💜"ඔයාට ඒ පණ්ඩිත කම් වැඩක් නෑ. ලීහී... කරුණාකරලා පාඩුවෙ ඉන්න. ඔය දෙන්නගෙන් මට වටින්නෙ තමුසෙ නිසා කියන්නෙ. කියන දේ අහනවා"
🧡"ඇයි මාව ලියල දීලද? මොකක්ද මොට්ටස් කියන්නෙ? ඒ ළමයා මොකක් හරි ලොකු අවුලක ඇත්තෙ. නැත්නම් එයා කවදාවත් ටේ ඔප්පව අතාරින්නෑ. මොකක් හරි හේතුවක් ඇති. මට එයා එක්ක කතා කරන්න ඕන. පුළුවන්නම් ඔච්චරට මං ගැන හිතනව නම් එයා ඉන්න තැනක් හොයල දෙන්න"
💜"කියන්න තියෙන ඔක්කොම හේතු පැහැදිලිවම ටේට කියල තමයි එයා යන්න ගියෙ. ඔයාට ඒවවල තව සුද්ද කරන්න දෙයක් නෑ. ටේත් දැන් හිත හදාගෙන ඉන්නෙ. ඔයත් ඈත් වෙලා ඉන්න ඔය වගේ අයගෙන් "
🧡"නෑ... මං කවුරු මොනව කිව්වත් බාබි හම්බවෙලා කතා කරනකන් විශ්වාස කරන්නෙ නෑ. මට එයාව බලන්න යන්න ඕන"
💜"ලීහි... මට තමුසෙ අඬනව බලන්න ඕන නෑ. ඒකයි කියන්නෙ. යන්න එපා.. ඕන නෑ... අතෑරල යන අයට යන්න දෙන්න"
🧡"මම නාබි එක්ක කතා කරල මිසක් ඔයා කියන දේ අහන්නෙ නෑ. මොකද ඔයා මගෙ තාත්තද?"
ලීහි හිතුවක්කාර වුණා. කොටින්ම ජංකුක් එක්ක කතා කරන එක පවා නැවැත්තුවා.. ඒත් ජංකුක් වගේම නම්ජූන් ජින් හොබී ජිමින් කොටින්ම යුංගි පවා කිව්වෙ නාබිගෙන් ඈත් වෙන්න කියලා.
ඒත්... අන්තිමේ ජංකුක්ට සිද්ධ වුණා පලවෙනි වතාවට පරාජය බාරගන්න. ලීහි නිසාම.. මොකද .. මොන විදිහකින් හරි ලීහි නාබිව හොයාගෙන යන බව දන්න නිසා..
💜"හරි, මම එක්ක යන්නම්... හැබැයි... මට පොරොන්දු වෙන්න මොන දේ වුනත් ඔයා කඩා වැටෙන්නෙ නෑ කියලා. මට කියන්න, ඔයාගෙ හිත හයියද ඕනම දේකට මූණ දෙන්න? නාබි ඔයාව මග අරින හේතුව මම දන්නවා. ඒ අතින් එයා හරි. තව සැරයක් හිතන්න ඔයාට ඕනම දෙයක් දරාගන්න පුළුවන්ද කියලා. මතකනෙ එක සැරයක්... මගෙන් වචනයක් වැරදිලා එච්චර දෙයක් කරගත්ත ඔයාව මං කොහොමද විශ්වාස කරන්නෙ? "
🧡" නෑ... එහෙම වෙන්නෙ නෑ."
💜"එයා ඔයාගෙන් මොනවහරි හංගනවනම් ඒක ඇයි හාරාවුස්සන්නෙ? පැත්තකට වෙලා පාඩුවෙ ඉන්න.. එයාගෙ දේවල් එයාටම බලාගන්න ඉඩ දෙන්න"
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanfictionජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...