නොබෝ වේලාවකින් ම රෝහල වෙත ලගා වූ ඔවුන් රෝහල තුලට ගොස් නිම් සිටින වාට්ටුව සොයා ගියහ.
" එක්ස්කියුස් මී නර්ස් , අර නිම්දියා කියල ඇක්සිඩන්ට් එකක් වෙලා ගෙනාපු පේශන්ට් ඉන්නෙ....... "
" ආ සර් , මේ මෙතන රූම් එකේ.. "
" ආහ්... ඕකේ. තැන්ක්‍යූ වෙරි මච්... "
මින් පෙර කිසිදාක සශ් නිම්දියාව දැක තිබුනේ නැත. මන්ද යත් ඔහු පළමු දිනෙන් පසු තරහටම රෝහල වෙත කිසිම දිනක නොපැමිණි නිසාය. නමුත් අද ඔහුට ඇයට නිවසට රැගෙන යාමේ රාජකාරිය භාර වී හමාරය. ඔහු නිම් සිටි කාමරයේ දොර හැර සනුශ් සමග ඇතුලට ගියේය. දොර හැරි සැනින් ආ සුළං රැල්ලෙන් ඇගේ දිගු වරලස සුළගේ තාලයට ලෙළදෙන අතරේ ඇගේ සුරතල් අහිංසක ඒ මුව සශ් දුටුවේය. මින් පෙර කිසිදිනෙක ඔහු එවන් අහිංසකාවක් දැක නැත. කෙල්ලන් අදුකොළ සේ සිටි ඔහුගේ මුව ගොලු විය. ඔහුට සිහින් දාහයක් දැනුණේ ඇය සමග කුමක්දෝ බැදීමක් ඇති සේය.
************************************
සනුශ් ගේ හඩින් ඔහු නැවත පියවි සිහියට පැමිණියේය.
" සශ් , මොකද බං කන්න වගේ බලන්නෙ.. " 😏😏
ඒ වන විට නිම් දෑතින් ම කදුලු පිස දමමින් ඔවුන් දෙස බැලුවාය.
" මේ... ඔයා ල කවුද ? "
නිම් සිහින් හඩින් ඇසුවාය.
" ආ... ඔයා නිම්දියා නේද , අපි ඔයා ව එක්කන් යන්න ආවෙ.. "
" අහ් එහෙම ද , පූජනී ආන්ටි ද ඔයාලව එව්වෙ... "
එවර නම් සශ් ගේ කට ඇරුණේය.
" පූජනී ආන්ටි තමයි එව්වෙ... මං එයාගෙ ලොකු පුතා.. නැතුව මේ ඔයා ගෙ ඩ්‍රයිවර් නෙවෙයි තේරුනාද.... " 🙁🙁
" යකෝ... ඔහොම කියන්න එපා බං පව්.. "
සනුශ් නිම් ට නොඇසෙන පරිද්දෙන් සශ් ගේ කනට කෙදිරුවේය.
" මෙතන හුරතල් නොවී ඉක්මනට එන්න කියන්න මෙයාට.. අපිට තව වැඩ තියෙනවා නෙ.. "
එවිට හෙදියක් කාමරය තුළ ට ෆයිල් එකක් රැගෙන පැමිණයාය.
" සර් , මේකෙ සයින් කරන්න.. මෙයාට තාම හොඳටම ඇවිදින්න බෑ.. මේ වීල් චෙයාර් එකේ එක්කන් යන්න.. "
STAI LEGGENDO
දෛවය මතින්.. ( Completed )
Storie d'amoreදුකම විදි මහිතට...සැනසුමක් ගෙන ආ නුඹ....ආඩම්බරකාර ඒ ඇස්...මගේම උනු අරුමය... දෛවයයි අප එක් කලේ...පතමි මා නුඹ හැම භවේ...💘💘💘💘