පණ කඩාගෙන දුවගෙන යද්දි කාගෙ හරි ඇඟක වැදිලා නැවතෙද්දි ලීහිගෙ ඇස් ටීක් බෝල වගේ ලොකු වුණේ පුදුමෙන්.
සරල විලාසිතාවකට නළලට වැටෙන්න දාපු කොණ්ඩෙ, වයිට් කලර් ඕවර්සයිස් ටී ෂර්ට් එකට ඈෂ් කලර් baggy sweatpants එකක් එක්ක sneakers දාපු හැන්ඩි කොල්ලගෙ ලොකු බෝල ඇස් දෙක, පුදුමෙන් බාගෙට ඇරුණ කට, රෝස පාට හීනි තොල්, තොල කෙළවරේ තියෙන රිදී පාටින් දිලිසෙන පුංච් lip ring එක ...
ලීහි සම්පූර්ණයෙන්ම BTS ආමි කෙනෙක්ම නොවුනත්, හොඳ fan කෙනෙක්. එයා කැමතිම BTS මෙම්බර් වුණේ ජංකුක්...
ජංකුක් ගෙ පපුවෙ වැදිලා "ඤොහ්" ගාපු නහය අතින් අල්ලගෙන කටත් ඇරන් ජංකුක් ගෙ මූණ දිහා බලාගෙන ඉඳපු ලීහිගෙ ඇස් ඊ ළඟට දිව්වෙ අතේ තියෙන ටැටූ එක දිහාට.
එක අකරතැබ්බයකට මුහුණ දීල මේ වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව හිටපු ජංකුක්ට ඒ එක්කම දෙවනි කරදරේටත් මුහුණ දෙන්න වුණා. මොන දේකින්වත් පසුබසින්න අකමැති නාබි තමන්ව පුටුවෙන් වැට්ටුවට පාඩමක් උගන්වන්න හිතාගෙන ලීහිට ගහන්න උස්සගෙන ආවෙ අතට අහුවුණ පොඩි මල් පෝච්චියක්. හිතන්නත් කලින් ඈත ඉඳලම ලීහි දිහාට විසි කරපු මල් පෝච්චියත් නැවතුනේ පස් එක්ක පැළේ ජංකුක් ගෙ ටී ෂර්ට් එක පුරා රටාවක් ඇඳගෙනම කොල්ලව තෙත පස් වලින් නාවන ගමන්...
නාබි කුකීව දකිනකොට කෑ ගැස්සුනත් ඒ වෙද්දි එයා ප්රමාද වැඩියි. තමන් ගොඩක් ආදරේ කරපු bts ගෝල්ඩන් මක්නේව හොයාගෙන ඒ වෙද්දිත් අතේ තිබුණු මල් පෝච්චිය ඉගිල්ලිලා මඩ රටා ඇඳල ඉවරයි...
ලීහිත් වෙච්ච දේට කලබල වුණත් ඊ ළඟ තත්පරේ පෝච්චිය වැදුන කුකීගෙ උරහිස අතගෑවෙ කොල්ලගෙ මූණෙ ඉරියව් අඳුරගන්න අමාරු තරමට මිශ්ර වෙලා තිබුණ නිසා. පුදුමය, වේදනාව, කේන්තිය, තිගැස්ම, නුරුස්නා බව වගේ ගොඩාක් දේවල් එකතු වුණ කුකීගෙ මූණෙ තිබුණ සරල සැහැල්ලු බව වෙනුවට වෙනස්ම පෙනුමක් එකතු වෙලා තිබුණා.
හෙමින් හෙමින් ළඟට ළං වුණ නාබිත් කුකීගෙන් සමාව ඉල්ලලා කුකීගෙ ඇඳුමෙ තිබුණ පස් කැට, මඩ පාරවල් පිහිදාන්න වුණා. ජංකුක් ට හරි සිහියට එන්න මිනිත්තුවකට ආසන්න කාලයක් ගත වුණා..
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanfictionජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...