නාබිගෙ ඇඟ සීතල වෙලා කම්බුල් දෙක රතු පාට වුණා. මේ රැස්වීමෙ එක අතුරු ඵලයක් විදිහට නාබිගෙ හිත ඇතුලෙ BTS "V" ට තිබුණ ආදරේ ගෞරවය එහෙමම පැත්තක තියෙද්දි, කිම් තේහ්යොං කියන මේ අලුත් නසරානි මොඩලර් ව නාබිගෙ පරම හතුරෙක් බවට පත්වුණා.
ඒ යෝජනාවට නාබිලගෙ AD දැරුවෙ මේ වගේ අදහසක්.
♦️"ඒ යෝජනාව හොඳයි. බජට් එකටත් ගැලපෙනව. අපිටත් පහසුයි. ඒත් නාබි කියන්නෙ මේ ගැන පලපුරුද්දක් නැති කෙනෙක්. අපිට තියෙන කාලෙත් එක්ක මැනේජ් කරගන්න අමාරු වේවි. නේද යූන් ෂී?"
♣️"ඔව් AD. මේකයි ජොන්හන් ෂී.. අපිට තියෙන කාලෙ මදිනෙ. ඔයාට අපි වැඩේ කම්ප්ලීට් කරල සතියකින් දෙන්න ඕන.. දැන් පේනවනෙ, අපේ මිස් නාබි එක්ක වැඩ කරන එකත් ටිකක්... 😂"
ඩිරෙක්ටර් යූන් ගෙ මූණෙ කාලෙකින් දකින්න පුළුවන් හිනාවක් මතු වුණා. නාබිගෙ presentation එකෙන් පස්සෙ ඩිරෙක්ටර් ගෙ මූඩ් එක සෑහෙන දුරට හොඳ අතට හැරිල තිබුණා.
ඒත් නාබි ඔලුව බිමට හරවගෙන තොලත් හපාගෙන ඇස් විතරක් උස්සලා වටේම බැලුවෙ දවසේ බයිට් එක වුණ සතුට දරාගන්න බැරි නිසා බව ලීහිට තේරුණාම, ලීහි හෙමින් නැගිටලා නාබි ළඟට ආවෙ මේ වෙලාවෙ තමන්ට කරන්න පුළුවන් එකම දේ ඒක නිසා.
♦️"යූන් ෂී.. අපිට කාලය ගොඩක් අඩු නිසා මම මොඩල් බෑන්ක් එකකින් අලුත් මොඩල්ස්ලා ටිකක් ගෙන්නුවා. මෙහෙමම අපි බලමුද කෙනෙක්ව සිලෙක්ට් කරගන්න"
♣️"අහ්, ගුඩ් අයිඩියා.. ජොන්හන් ෂී ත් ඉන්න වෙලාවෙ ඒක හොඳයි. තේහ්යොං ෂී ටත් බලාගන්න පුළුවන් පාට්නර්ව. ආයෙත් අපි රැස් වෙන්න ඕන නෑ එහෙම වුණොත්. කෙලින්ම වැඩේට බහින්න පුළුවන්. ඔය මහත්වරුන්ට පුළුවන් ද අපිට තව ටික වෙලාවක් වෙන් කරන්න?"
තේහ්යොං ගෙ මැනේජර් තේහ්යොං ගෙ කනට ළංවෙලා මොනව හරි කිව්වා.
❤"ඒක කැන්සල් කරන්න. ඕකේ යූන් ෂී. ලෙට්ස් ගෝ"
සුදුසු නිරූපිකාවක් තෝරන්න මේ ස්ක්රිප්ට් එකේ පුංචි කොටසක් යොදා ගත්තෙ. මේ සම්මුඛ පරීක්ෂණ කමිටුවට සහභාගි වුණේ කීප දෙනෙක් විතරයි. ඩිරෙක්ටර් යූන්, AD සෝහා, Production designer ශෙවාන්, Costume designer ලීහී, Script writer නාබි, සේවා දායක ආයතනය වෙනුවෙන් වෙළඳ ප්රවර්ධන කලමණාකරු ජොන්හන්, ප්රධාන නිරූපන ශිල්පීන් කිම් තේහ්යොං ට අමතරව ආයතනයේ තවත් දෙන්නෙක් ඒ කණ්ඩායමට අයත්.
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanfictionජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...