පස්වන දිගහැරුම.

113 12 0
                                    

විනෝද ගමන යන දිනට පෙර දින රාත්‍රියේ නිම් හා පවුලේ අනෙක් අය ලහි ලහියේ සියල්ල සූදානම් කරමින් සිටී. නිම් ඇදුම් ආදියට අමතරව නවකතා පොතක් ද බෑගයට දමා ගත්තා ය. එය ඇගේ අයියා දුටුවේය.

" මොකද මේ නවල්ස් අරගන්නෙ, ට්‍රිප් යන්නෙ පොත් කියවන්නද...අම්මෝ... මෙයාගෙ ට්‍රිප් යාම...😁😁 හරි හරියට කියවයි දැන් ගියා ම ඔය පොත්.. "

" අනේ මේ අයියේ , ඒක මං බලාගන්න ම්.. ඔයා ඉන්න අනේ... හැමතිස්සෙම මොකක් හරි කියනව මට.. "

" කෝ දෙනව , මොකක්ද මේ පොත කියල බලන්න... "

අයියා එය උදුරා ගත්තේය. නිම් එය ගැනීමට තැත් කලද අයියා සමග ඔට්ටු වීමට සියුමැලි ඇයට නොහැකි ය.

" පුතා... සෙල්ලම් කරන්න එපා.. දෙන්න ඔය පොත ඒ දරුවට... ඔයාටත් පිස්සුනෙ..ලොකු අයියා නේද... "

තාත්තා පැවසූ විට ඔහු පොත ඇයට දී ඈ වෙත රැව්වේය. නිම් ද දගකාර ලෙස ඔහුට රවා එය බෑගයට දමා ගත්තාය.

" තාත්තෙ එහෙ ගියාමවත් මෙයාට කියන්න පාඩුවේ ඉන්න කියල මගෙ දේවල් වලට හොට දාන්නෙ නැති ව... "

" අනේ මේ තමුසෙගෙ කෙහෙල්මල් වලට හොට දාන්න මට වැඩේමයි...😏😏 "

" ලොකූ...  ඇති දැන්.. ඉක්මනට ඕව ලෑස්ති කරල ටිකක් නිදාගන්න.. පාන්දරින් යන්න එපැයි.. "

" ඔව් ඒක නම් ඇත්ත පුතේ... ඉක්මන් කරන්න කාල නිදාගන්න... ඕක ලෑස්ති කරල.. "

අම්මා ද සාලය වෙත පැමිණ පැවසුවා ය.

" හරි අම්මේ.. "

දෙදෙනා ම එකවර ම කීය. ඒක දැක තාත්තාට ද සිනා ගියේය.

අවශ්‍ය දෑ සියල්ල සූදානම් කර රාත්‍රී ආහාර ගෙන නිම් ඇතුලු පවුලේ අය නින්දට ගියේ පාන්දර ම පිටත් වීමට සිතාගෙන ය.

මේ අතර නිම් ගේ නැන්දා ,

" මේ... හෙට පාන්දර තමයි හැමදේම වෙනස් වෙන්නෙ.. දේපළ සේරම අපේ.. ඔයා හැමදේම ලෑස්ති කරල නේද තියෙන්නේ.. "

" කෑ නොගහ දැන්වත් නිදාගන්නව කො.. ඒව හරි. වැඩේට මිනිස්සු දම්මවල තියෙන්නෙ.. "

" ඔය මිනිස්සු වැඩේ හරියටම කරයි ද.. "

" මේ... උන් ඒව පුරුදු වෙන්න නෙවෙයි කරන්නෙ.. උන් පාතාලෙ.. "

දෛවය මතින්.. ( Completed )Tempat cerita menjadi hidup. Temukan sekarang