ප්‍රවේශය

132 15 0
                                    

දහසක් පැතුම් පොදි බැදගෙන පුන පුනා මග බාලාසිටි දිනය උදාවිය. සුවහසක් විශ්වවිද්‍යාල  අපේක්ෂකයින්ට නම් නිදිනොලත් රැයකි.
" චූටි තාම නිදි නැද්ද

අක්කාත් නිදි නෑනේ

මන් රිසාල්ට් බලලා නිදාගන්නම්

හා ඉතින් මාත් බලලා නිදාගන්නම්

දැන් ඔයා A/l කරාද

මන් කරේ නැති උනාට ඔයා කරානේ

ඔයාගේ කට නම්"

චූටි දිවඇද කර පෙන්වීය. ඇයද සිය සොහොයුරියගේ ලකුණු අපේක්ෂාවෙන් සිටිය හ. ඇගේ සෑම දුකේදීමෙන්ම සැපේදීද ඇය ලගින්හුන් සොහොයුරියට ඈ මෙදින ලගින් සිටියයුතු වග හැගිනි. ඈ දන්නා පරිදි සොහොයුරිය විභාගයට මහන්සි වුවද ලකුණු කෙසේ ලැබේ දැයි ඇයටද විශ්වාස නැත. මෙහි ලගින් හිදීය යුතුවග ඈ තදින්ම විශ්වාස කරහ.

" තාම ඇවිත් නැද්ද 2.00 වෙලාව

නෑ ;ඔයාට කිව්වනේ චූටි ගිහින් නිදාගන්න

මට බෑ, එ මේ

ඔ මොකො

රිසාල්ට් එනකම් කොන්ජරීන් බලමුද

මොකාක්

ඔව් බලමුද

ඔක බලලා රෑට නින්ද යනේකක් නෑ ඔයාට ; ඊටපස්සෙ මගේ ඇදේ තමා ඉන්නෙ මටනේ කරදරේ

හුම්.. මන් එන්නෑ ඔය හඩ්ඩි ලගට; ගද විතරක්, නගර සභාවෙ කුණුලොරිය දැක්කොත් දාගෙන යයි.

බොරු කියන්නෙපා මන් ඊයෙත් නෑවා"
චිත්‍ර පටිය දෙදෙනාම පැය භාගයක් පමණ නරබීය. චූටි පටන් ගැන්මේදී බිය නුවූවද දැන් සොහොයුරිගේ උකුලේය. හොල්මන පැමිණි සැන දෑස් වසාගනී. එක් වරම චූටි බිය විය ඈගේ අතෙ වූ කෝපි කෝප්පය සොහොයුරියගේ ඇගේ හැලිනි.

" චූ......ටී..."
රාත්‍රියේ වුවද නිවස දෙදරා යන්නට ඈ කෑගැසීය. නිවසේ සැවොම ඇගේ කෑගැසීමට පහළට පැමිණියහ.

"මොකද දරුවො මේ මහ රෑ බෙරිහන්දෙන්නෙ අහලපහල මිනිස්සුන්ටත් නිදාගන්න නෑ

අම්මා මේ චූටි කෝපි එක ඇගේ හැලුවා"

"දැන් ලැබුනු පුවත්
අද්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ලකුණු දැන් නිකුත් කල වග අද්‍යාපන කොමසාරිස්තුමන් ප්‍රකාශ කරයි"

"දරොවො රිසාල්ට් ඇවිල්ලලු බලන්නකො කෝමද කියලා

අයියො තාත්තේ සිග්නල් නෑ

උඩට යන්න

මෙහෙම වැඩක්වත් ගන්න බැරිනම් ෆෝන්වලින් වැඩක් නෑ නේ

ලොකූ වහලට නගින්නකො නංගිව බැර්කනියෙන් තියලා

හා අම්මේ"
මහා පරිශ්‍රමයක් දරා අවසනයේ ඇගේ විභාග ලකුණු ලබාගත් හ.

"අයියේ......කොමද අඩුද ලකුණු අඩුනම් කියාන් මෙතනින් පනිනො

ඔයි මැට්ටි පිස්සුකරන්නෙපා බැහැපන් ඔතනින් බිමට

කෝමද රිසාල්ට්

බැහැපන්

හරි බැස්සා කියන්නකෝ........

පුතා කියන්නකො

අයියේ කියන්නකෝ

ලොකූ...

පුදුම හදිස්සියක්නේ ;A3යි

මට ඇහුනා වැරදිද

නෑ නෑ හරි A3යි

කෝදෙනෝ බලන්න "
ලකුණු දුටු සැනින් ඇගේ දෑස් විසල් විය.

"මන් දැනන් හිටියා මගේ පුතා හොදට විභාගේ කල්ලා ඇති කියලා"

කලබල අවසන්ව සියල්ලන්ම නැවත නින්දට වැටිනි පැයභාගයක් යාමටත් පෙරම චූටි කොට්ටය රැගෙන සොහොයුරියගේ ඇදට පැමිණියහ.

"අක්කේ .....
අක්කේ..

මොකද වදේ

හොලමනට බයයි

මන් කිව්වා බලනකොට අනික මට හඩ්ඩි කිව්වනේ ඇයි මන් ලගට ආවෙ

අනේ සමාවෙන්න ඉතින් මගේ සුදු අක්කනේ

හාපෝ බටර්පාර නිදාගනින්"

ඔයාලා බලනෝ ඇති මොකද්ද උනේ කියලා ඔව් මේ මගේ පවුලේ අයගේ හැටි අද A/l results එන දවසනේ ලොකූ කොච්චර කිව්වත් මට නම් තාම ශුව නෑ A3 කියලා මන් හිතන්නෙ වැරදිලාද කොහෙද. මන් තමයි නිවාරා මට ඉතින් අයියායි නංගියි ඉන්නෙ දැක්කනේ චූටිටනම් කඩිකුලප්පුව අම්මා කියන්නෙ එහෙම තමා. තව දවසක තව පිටුවක් ලියන්නම් .








A/N

මා දයාබර රසික රසිකාවියනි ඔන්න අලුත් කතාවක් ඔයාලට රෑට එන්නම් ලොකු එකක් අරන්

Dear DiaryWhere stories live. Discover now