🍃___9___🍃

296 74 2
                                    

ඔයා හැමතිස්සෙම ඔයාගේ ෆෝන් එක එක්ක බිසී....

මන් මෙතන ඔයා එහාපැත්තේ ඉදන් ඔයාට මාව නෝටිස් වෙනකන් බලන් ඉද්දි...

ඔයාට අඩුම මූවි එක බලන්නවත් ඔයා මට කරපු දේ බලන්නවත් සිහියක් නෑ...

ඔව් ඔයා වෙනදටත් එහෙමයි....

මොකද ඔයාට සිහියක් නෑ මූවි එක බලන්න අපි දෙන්නගෙ කිස් එක නිසා....

නැත්තම් සමහරවෙලාවට මේ සෝෆා එකේම අපි එකිනෙකාගේ උනු අවස්තාත් ඇති....

ඒත් දැන්...මට අඩුම අපි ඒ දේ කරපු දවසවත් මතක නෑ....

අඩුමතරමේ දැන් 'මන් ඔයාට ආදරෙයි' කියන දේ මේ ගෙදර අපි දෙන්නා අතරින් ඇහෙන්නෙම නැතිතරම්....

ඒත් මැසේජ් කරද්දි විතරක් 'Love' කියනවා ඔයාට එයා එක්ක ඉන්න ඕන නිසා....

ඔයා එක එක බොරු කාරනා කියලා මාව මගැරලා එයා එක්ක යද්දි....

ඔයා හිනාඋනු එක දැකලා කොහොමදෝ මාත් හිනාඋනා....

ටීවී එකේ ප්ලේ වෙන මූවි එක මගාරින ගමන් මාත් හිනාඋනා....

මොකද ඔයාගේ පොඩි හිනාවක් උනත් මට මහ ගොඩක් වටිනවා...

මන් දන්නවා ඔයා සතුටින් ඉන්නේ එයා එක්ක කියලා....

ඔයාගේ හිනාවට මන් හේතුව නොවුනත්..ඔය හිනාව දකිද්දි තාමත් මගේ හිත හොදටම ගැහෙනවා....

ඔයාලා හිනාවෙලා කාලේ ගත කරනවා..මෙහෙ කෙනෙක් අස්සේ වේදනාව මතුවෙද්දි....

ඔයා මාව හොදට රිද්දනවා.....

🍃

ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now