නාබිට සීතලක් දැනුණා. නිදිමතට බර වෙච්ච ඇස් ඇරගන්න අමාරු වෙද්දි කම්මුලත් තවම පුපුරු ගහනව වගේ නිසා ඇස් පියාගෙනම අතපත ගෑවෙ හැමදාම ඇඳේ ළඟ තියාගෙන ඉන්න සීතලට තුරුල් කරගන්න ටෙඩියව හොයාගන්න. තවමත් අඩනින්දෙ ඉන්න නාබිගෙ හිස පුරා හැමදාමත් වගේ අම්මගෙ ඇඟිලි එහෙ මෙහෙ යද්දි ඇස් පියාගෙනම නාබි....
💙"ඔම්මා... සී..ත..ලයි.. මගෙ ටේ බෙයා කෝ...?"
නින්දෙන්ම ළඟට ලැබුණ ටේ බෙයාවත් තුරුල් කරගෙන නාබි ඇඟේ වේදනාවත් එක්ක ආයෙත් නින්දට වැටුණෙ දැනුණ උණුසුම, සනීපෙ නිසාමයි.
නාබිට පේන හීන, හීන කියල නාබිට දැනුනත් ඒ නින්දෙන් අවදි වෙන්න උවමනාව තිබුණත් ඇස් අරින්න බැරිකම නිසාම නාබි එහෙමම හිටියා.
හීනෙනුත් ඇහෙන්නෙ තේහ්යොං ගෙ ගැඹුරු කටහඬ. ඒත් දැන් ඉස්සර වගේ නාබි කැමති නැති වුණත් නාබිට ඒ හඬ අහන්නැතුව ඉන්න බැරි වුණා. තවමත් නාබිගෙ හීන වල තේහ්යොං, ඒජන්සි එක.. ශෙවාන්..
නාබි අහගෙන හිටියා..
❤"අන්යොං ශෙවාන්, Urgent matter. මට ලීහිගෙ නම්බර් එක දෙන්න පුළුවන්ද?"
💚"අන්යෝං තේහ්යොං ෂී, ලීහිගෙ නම්බර් එක..?"
❤"ඔව්, බාබි ඩෝල් පොඩි කරදරේක. ඒක නි.."
💚"යාහ්.. නාබිට මොකද? කොහෙද ඉන්නෙ එයා"
❤"ඔහ්, ශෙවාන් කාම් ඩවුන්. දැන් ප්රශ්නයක් නෑ. ඒත් එයාව මේ විදිහට ගෙදර යවන එක... මට නම්බර් එක දෙන්න."
💚"තේහ්යොං ප්ලීස්, කියන්න මොකක්ද වෙලා තියෙන්නෙ නාබිට. එයා කෝ.. එයා හොඳින් ද?"
❤"යාහ්.. ෂිට්! එයාට දැන් ප්රශ්නයක් නෑ. මෙතන ඉන්නවා.."
නාබිට දැනුණෙ මේ ඇත්තම සිද්ධියක් වගේ. නාබි ඇස් අරින්න උත්සාහ කරන ගමන් ඔලුව උස්සන්නයි හැදුවෙ. ඒත් ඔලුව යන්තම් උස්සද්දිම කොණ්ඩෙ අතරින් හිස අතගාන සනීපෙට ආයෙම නින්ද ගියෙ හිසේ බරගතිය තවමත් අඩු නැති නිසා වෙන්න ඇති.
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
❤"..ඔව් ශෙවාන් කියන්න.."
ටේ කෝල් එක ආන්සර් කලා.
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanfictionජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...