හතරවෙනි දිගහැරුම.

129 15 2
                                    

ඇදුම් ආදිය ද රැගෙන මුහුදු වෙරළට ද ගිය නිම් ඇතුලු පවුලේ සියලු දෙනා සවස් යාමයේ නිවස වෙත ගියහ. ඉතා මහන්සියක් නිම් ට මෙන්ම අනෙක් අයටද තිබූ අතර අම්මා ඇදුම් මාරු කර මදකට ඇදේ ඇල වූයේ ටික වේලාවකින් නැගිට රාත්‍රී කෑම සෑදීමටයි.

නිම් ඇදුම් මාරු කරමින් සිටින විට ඇයට පෙනී ගියේ ඇගේ අතේ බැද තිබූ බ්‍රේස්ලට් එක නොමැති බවයි. එය ඇයට ඇගේ තාත්තා අවසන් වරට අරන් දුන් බ්‍රේස්ලට් එකයි. ඇය එය ඉතා ආසාවෙන් පැළදි අතර එය නැති වීම ඇයට මහත් දුකක් විය.

" අනේ තාත්තේ... බලන්නකෝ.." 😭😭😭

" මොකද දරුවො මේ පොඩි එකෙක් වගේ අඩාගෙන.."

අනේ තාත්තේ , තාත්තා අරන් දීපු අර බ්‍රේස්ලට් එක , ඒක මං අද දාගෙන ගියා... ඒක නැති වෙලා තාත්තේ.." 😭😭😭

" අයියෝ...මේ ඒකටද අඩන්නෙ, පොඩි ළමයිවත් ඕවට අඩනවද දරුවෝ...."😁😁

" මං පොඩියි තමයි.."

" 🤣🤣 අවුරුදු 23 ක් කියන්නෙ පොඩිද ? "

තාත්තා සිනාසෙන්නට විය.

" තාත්තට හිනා.... 😔😔 මට වටිනවනෙ තාත්තා ගෙනැත් දෙන වැලි කැටයක් උනත්... ඉතින් මට දුකයි... " 😢😢😢

" අනේ මගෙ පැටියෝ.... ඔයා ට මම තව එකක් අරන් දෙන්නම් කො ඕක මොකක්ද... "

" ඒත් තාත්තේ... "

" ඒත් මේත් නෙවෙයි.. මං අලුත් එකක් අරන් දෙන්නම්. නුවරඑළි යනවනෙ. එහෙදි මං අරන් දෙන්න ම් අලුත් ම ජාතියේ එකක්... "

" මට බ්‍රේස්ලට් එක නෙවෙයි තාත්තේ ඕන. තාත්තා මට අරන් දෙන ඕනම දෙයක් මට ගොඩක් වටිනව. ඒකයි මට දුක. මං ඒක නැති කරගත්තා නෙ... " 😔😔

" මං දන්නව දරුවො... අලුත් එකත් මං නෙ අරන් දෙන්නෙ. දැන් යන්න ගිහින් ඔයාගෙ අර මල් පාත්තිය බලන්න. ඒව කරන්න කවුරුත් නෑ මෙහෙ හරි ද.. ඔයාගෙ වැඩ නෙ ඒ.. "

මද සිනාවක් ඇගේ මුහුණ ම ඒකාලෝක කලේය.

" හ්ම්ම්... හරි තාත්තේ... " 😊😊😊

ලෙස පවසා ඇය මල් පාත්ති පැත්තට ගියාය.

ඇගේ මල් පාත්තියේ මල් සුවද දසත පැතිරෙමින් මුළු පරිසරය ම සුදවත් වෙයි.
හොදින් පිපී ඇති පිච්ච මල් කිහිපයක් ද තිබූ බැවින් ඇය එම මල් නෙලාගත්තේ සවස බුදුන් වැදීමට ය.

දෛවය මතින්.. ( Completed )Tahanan ng mga kuwento. Tumuklas ngayon