නාබිට ක්ෂේත්රයේ පලපුරුද්ද තිබුණට මේක අලුත්ම අත්දැකීමක්. මුලින්ම කැමරාවට මුහුණ දෙද්දි නාබි හිටියෙ දාඩිය දාලා, රතු වෙලා සෑහෙන්න එක්සයිට් වෙලා. කණ්ඩායමේ උදව් නිසා ටික වෙලාවක් යද්දි සාමාන්‍ය තත්වයට එන්න නාබිට පුළුවන් වුනත්, දැන් නම් නාබි කල්පනා කලේ තමන් කරගත්ත මෝඩ කමක මහත කියලා.
තේහ්යොං ට කොහොම හරි රිටර්න් එක දෙන්න උවමනා වුන නිසාම මේ කමර්ෂල් එකට තේහ්යොං එක්ක පෙනී සිටින්න නාබි තීරණය කලාට, මේක කොහොම හරි කරන්න ඕන කියලා අභියෝගයක් විදිහට භාරගත්තෙ තේහ්යොං ගෙ වචන නිසයි. ඒත්... නාබිට විශ්වාසයක් නෑ මෙතනදි තමන් සාර්ථක වේවි කියලත්. මොකද තමන්ට මේ ගැන කිසිම පුරුද්දක් නැතිකම වගේම තේහ්යොං එක්ක බොහොම සමීපව ඉන්න සීන් දෙක තුනකුත් තියෙන නිසා.
අලුත් කමර්ෂල් එකේ පසුතලය වුණේ සාප්පු සංකීර්ණයක්. සාමාන්‍ය විදිහට මිනිස්සු ගැවසෙන අතරෙ කොටසක් විතරක් පැය ගණනකට වෙන් කරගෙන රූගත කිරීම් කරන්න සූදානම් කරගෙන තිබුණා.
අන්තිමට සෙට් එකට ආවෙ තේහ්යොං. එච්චර වෙලා හිත හදාගෙන හිටියත් ඒ වෙලාවෙනම් නාබි ළඟින් යන ඕනම කෙනෙකුටත් නාබිගෙ පපුව ඇතුලෙන් ගල්මෝලක හඬ අහන්න පුළුවන් තත්වෙක තමයි නාබි හිටියෙ. ලීහි නිතරම නාබි ළඟ හිටියෙ තමන්ගෙ ඩියුටියට අමතරව නාබිගෙ සහායිකාව විදිහට එයාට තවත් පුද්ගලික වැඩ කීපයකුත් පැවරිලා තිබුණ නිසයි.
කොහොම වුණත් වැඩේ කෙරීගෙන යද්දි කිසිම බාධාවක් නැතුව තේහ්යොං ගෙන් හොඳ සහයෝගයක් නාබිට ලැබුණෙ මේක දෙන්නගෙම වෘත්තීය ජීවිතය නිසා.
පළවෙනි බ්රේක් එක ගන්න කලින් තිබුණෙ, පඩිපෙළ දිගේ කලබලෙන් පහලට බැහැගෙන එන තේහ්යොං වැරදීමකින් නාබිගෙ ඇඟේ වැදෙන දර්ශනයක්. ඒ වෙලාවෙ නාබි ඉන්නෙ ෆෝන් එක දිහා බලාගෙන පඩිපෙළ නගින ගමන්.
******************************
ඒ දර්ශනය හත් අට වතාවක්ම කරන්න සිද්ධ වුණේ සමහර වෙලාවට තේහ්යොං නාබිගෙ ඇඟේ වදිනකොට නාබි රැව්වා. නැත්නම් වැදුණ පාරට නාබි බිම ඉන්දවුණා, නැත්නම් හයි හීල්ස් නුපුරුදු නාබිගෙ කකුල් පැටලුණා. ඔය වගේ දේවල් නිසා තේහ්යොං හිටියෙ ටිකක් ඉවසීමේ සීමාවට ළං වෙලා. ඒකට තේහ්යොං තමන්ගෙ කේන්තිය පිරිමහගත්තෙ නාබිගෙ අත උරහිසත් එක්කම රතු වෙලා යන තරම් තදින් හැප්පිලා.
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanfictionජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...