ වෙලා එන්නෙ... "

" ඔව් ඔව්. ඩියුටි නැති ව රෑ වෙලා එන්නෙම නෑ... මං දන්නෙ නැද්ද ඒක.. " 😏😏😏

" අනේ මේ යනව හලෝ යන්න... "

කියාගෙන ම සශ් හා සනුශ් ගොස් කෑම මේසයෙන් ඉදගත් හ.

පූජනී මහත්මිය හා රෝහණ මහතා ද එවේලේ එතනට පැමිණියේ රාත්‍රී ආහාර ගැනීමටයි.

" සුමනා....................... "

කුස්සියේ සිටි සුමනා ඉක්මනින් ම කෑම මේසය වෙත ආවේ පූජනී මහත්මිය ගේ හඩටය.

" ඔව් නෝනා...ඇයි...??

" අර නිම්දියා දූගෙ කෑම එක ගිහින් දෙන්න උඩට... "

එවිට සශ් කතාව මැද්දට පැන්නේ බත් හැන්දක් බෙදාගනිමින් ය.

" ඇයි දැන් එයාට ඇවිදින්න පුළුවන්ලු නේ. පල්ලෙහාට ඇවිත් බෙදාගෙන කන්න කියන්න.. "

" ඒ උනාට එහෙම බෑනෙ පුතේ , හොඳ වෙච්ච ගමන් ටිකක් රෙස්ට් එකේ ඉන්න දෙන්න ඕනි. සුමනා , මේ කෑම එක ගිහින් දෙන්න.. "

" හා නෝනා... "

කියා සුමනා කෑම එකද රැගෙන නිම් ගේ කාමරය වෙත පිය නැගීය.

මේ අතර දින කිහිපයකින් රෝහණ මහතා ගේ හා පූජනී මහත්මියගේ විවාහ සංවත්සරය එළඹීමට නියමිත ව තිබූ නිසා ඔවුන් කෑම මේසයේ දී කතාබහ කලේ ඒ ගැනය.

" අම්මේ , තව දවස් දෙකයි නේ ම්..ම්... "☺️☺️☺️

ලිශී කීවේ සිනාසෙමින් ය.

" මොකක්ද , පිස්සු ද?.... " 😏😏

එවර නම් කතාව ඇරඹුවේ සශ් ය.

" ඇයි අම්මේ , ඔයාලගෙ ඇනිවසරි එක ම්... ම්... මතක නැද්ද...?? "

" ආහ් , ඒකද... චූටි පාටි එකක් ඇරේන්ජ් කරන්න හිතන් ඉන්නෙ අපි දෙන්නා... "

දෛවය මතින්.. ( Completed )Donde viven las historias. Descúbrelo ahora