💙"ලීහියා....!"
🧡"ම්..?"
ලීහිගෙ අතින් අල්ලගෙනම නාබි ආයෙත් පටන් ගත්තා.
💙"ඒක තමයි මම ටේබිට කියපු කතාව. ඔය ටිකමයි මම එයාගෙන් ඇහුවෙ... එයත් ඔයා වගේම ගොළු වුණා. අන්තිමේ පිළිගත්තා මම හරි කියලා. එයා මගේ තේරීමට ඉඩ දීලා යන්න ගියා. ඒත් ලීහියා... මගේ ඇත්තම කතාව වෙනස්. ගොඩක් වෙනස්..."
එකට පැටලුණු දැත දිහාට දෑස් එල්ල කරන් හිටපු ලීහි විදුලි වේගෙන් නාබිගෙ දෑස් දිහා බැලුවා.
🧡"මොකක්ද?"
💙"ඔයාට විශ්වාසද ඒ කතාව අහන්න ඔයාට හයියක් තියෙනව කියලා?"
🧡"ඔයා දන්නවා මං කවුද කියලා. මගේ ජීවිතේ මේ ටික කාලෙට මම අහල, දැකල, අත්විඳල තියෙන දේවල් වලට සැලුනානම් අද ලීහි කෙනෙක් නෑ... කියන්න ඕන දෙයක් "
💙"ලීහියා...! මම ටේබිට ආදරෙයි. අදටත් මේ මොහොතෙත් එදා තරම්ම ආදරෙයි. මම තරම් එයාට ආදරේ කරන තවත් කෙනෙක් නැතුව ඇති. මට තියෙන එකම ශක්තිය ටේබි වෙනුවෙන් මගෙ හිතේ තියෙන ආදරේ විතරයි. අදටත් මම ජීවත් වෙන්නෙ ටේබිගෙන් මට ලැබුණ ආදරේ නිසයි"
"........ මට උවමනා ආදරේ ටේබිගෙන් ලැබුණෙ නෑ කියල මම කිවවට මගේ මුළු ජීවත කාලෙටම ඇතිවෙන්න එයා මට ආදරේ දුන්නා... ඒ සතුටම ඇති මගේ ජීවිතේ තියෙනකන්ම හිනාවෙලා ඉන්න. මං කලිනුත් කිව්වෙ.. මම වාසනාවන්තයි ටේබි, ඔයා, ශෙවාන් වගේ අය මගෙ ජීවිතේට එන්න තරම්... ඒත්..."
🧡"බාබියා.... මට තේරෙන්නෑ මේ පටලැවිල්ල... මොකක්ද ඔයා කියන්න හදන්නෙ...?"
💙"මං ආයෙත් අහන්නම් අර කලින් අහපු ප්‍රශ්න ටිකම.. හැබැයි ඒ මගේ පැත්තෙන් නෙමේ.. ටේබිගෙ පැත්තෙන්.. හරිද... ? මං අහන්නෙ මුළු ජීවිත කාලෙම එකම හේතුවක් නිසා ටේබි විඳවන්න ඕනද? නැත්නම් සතුටින් ඉන්න එකද වැදගත්...?"
"....... ආදරෙයි, කැමතියි කියල මාව ළං කරගත්තට එතන ටේබි බලාපොරොත්තු වෙන හයිය, එයාට වුවමනා සහය නැත්නම්, කොටින්ම එතන ටේබි හොයන ජීවිතේ නැත්නම් ඒකට ගැලපෙන තැනකට යන එක නේද වෙන්න ඕන...?"
".... ටේබි මට ආදරේ කල පළියට ජීවිතේ හැමදාමත් දුක් විඳගෙන මගේ මත්තෙම නැහෙන එකටද ආදරේ කියන්නෙ?"
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanfictionජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...