දාහත්වන දිගහැරුම.

182 12 14
                                    

සවස් යාමයේ සනුශ් නිම් ද සමග නිවසින් පිටවීමට ගියේ නිවසේ කිසිවෙකුටත් නොකියා ය. මන්ද යත් නිම් ව රැගෙන යන බව දැනගතහොත් පූජනී මහත්මිය එය වලක්වන බව දන්නා නිසා ය.

" ශ්....ශ්.... 🤫🤫 සද්ද කරන්න එපා තේරුණාද.. මෙහෙන් එනවා.... "

සශ් කීවේ රහසින් නිම් ගේ සවනට ලංවී ය.

" හ්ම්.... හරි හරි... "

නිම් ද රහසින් කීවේ වටපිට බලා ය.

නිවසින් එළියට පැන ගත් ඔවුන් දෙදෙනා ගේට්ටුවෙන් එළියේ නවතා තිබූ ජීප් රථයට ගොඩ වූයේ කඩිනමින් ය. සශ් නිම් ට ජීප් රථය ට ගොඩ වීමට අත්වාරු දුන්නේ ඇය ඔහු දෙස බලා හොරෙන්ම අහක බලා ගනිද්දීය.

ජීප් රථයේ රියදුරු ආසනයේ හිද සිටි සනූශ් ඔවුන් දෙස බැලුවේ සමච්චලේට මෙන් සිනාවක් පාමින් ය. 😏😏

" දැන් පූජනී ආන්ටි මෙයාව හොයල බය වෙයි ඈ... "

" නෑ..මෙයා කාමරේ ඇති කියල හිතයි. අපි ඇතුලෙන් ලොක් කරල බැල්කනි එකෙන් මගෙ කාමරේට ඇවිත් ආවෙ. තට්ටු කරල බලල නැති උනාම නින්ද ගිහින් කියල හිතයි.. " ( හොර වැඩ වලට expert සශ්..🤭🤭 )

" හහ්... 🤣🤣 යකාගෙ නින්දක් ඒක... "

කියූ සනුශ් රථය පණ ගැන්වූයේ සශ් ඉදිරිපස ආසනයෙන් හිදගනිද්දී ය.

" නිම්දියා.... "

සශ් කීවේ කණ්නාඩියෙන් ඈ දෙස බලමින් ය. යන්තම් ඇස් ඔසවා කණ්නාඩි ය දෙස බලා නිම් පිළිතුරු දෙන්නට විය.

" ම්...ම්... ඇයි..?? "

" අපේ ටීම් එක පිටිපස්සෙන් එනවා අනිත් ජීප් එකේ ආදි එක්ක. අපි ඔයා ට කියන තැනට ගිහින් ඔයා එතන ඉන්න ඕනි. "

" හරි , ඒත් .... "

" ඒත් මොකක්ද ?? බයවෙන්න දෙයක් නෑ ඔයා යන්නෙ අපි එක්ක. අපි පේන්නැති තැනක ජීප් එක නවත්තන් ඉන්නෙ. "

" හ්ම්..... හරි මට තේරෙනවා. මම කොහොම හරි මේක කරනවා.. "

ඇය සිතට දහිරි ගත්තේ හොඳ හුස්මක් ගනිමින් ය.

" වෙරි ගුඩ්.... අන්න එහෙම යි වෙන්න ඕනි. ඕකේ.... "

කියූ සශ් සනුශ් දෙසට ද මද සිනාවක් පා යන මග ඉදිරිය බලන්න ට විය. සුළු මොහොතකින් අවශ්‍ය ස්ථානය ට ලගා වූ ඔවුන් ජීප් රථ එකිනෙකට දුරස් ව නොපෙනෙන සේ නැවැත්වී ය.

දෛවය මතින්.. ( Completed )Where stories live. Discover now