මේ අතර ඇදිරි වැටීගෙන එන වෙලාවේ රියදුරු ද නොමැති ව පිටතට ගිය ලිශී බස් රථයක නැගීම සදහා නැවතුම්පොළ ට එමින් සිටියාය. ඈ මද දුරක් ඇවිද යන විටම කළු පැහැති ඇදුමක් හැද මුහුණ ආවරණය කරගෙන සිටි අයෙක් ඇය වෙත පැමිණ ඇගේ බෑගය උදුරගෙන දිව්වේය.
" ඒයි.... ඒයී... මගෙ බෑග් එක දෙනව මෙහාට... 😡😡😡 "
කියමින් ලිශී ඔහු පසුපස දුවන්නට වූයේ ඇගේ ජංගම දුරකථන ය හා මුදල් සියල්ල එවේලේ ඒ තුළ දමා තිබූ නිසා ය. ඇය මද දුරක් දිව යන විට ම ඝණ අදුරේ පිට්ටනිය ක් මැද ඇගේ බෑගය වැටී තිබෙනු දුටුවාය.
" අම්මෝ.... මේ තියෙන්නේ.. ඔක්කොම බඩු අරන්ද දන්නෑ දාල ගිහින් තියෙන්නේ... "
කියාගෙන ම ඇය පහත් වූයේ බෑගය ගැනීමට ය.
එක්වරම ඇගේ පාද අසල සිට ඈතට දිව යන සේ රන්වන් පැහැ විදුලි බුබුලු වැල් සමූහයක් දැල්වින. ඇය විදුලි බුබුළු වැල් අවසානයේ ඇති මණ්ඩපයක් වැනි ස්ථානයක් දුටුවාය. එය නොයෙක් මල් වලින් හා විදුලි බුබුළු වලින් සරසා තිබූ අතර එහි ඉහළ " ලිශන්‍යා " ලෙස සදහන් වූ ආලෝක පුවරුව ක් විය.
ඇය තවත් ඒ මණ්ඩපය දෙස හොදින් බලද්දී ඇය දුටුවේ සනුශ්ව ය. සනුශ් ඇයට ආදරණීය ලෙස අතින් සන් කලේ එතනට එන ලෙසය. පුදුමයෙන් පුදුමයට පත් ව සිටි ලිශී ඔහු වෙත ගියේ මහා සතුටක් සිතේ දරාගෙන ය.
" ඇයි මේ... මොකක්ද සනුශ් අයියෙ මේ...??? 😲😲 "
කියද්දීම ඔහු ඇගේ දෙතොල් මත ඔහුගේ දබරැගිල්ල තැබීය.
" ශ්.... ශ්.... අද මං පොඩ්ඩක් කතා කරන්න ම්. ඔයා අහන් ඉන්න.. "
මුකුත් ම නොකියා ලිශී හිස දෙපසට වැනීය. සනුශ් ඇය ද සමග එහි වූ මලින් සැරසූ පුටු දෙකක වාඩි විය.
" ලිශී , ඔයා ට දෙයක් කියන්න තියෙනවා. තවත් පරක්කු නොවී මේක කියන්න හිතුවා... "
" මොකක්ද ඉතින් කියන්නකෝ... "
" හ්ම්ම්... එන්නකො එළියට පොඩි දෙයක් පෙන්නන්න... "
ඔහු ලිශීගේ අතින් අල්ලාගෙන මණ්ඩපයෙන් පිටතට පැමිණ එහි වූ පුවරුව නැවත පෙන්වීය. එහි මුලින් "ලිශන්‍යා " ලෙස සදහන් වුවද ඊට ඉහළින් වූ අක්ෂර කීපය දැල්වූයේ දැන් ය. එහි වූයේ ,
أنت تقرأ
දෛවය මතින්.. ( Completed )
عاطفيةදුකම විදි මහිතට...සැනසුමක් ගෙන ආ නුඹ....ආඩම්බරකාර ඒ ඇස්...මගේම උනු අරුමය... දෛවයයි අප එක් කලේ...පතමි මා නුඹ හැම භවේ...💘💘💘💘