පහලොස්වන දිගහැරුම.

83 11 10
                                    

ඔවුන් දෙදෙනාගේ සංවාදය අසා සිටි ආදි පුටුවෙන් නැගිට්ටේ ,

" යමං යක්කුනේ.... " 😁😁

කියාගෙන ය.

ඇණවුම් කල කේක් එකද ලබා ගත් සශ් ,සනුශ් හා ආදි සමග ගියේ සනුශ් ගේ බෝඩිමට ය. එහිදී හැද පැලද ලක ලෑස්ති වූ ඔවුන් නිවසට ලගා වන විට සවස 6.30 පමණ වී තිබුණි.

***********************************

මේ අතර ඔවුන් නිවසට පැමිණීමට සුළු මොහොතකට පෙර ශනූර්යා නිවසට පැමිණියේ හැඩිදැඩි ආරක්ෂකයින් දෙදෙනෙකුද සමගය.

විදුලි බුබුලින් සරසා තිබූ වත්ත මැදින් ආරක්ෂකයින් ද සමග නිවසට ඇතුලු වූ ශනූ එතරම් පිරිසක් මැද මුලින්ම දුටුවේ අමුත්තන්ට බීම පිළිගන්වමින් සිටි නිම් ය.

ඇය දුටු සැනින් මේ කවුදැයි මතු වූ පැනයට විසදුම් සොයනු පිණිස ඇය අසල සිටි සුමනාට කතා කලාය.

" සුමනා... මෙහෙට එනවා "

" ඇයි නෝනා..?? "

" නෝනා !!! ශිට්.. බේබි කියනවා.. මෝඩ ගෑනි.. "

ශනූ කීවේ සුමනා දෙස කේන්තියෙන් බලමින් ය.

" ඔව් බේබි , ඇයි ? "

" කවුද අර රතු පාට ගවුමක් ඇදන් ඩ්‍රින්ක්ස් අල්ලන ගර්ල්... "

" ආහ්... ඒ මේ අපේ නිම් නෝනා. "

" මොකාක්... නිම් නෝනා... ඒ කවුද ? "

" මේ ඇක්සිඩන්ට් එකක් වෙලා කාත් කවුරුවත් නැතුව පාරෙ වැටිල ඉන්නකොට ලොකු නෝනල තමා හොස්පිට්ල් එකකට ඇඩ්මිට් කරේ.ටිකට් කැපුවම මෙහෙ එක්කන් ආවා. "

" වට්... ආන්ටිලාටත් පිස්සුනේ...මේ එක එක කෙල්ලො ගෙනැත් දාගන්නෙ "

" අනේ නෑ බේබි... හරි සීදේවි කෙල්ල "

" අනේ මේ... කටවහන් පලයන් උඹ "

කියා සුමනා දෙසට අතක් දිගු කොට ශනූ යන්නට වූයේ නිම් දෙසට ය.

************************************

" හේයි යූ.... කම් හියර්... "

ශනූ නිම් ට කතා කලේ නොමනා ලෙසය.

" ඔව් කියන්න.. මොනව හරි ඩ්‍රින්ක් එකක් ඕනද ? "

" මේ හලෝ... ඔයා මගෙන් අහන්න ඕන නෑ ඒක. දන්නවද මම කවුද කියල "

දෛවය මතින්.. ( Completed )Where stories live. Discover now