වැඩි වේලාවක් නොගොස් ම සශ් ට රෝහල වෙත ලගා වීමට හැකි විය.
" ඒයි , ඔය ට්‍රොලිය ගන්නව ඉක්මනට... " 🥺🥺🥺
ඔහු කීවේ පසුපස ආසනයේ සිටි නිම් ව දෝතට ගනිමින් ය. ආදි දුව ගොස් එහි සේවකයෙක් ද සමග ඉක්මනින් ම ට්‍රොලිය රැගෙන එන්නට විය. ට්‍රොලිය මතින් නිම් ව තැබූ සශ් එය තල්ලු කරගෙන යන්නට වූයේ උමතු වූවෙක් මෙනි.
" සර්.... සර් ඉන්න... ඔයා ට ඇතුලට යන්න බෑ..... අපි ගෙනියන්න ම්... "
ලෙස කීවේ එහි උන් රෝහල් සේවකයා වුවත් සශ් එය තඹේකට මායිම් නොකලේය.
" සශ් , කියන දේ අහපන්.... උඹ ට ඇතුලට යන්න බෑ මිනිහෝ.... "🤨🤨
කියා ආදි ඔහු ව තමා වෙත ඇදගත්තේ රෝහල් සේවකයා නිම් ව දැඩි සත්කාර ඒකකට ඇතුල් කරද්දීය.
" අතඇරපන් ආදි.... මට යන්න දීපන්... "😠😠🥺🥺
සශ් කීවේ ආදිව තල්ලු කර දමමිනි.
" මේ අහපන්..... මොකද බං වෙලා තියෙන්නේ. ඇයි උඹ මෙච්චර අවුල් ගියේ.... "
" වෙන්න තියෙන ඔක්කොම මට උනා.... උඹ ත් පලයන් පැත්තකට.... "😔😔🥺🥺
" උඹ ඒකිට ආදරෙයි නේද...?? ම්...ම්... "
ආදි ඇසුවේ ඔහුගේ උරහිස් දෙකෙන් ම තදින් අල්ලාගෙන ය.
" බම්බුවේ ආදරේ.... "
සශ් කීවේ ආදි ගේ දෑත් අතෑරගනිමින් ය.
" ඇත්ත ද...?? "
" මං..... මං.... ඒකිට පොරොන්දු උනා මොකුත් වෙන්න දෙන්නෙ නෑ කියල... "😭😭😭
" ආහ්.... හා හා පොරොන්දු රකින්නනෙ මේ... හරි හරි.... " 😏😏😏
කියූ ආදි දැඩි සත්කාර ඒකකය දෙස බැලුවේ හොඳ හුස්මක් ගනිමින් ය. එවේලේ මැරයන්ව අත්අඩංගුවට ගෙන එහි කටයුතු සිදු කොට සනුශ් ද රෝහල ට පැමිණියේ කලබලයෙ නි.
" සශ්.... සශ්... නැගිටපන්.... මොකද මේ.... "
බිම වැටී බිත්තියකට හේත්තුව බලාගත් අත බලා සිටිනා සශ් වෙත සනුශ් කතා කලේ ඔහුගේ උරහිස සොලවමින් ය.
" හ්ම්.... උඹ කොහොමද දැනගත්තෙ අපි මේ හොස්පි....... "
" ආදි ය මැසේජ් එකක් දැම්මා. මේ , උඹ ගෙදර පලයන්. මං ඉන්නම් මූ එක්ක... "

BẠN ĐANG ĐỌC
දෛවය මතින්.. ( Completed )
Lãng mạnදුකම විදි මහිතට...සැනසුමක් ගෙන ආ නුඹ....ආඩම්බරකාර ඒ ඇස්...මගේම උනු අරුමය... දෛවයයි අප එක් කලේ...පතමි මා නුඹ හැම භවේ...💘💘💘💘