පහුවදා උදේ ගෙදර වැඩ පටන්ගත්ත අජුම්මාට මුලින්ම කරන්න සිද්ධ වුණේ වීදුරු කටු ගොඩක් අස්කරල දාන එක.
ඒකත් මැනේජර් පාක්, තේහ්යොංව එක්ක යන්න ඇවිත් තවමත් රෙඩි වෙලා හිටියේ නැති නිසා රූම් එකට ගියපු වෙලාවෙ දැකලා කිව්වම.
මැනේජර් පාක්, රූම් එකට යද්දි සයිඩ් ටේබල් එක උඩ තිබුණ හැම දෙයක්ම කෑලි බවට පත්වෙලා බිම විසිරිලා තිබුණා. ආඩම්බර කිම් තේහ්යොං නිදි නැති අමාරු, දිගු රැයක් ගත කරපු බව ඇඹරිලා බිම වැටිල තිබුණ බෙඩ් ෂීට්, කොට්ට කියද්දි, අසරණ ජේබී පැටියා බඩගින්නෙම, ඊයේ ඇඳපු ඇඳුමෙන්ම ඇඳේ පෙරලිලා ඉන්න ටේගෙ පිට උඩ උණුහුමට ගුලි වෙලා හිටියා.
මිස්ටර් පාක් කීප සැරයක්ම කතා කරද්දි අමාරුවෙන් ඇස් ඇරපු තේහ්යොං නිදිමරලා තඩිස්සි වුණ ඇස් අතින් මුවාකරගෙන ආයෙත් ඇඳට වැටුණත් යන්තම් හරි කල්පනාවට ආපු ගමන් ඇඳපුරා අතගාලා ෆෝන් එක dial කරලා කනේ තියාගන්නකොට ජේබී ඇඳේ මුල්ලකට වකුටු වුණා.
❤"චෙං හ්යුන්ග්.. මොකද? හරිද?"
📲"පොඩි ප්රශ්නයක් වුණා"
❤"ඈ.. ඇයි.. මොකක්ද වුණේ?"
තේහ්යොං ට වචන විතරක් නෙමේ, කලබලේට ඇඳෙන් බහින්න යද්දි කකුලත් පැටළුණා. වැටුණ තැනම ඉඳන් තමයි කතා කලේ.
📲" අප්ස්ටෙයා එකේ රූම් එකක ඉඳලා තියෙන්නෙ, තව දෙන්නෙක් එයා එක්ක ඉඳලා. මම හොයා ගන්නකොටත් ටිකක් කන්ට්රෝල් නැති මට්ටමේ හිටියෙ. දන්නවනෙ බ්ලූ ඩ්රැගන්.. ඒකෙ ලේසියෙන් කෙනෙක්ට ඇතුලෙ දේවල් වලට ඇඟිලි ගහන්න බෑ."
❤"ඒත්.. එයා ඒකට නෙමෙයි, "Blinky" එක ඇතුලටනෙ ගියෙ. එහෙම වුණේ කොහොමද?"
📲"ඒක මං දන්නෑ. මම හිටියනම් යන්න දෙන්නෙ නෑනෙ. ඇයි බොස් එයාට එහෙම යන්න දුන්නෙ.. ගෑණු ළමයෙක්නෙ.. තනිකරම ඒ ස්ට්රීට් එකේ තියෙන්නෙ නයිට් ක්ලබ්ස් විතරයි. සමහර ඒව මොන වගේද කියල මං කියන්න ඕන නෑනෙ නේද.. අනික මිස් එහෙම යන කෙනෙකුත් නෙමෙයි නේ. බොස් ඊයෙ මට එන්න ඕන නෑ කියපු නිසා මමත් නිවාඩුවක් අරන් මගේ වැඩ ටිකකට ගියා. ඒකයි හවස ෆෝන් එකත් ඕෆ් කරල තිබුණෙ."
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanfictionජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...