පළමු දිගහැරුම.

622 23 12
                                    

සදට අවසර දී හිරු බැස යමින් තිබේ. ඈත ආකාසයේ විහගුන් පියාඹා යයි. මුළු පරිසරයම තැඹිලි පැහැයට හැරී තිබේ. මදක් විශාල වත්තක් මැද පිහිටා ඇති සුන්දර නිවසකි. එහි ඉදිරියෙහි පුටුවක හිද පත්තරයක් බලමින් සිටි අවුරුදු 60 ක් පමණ වයසැති පුද්ගලයා වෙත තේ බදුනක් රැගෙන මේ ඉස්සරහ දොරින්ම එළියට එන්නේ ඇගේ බාල දියණියයි.

" තාත්තේ....මෙන්න තේ හැදුවා..බොන්න.."

" ම්ම්ම්..."

" රසද ? මං ඉගුරුත් දාල හැදුවෙ.."

" ආ...එහෙම ද..හ්ම්ම්...හරි ම රසයි..අම්ම හදන ඒවට වඩා රසයි.."

ඒ දෙසට අම්මා එමින් සිටින බව නොදන්නා ඔවුන් දෙදෙනා සිනාසීමට පටන් ගත් හ.

" ආ....අම්මගෙ තේකට වඩා රස තේකක් දෝණි හදල දීල වගේ...දෝනිට කියලම අනිත් දවසෙත් හදාගන්න. මට කියන්න එපා..මම නම් වතුරවත් උණු කරන්නෙ නෑ...."

කෝච්චියක් මෙන් අම්මා කියාගෙන ගියාය. ඒ අසා තාත්තා හා දුව තව ටිකක් සිනාසෙන්නට විය.

මේ ආදරණීය දෙමාපිය යුවළගේ බඩපිස්සී ඇයයි. ඒ හැරුණු විට ඔවුන් ට තවත් එක් පුතෙකු සිටී. මේ පවුලේ බඩපිස්සිය නමින් නිම්දියා අහස්නි දිසානායක යි. වයස අවුරුදු 23 ක් පමණ වන ඇය රුවින් දෙවගනන් පරදවනා සුලුය. නිල් මහනෙල් මල් මත වැටි පිණි බිදු සේ ඇති ඇගේ ඇස් ඉතා දීප්තිමත් ය. ඇගේ වරලස දණ දක්වා දිග වන අතර එය දීප්තිමත් කළු පැහැයෙන් දිදුලයි. ඈ පැහැයෙන් පවා දීප්තිමත් ය. ඈට හිමි වූ දෑස සෑම විටම ඇගේ ඒ අහිංසකකම මනාවට මතුකර පෙන්වූයේ ය. සවස් යාමයේ ඇය මේ තේ බදුනක්ද රැගෙන පියා වෙත ආවේ කුමක් සදහා විය හැකි ද ??

" තාත්තේ....අපි කාලෙකින් ට්‍රිප් එකක් ගියෙත් නෑනි...අනේ තාත්තේ..අපි ට්‍රිප් එකක් යමුකො අනේ...."

" ආ......ඒකටද මේ මට තේකක් එහෙම හදාගෙන ආවෙ. ඒකනෙ මං මේ බැලුවෙ, වෙනදට අම්මා හදන් එන තේ එක මොකද මෙයා හදන් එන්නෙ කියල..."

" අනේ එහෙම නෑ තාත්තේ... මං තාත්තා ට හැමදාම තේ හදල දෙන්නම්. අනේ මට ගෙදර ඉදල ඇති වෙලා අනේ...යමුකො..."

" හරි.. දැන් කොහෙද යන්න ඕන?? "

" අපි නුවර එළි යමුකො තාත්තේ.."

දෛවය මතින්.. ( Completed )Opowieści tętniące życiem. Odkryj je teraz