🧡"...කු..කී..ට...! "
ඇහුණ දේ ගැන හරියට විශ්වාසයක් තිබුණෙ නෑ කුකීට.
ලීහිගෙ ආයාචනාත්මක දෑස වගේම අනිත් හැමෝගෙම බැල්ම නැවතිලා තිබුණෙ කුකී ළඟ
ජංකුක් ආයෙ හැරිලා බැලුවා. එයාට දැනුණෙ හදවත එළියට පනින්න දඟලනවා වගේ.
🧡"කුකී... ඔයාගෙ යාලුකම මට මදි වුණා නෙමෙයි. ඒත් මට මින්සූ ඔප්පා කිව්වා ඔයා ගැන. මම නැති දවස්වල ඔයා මාව කොච්චර හෙව්වද කියලා. එයා තේරුම්කලා ඔයාගෙ හිතේ මට මොනතරම් ඉඩක් තියෙනවද කියලා. මං කැමතියි හැමදාටම ඒ තැන මට ඉන්න දෙනවනම්. ඒත් ඒ ඔයා කැමතිනම්...
.... ඔයා මාව මැරි කරන්න ලෑස්ති වුණේ ටේෂි බබා නිසානෙ. ඒ නිසයි එදා මම අකමැති වුණේ. ඒත්.. ඔයාගෙ අකමැත්තක් නැත්නම් මට හැමදාම ඔයා ළඟ ඉන්න දෙනවද කුකී.. ථයා ඈත් වෙලා හිටපු මේ දවස් ටික ඔයා නැතුව මම මොනතරම් අමාරුවෙන්ද ගෙවාගත්තෙ. ඒක මට කියන්න තේරෙන්නෑ..."මින්සූ ලීහිගෙ සිනිඳු හිසකෙස් මතින් ඔලුව අතගාලා, තල්ලු කරලා වගේ කෙල්ලව කුකී ළඟට යැව්වේ වෙච්ච දේ අදහගන්න බැරුව වගේ කූකී ගල්ගැහිලා බලාගෙන හිටපු නිසා..
ජංකුක් අතේ තිබුණ බෑග් එක එහෙමම අතෑරලා ලීහිව දෑත් අතරට අරන් හිස මතට දෙතොල් තෙරපලා සිපගන්නකොට ඇස්වල තිබුණ වේදනාත්මක අළු පාට කඳුලක් රිදී පාටට හැරිලා ඒ අතරට මුසුවුණා.
ලීහි ජංකුක්ගෙ උණුහුමට ගුලිවෙද්දි ශෙවාන්ගෙත් අනිත් හැමෝගෙමත් මූණු වල සැනසිලිදායක සිනා මැවෙද්දි රූහි ඉඳගෙන හිටපු පුටුවෙම ඉදිරියට නැමිලා හැමෝටම හොරෙන් අඬනහැටි මින්සූ දැක්කා.
🤎"රූහි! මට කතාකරන්න ඕන. ටිකක් එන්න."
මින්සූ රූහිත් එක්ක කොරිඩෝ එක කෙලවරේ තිබුණ බැල්කනි එකට ගියා. හැමදාමත් වගේ ලීහිව මතක් කරවන හඳ ඒ දිහා බලන් ඉද්දි බර හුස්මක් හෙළපු මින්සූ රූහි දිහාට හැරුණා.
🤎"මොකක්ද මේ වැඩේ? ඔයා මොකක්ද මේකෙන් බලාපොරොත්තු වුණේ. ඔයා දන්නව මං මගේ රාජකාරියට අවංකයි කියලා. ඔයාගෙ ජීවිතේ පවා අවදානමක දාගෙන හෙඩ් ඔෆිස් එකෙන් මේ ඩීටේල්ස් හොරකම් කලේ ඇයි ඔයා? ආයතනයෙ රූල්ස් දැනගෙනත්.. ම්...? මම මේකෙන් ලොග් වෙලා මගේ ඩීටේල්ස් මැකුවට පස්සෙ කොහෙටහරි වෙලා මට නිදහසේ ඉන්න පුළුවන්. ඒත් ඔයා දන්නවද ඔයාට මොකද වෙන්නෙ කියලා..? ඔක්කොටම කලින් කියනවා මට ඇයි දැන් මේ අඬන්නෙ කියලා.. ඔයා මෙතන සිද්ධවෙන කිසි දෙයක් හරියට දන්නෙත් නැහැ. මොකක්ද ඔයා කරන්නෙ?"
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanficජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...