දහවන දිගහැරුම.

97 10 2
                                    

" ආ.. අයියේ... කන්න ආවද..?? " 😏😏😏

ලිශී උපහාසයට මෙන් ඇසුවේ ඔහුගේ මුහුණේ අමුතු නොසන්සුන් බවක් දුටු නිසාය.

" කෑම මේසයට එන්නෙ කන්න නැති ව ඇග හෝදන්නද..?? " 😒😒😒

මොකුත් නොහගවාම සශ් පිළිතුරු දුන්නේ ලිශී වෙත නපුරු බැල්මක් හෙලමින්‍ ය. ඒ දුටු ලිශී දිව ඇද කර ඔහුට රැවීය.

" ඒ මේ සනුශ් අයියා... අද නම් ඉදිආප්ප නෙවෙයි බත්. ඔයා කන්න ආසද ? "

සිනාසෙමින් ලිශී ඇසුවේ උපහාසයට ය.

" ඔව්.. බත් වලට ත් කැමතී. මේ , ඒක නෙවෙයි ඔයා ට උයන්න පුළුවන් ද ලිශී.. "

" මට උයන්න පුළුවන් උනත් නැතත් ඔයා ට වැඩ ක් නෑනේ.. "

" මොකද වැඩක් නැත්තෙ , මම ඒව දැනගන්න එපැයි.. "

" ආහ්... ඒ මොකටද ඔයා දැනගන්නෙ ආහ්.. 😯😯 යනව හලෝ යන්න..  ඔයා ට පුළුවන් ද බිත්තරයක්වත් බැදගන්න.. " 😏😏

ලිශී හා සනුශ් විකාර කියවමින් රණ්ඩු වෙන අතරේ සශ් ට ඒ කිසිවක් පිළිබද නොඇසුනේ ඔහු සිතින් වෙනමම ලෝකයක සැරිසැරූ නිසා ය.

මේ අතර ලිශී ගේ නෙත ගැටුනේ සශ් අසිහියෙන් බීමට සකස් කර තිබූ දොඩම් යුෂ බත් එකට වත් කරගන්නා අයුරු ය. 🤣🤣🤣🤣

" අයියෝ...... අයියෙ , මොකද අනේ ඔය ඔරේන්ජ් ජූස් බත් එකට දාගන්නෙ , ඔහොම රසයිද.. ?? 😏😏🤣🤣🤣

කියමින් ඈ සනුශ් ගේ පිටට ද පහරක් වැරෙන් ගසමින් සිනාසෙන්නට විය. සනුශ්ට ද එවෙලේ නම් මුවගට ආ සිනහව නවත්වා ගත නොහැකි විය. 🤣🤣🤣

" මචං සශා... උඹ ට පිස්සු ද යකෝ... ඔය අල හොදි නෙවෙයි , ඔරේන්ජ් ජූස්.. " 🤣🤣🤣🤣

කියමින් සනුශ් හා ලිශී මහ හයියෙන් සිනාසුනේ සශ් ඔවුන් දෙස ලැජ්ජාවෙන් බලා නැවතත් බත් පිගාන දෙස බලද්දීය.

" නෑ බං , මේ... මං..... "

" ඔව් ඔව් අයියේ.... ඇයි කියන්න.... "

ලිශී තව තවත් සිනාසෙමින් ඇසීය.

" මේ හලෝ , ඔයා කාල ඉවර නම් යනවද... "

" නෑ මං තාම කාල ඉවර නෑ. කාල ඉවර වෙලා ඔය අඩියෙ තියෙන ඔරේන්ජ් ජූස් ටික බොන්න ඕනි.. " 🤣🤣🤣

දෛවය මතින්.. ( Completed )Where stories live. Discover now