එකළොස්වන දිගහැරුම.

117 11 2
                                    

පැයක පැය එකහමාරක ගමනකින් පසු සශ් හා සනුශ් නිම් ගේ මාමා ගේ නිවස වෙත ළගා විය. පිටත තිබූ ඉඩකඩක වාහනය නැවතූ ඔවුන් දෙපල නිවස වෙත පිය නගද්දී නිම්ගේ මාමා ගේ බිරිඳ නිවස අතුගාමින් සිටියාය.

සශ් ගේ දොරකඩට විත් උගුර පෑදූයෙන් ඇය ඔවුන් දෙස බැලීය.

" මේ , මිස්ටර් නිමල් ගේ ගෙදර ද..?? "

" ඔව්. නිමල් කියන්නෙ මගෙ මහත්තයා. ඇයි..?? "

" අපි මේ පොඩි විස්තර ටිකක් දැනගන්න ආවෙ.. "

" මොනව ගැනද..?? " 😯😯😯🤔🤔🤔

ඇය කලබල වී ඇසීය.

" නෑ නෑ.. කලබල වෙන්න දෙයක් නෑ. අර ඔයාලගෙ අයිය කෙනෙක් ඇක්සිඩන්ට් එකකින් නැති උනේ.. ඒකෙ විමර්ශන කටයුතු සදහා තමයි අපි ආවෙ.. "

" ආහ්... එහෙමද.. එන්න මහත්තයල ඇතුලට.. එයා ලෙඩ වෙලා ඉන්නෙ මහත්තයා. පුළුවන් නම් කාමරේ ට ගිහින් කතා කරන්න.. "

" හරි බොහොම ස්තූතියි.. අපි කාමරේ ට ගිහින් කතා කරන්න ම්.. "

ලෙස පවසා ඔවුන් ඇය පෙන්වූ කාමරය වෙත ගියෝය. ඔවුන් කාමරය ට ආ සැනින් ඇදෙන් නැගිටීමට ඔහු උත්සහා කළද සනුශ් ඔහු වැලැක්වීය.

" ඉන්න මිස්ටර් නිමල් , අපි මේ තොරතුරු ටිකක් ගන්න ආවෙ. "

" මොනව ගැනද..?? "

" අපි ආවෙ ඔයාගෙ අයියගෙ ඇක්සිඩන්ට් එක සම්බන්ධ ව කවුරු හරි කෙනෙක් හෝ තරහකාරයෙක් කවුරු හරි ඉන්නවද කියල ඔයාගෙන් දැනගන්න. "

" මට නම් ඉතින් සැක අර අම්මණ්ඩිල දෙන්න තමයි. වෙන කවුද.. " 😠😠😠

ඔහු මුහුණ පසෙකට හරවා ගත්තේ කෝපයෙන් ය.

" කවුද...??? "

" අයියල නංගී ල දෙන්න තමයි. මගෙ නංගී ව අයිය බැදල හිටියෙ. ඒකයි මං අයිය කියන්නෙ.. "

" ඇයි ඒ නංගී ල තමන්ගේ අයිය එක්කම මෙච්චර තරහක්...??? "

" ඔය දේපල තණ්හාව නිසා තමයි ඕකුන් සහෝදරකමුත් අමතක කලේ.. "

" ඉතින් මෙච්චර දෙයක් කරන්න තරම් බලපුළුවන්කාරකමක් තියෙනවා ද ඒ අයට.. ?? "

" මොකද නැත්තෙ.. ඔය ලොකු නංගී කියන එකීගෙ මිනිහ ඇමති කෙනෙක් එක්ක ළගම සම්බන්ධයක් තියෙන මිනිහෙක්. ඕන ජරා වැඩක් කරයි. "

දෛවය මතින්.. ( Completed )Où les histoires vivent. Découvrez maintenant