❤"ගුඩ් මෝනින් මයි ලව්... අද මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ මගෙ බාබි ඩෝල් ?"
💙"ම්... විශේෂ දෙයක් නෑ ටේබී.. ඇයි?"
උදේම වුනත් හරිම ඇල්මැරුණු ස්වභාවයක් නාබිගෙ කටහඬේ තිබුණෙ.
❤"එහෙනම් හවසට යමුද ටිකක් ඇවිදින්න. අපිට එළියට යන්නත් බැරි වුණා ටික දවසකින්"
💙"ඔව් ඉතින්.. ඔයාට බෑන්ඩ් එකේ වැඩ විතරක් නෙමේනෙ.. අමතර වැඩම කොච්චරද.. වෙරි බිසීනෙ ඉතින්. එන්නෙත් ඉඳහිට.. කතා කරන්න වෙලාවකුත් නෑ.. අනේ මන්දා.. මොකක්ද ටේබි මේ ජීවිතේ..?"
❤"හරි ඉතින් බේබි.. ඒක අලුත් දෙයක් නෙමෙයිනේ. ඔයා දන්නවනෙ ඒව ගැන. අනික හැමදේම මං ඔයාට කියනවනෙ."
💙"ඔව්, අලුත් නම් නෑ තමයි. මට බය ජීවිතේ හැමදාමත් මෙහෙම ගෙවිල යයිද කියලා"
❤"බාබි ඩෝල්.. ඔයා දැන් හරි වෙනස්... මොකක්ද වෙලා තියෙන්නෙ. කතා කරන්නෙම හරහට.. ප්‍රශ්නයක් තියෙනවනම් කෙලින්ම කියන්න"
💙"ඔව් තියෙනවා.. මම දැන් පොඩි බබෙක් නෙමේ ටේබි මෙහෙම ගාඩ් කරන්න. මම ඔෆිස් ගියත් ෂොපින් ගියත් වැඩකට ගියත් කොහෙ ගියත් ගාඩ් කෙනෙක් මගෙ පස්සෙන් එනවා. ඔයාට එන්න වෙලාවක් නෑ. මට නිදහසේ කැමති තැනකට යන්න බෑ.. කැමති කෙනෙක් හම්බවෙන්න බෑ.. ඉතින් එපා වෙන්නැද්ද.. මං හිරකාරියක් වගේ.. මගේ අම්ම නෑ, අයිය නෑ, තාත්ත හිටියට එයා රටේවත් නෑ, බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියට එයාට වෙලාව නෑ... ඉතින්.. මේ තනියම ගෙවන ජීවිතේ එපා වෙන්නැද්ද.. මට හරි මහන්සියි.."
❤"ඕකේ බබා.. අද දවසම මම තියෙන වැඩ කැන්සල් කරන්නම්.. ඔයාට යන්න ඕන කොහෙද කියන්න... මං එක්ක යන්නම්.. වෙන කවුරුත් නෑ, අපි දෙන්නා විතරක්..."
💙"නෑ - නෑ.. අද ඔයාට පැරිස් කම්පනි එකේ මීටින් එක තියෙනව. ඒක මිස් කරගන්න එපා. ඒක ගොඩක් important. අද එන්න ඕන නෑ.."
❤"ඔව්.. ඒ මීටින් එක important තමයි. හැබැයි මට ඊට වඩා important ඔයාව. ඔයා ඔහොම කියද්දි කොච්චර වැදගත් වුනත් මං කොහොමද මීටින් එකට යන්නෙ"
💙"ඔයාගෙ වැඩවලදි මාව බාධකයක් කරගන්න එපා ටේබී.. මම ඒක අපේ අෆෙයා එක පටන් ගන්නකොටම ඔයාට කිව්වා.. ඔයාගෙ ඒම් එකට ඔයා යන්න ඕන.. මතකද ඒක... ඒක පොරොන්දුවක්"
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanfictionජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...