💚"ඔව්, මං ඔයාට ගත්තෙ ඩබින් ගැන කියන්න. මින් සූ නෙ answer කලේ. අපි ටිකක් කතා කළා. පස්සෙ මගේ අයිඩියා එක කිව්වම එයාම තමයි කිව්වෙ එහෙනම් අදම ඒ වැඩෙත් දාගෙන ඔයාව සර්ප්රයිස් කරමු කියලා."
කට්ටියගෙ කතාව අතරෙ ටේ ලීහී එක්ක එහා පැත්තෙ රෙස්ටොරන්ට් එකට ගියෙ කෑම ඕඩර් කරන්න. ඒ අතරෙ නාබි ශෙවාන්ගෙත් ඇහුවෙ මේ වගේ තැනක ටේ, ජිමින්, ඔහොම නිදහසේ හැසිරෙන එක අවදානම් නැද්ද කියලා.
💚"නෑ. මම පාක් එකේ මේ සයිඩ් එකයි රෙස්ටුරන්ට් එකයි පැය ගානකට අපිට වෙන්කර ගත්තා. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ. නැත්නම් එයාලටත් නිදහසේ ඉන්න වෙන්නෙම නෑනේ."
ඒ අතරෙ ඒමි, මින් සූ, ජොන්හන් තුන්දෙනා කතා කර කර ඉන්න අතරෙ ජිමිනුත් ලීහිලගෙ පස්සෙන් දිව්වා.
💚"ඉතින් නාබි, කොහොමද.. ඔයා ගමනට ලෑස්තිද දැන්? මොකද හිතන්නෙ ඒ ගැන?"
💙"මම ආසයි ඒකට.. මට අර ඇඩ් එකෙන් පස්සෙ ආස හිතුනා ඒකටත්. මොඩ්ලින් එපා කලේ මේ ටේ ඔප්පනෙ අනේ.. ඒත් මම ගොඩක්ම ආස මේක්අප් වලට"
💚"කමක් නෑ. ඉගෙන ගන්න දේවල් අහක යන්නෑනෙ. ඔයාට ඕකෙන් පස්සෙ කැමති නම් degree එකක් වුනත් කරන්න පුළුවන්."
💙"බලමුකෝ මේ කෝස් එක කරලා... අනේ මන්දා.. මට දැන්නම් ටිකක් බයත් හිතෙනවා ඔප්පා"
💚"ඇයි ඒ.. මොකටද බය..? ඔයාගෙ ආරක්ෂාව ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. තේහ්යොං ඒ ගැන බලාගනී. ඒ නිසාම තමයි ඔයාගෙ ඔප්පත් කැමති වුණේ"
💙"නෑ.... ඒකට නෙමේ.. මට එහෙ පුරුදුත් නෑ, කාවවත් දන්නෙත් නෑ, මට යාලුවොත් නෑ... පාලුවෙ ඉන්න වෙයිනෙ"
මූණ බෙරි කරගෙන නාබි කියනකොට එක මොහොතකට වටේම ඇස් යවපු ශෙවාන් එක අතකින් නාබිගෙ තුවාල අතින් අල්ලගෙන අනිත් අත නාබිගෙ හිස මත තිබ්බා.
💚"එහෙම හිතන්න එපා. හැමදේම ඉක්මනට හරියාවි. ම්ම්.! යන පලවෙනි දවසෙම ඔයාට අනිවාර්යයෙන්ම යාලුවෙක් දෙන්නෙක් සෙට් වෙයි. දවස් දෙකක් තුනක් ටිකක් පිළිවෙලට ඉඳලා ඊට පස්සෙ ඔය කියවිල්ල පටන් ගත්තම අනිත් ඔක්කොම අමතක වෙයි. ඔයාට නෙමේ අපිටයි එතකොට පාළු. බලන්නකෝ මං කියන්නෙ බොරුද කියලා. ඔයාලගෙ බැච් එකේ famous ම කෙල්ල වෙන්නෙ ඔයා"
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanfictionජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...