තුන්වන දිගහැරුම.

212 15 2
                                    

කළු පැහැති විශාල ගේට්ටුවකින් හා ඉතා උස් තාප්පයකින් සමන්විත මේ නිවස නිම් ගේ නැන්දාගේ ය. සැවොම එකතුව මහා කුමන්ත්‍රණයකට සැරසෙමින් සිටී.

" මෙහෙමනෙ ඩාලින්.. ඔය දේපළ අපෙ අයියගෙ නමට තියෙන්නේ.. එයා මැරුණොත් ඒව අපට.."

" ඒ මිනිහ ඕව දරුවන්ට ලියලද කියල අපි දන්නෙ නෑනි "

" හරි ඉතින්...මුළු පවුලම ඉවරයක් කරල දැම්මම ඕව කොහොමත් අපේනෙ.."

" මේ...ඔයා කියන තරම් ලේසි නෑ ඕව කරන එක..."

" අපෝ..මහ ලොකුවට දේශපාලන හයිකාරකම් තියෙනවා කියල නම් කියනව..වැඩ තමයි නැත්තෙ.."

" ඔයා ඉන්නකො පාඩුවේ...මං ඒක බලාගන්න ම්..අනික ඕන ඕන වෙලාවට දේශපාලනය පාවිච්චි කරන්න බෑ.."

" ඔය ඇමතියට කියන්න කො ඉතින්..."

" ඇමති ඉන්නෙ මට වැඩ කරන්න ද මනුස්සයෝ..."

" ඔයා එයාට කොච්චර උදව් කරල තියෙනවා ද..කෝ ඒවට ප්‍රතිලාභ.."

" හරි හරි මං ඕක කියල බලන්න ම්. පුළුවන් දෙයක් තිබ්බොත් අනිවාර්යයෙන් ඇමතිතුමා අපිට මිනිස්සු කීපදෙනෙක් දෙයි වැඩේට "

" ආ...මේ ඔයා දන්නව ද වැඩ ක්..අර අයියගෙ ලොකු කොල්ලා ලබන මාසෙ ට්‍රිප් එකක් යන්න නිවාඩු ගන්න වෙන කතාව ක් කියල තියෙනවා.."

" ඔයා කොහොමද දන්නෙ?? "

" ඇයි අනේ... අර සුපර්ණගෙ දූ ඉන්නෙත් ඒ ඔෆිස් එකේනෙ. එයා මට කිව්වෙ. නුවරඑළි ලු යන්නෙ.. " 😏😏

" ඉතින්... "

" ඉතින් කිතුල්...😒😒 අනේ මෝඩයෝ තේරෙන්නෙ නැද්ද...අපිට පුළුවන් නෙ ඒකෙන් ප්‍රයෝජනයක් අරන් උන්ට වැඩේ දෙන්න.."

" ඉතින් අපි දන්නව ද ඔය මිනිස්සු යන දින වකවානු, වෙලාවන්..."

" සුපර්ණගෙ දූ ලව්වා ඔෆිස් එකේ අයගෙන් මං ඒක දැනගන්නම්.."

" හහ්...එහෙනම් ඔයා ඕව දැනගෙන කියන්න එතකන් මං නම් මොකුත් කරන්නෙ නෑ.."

" ශිට්....ඒ දේපොළ අපිට හම්බඋනොත් නරකට හිටී ඔයා ට... මෝඩ නොවී මේකට උදව් කරන්න. අනික අපෙ නංගි ල උනත් මේකට හවුල්.."

දෛවය මතින්.. ( Completed )Donde viven las historias. Descúbrelo ahora