🧡 "දැන් එතකොට, උඹට පාට් දාපු එක නෙමේ උඹට තියෙන එකම අවුල, ඒකි තේහ්යොං ගෙ ඇඟේ එල්ලෙන එක නේ.?"
💙"නැතුව..!"
නාබි කියල දැම්මෙ ඇඟට පතට නොදැනී.
🧡"ඔයාට තිබුණෙ බට කොල ආච්චිගෙ මේකප් එයාගෙ මහලොකු අම්මණ්ඩිට කියල දාගන්න දීලා ටේව මේකප් කරන්න පටන් ගන්න."
💙"එතන ඉඩ නෑ, අනික එයා කැමති වුනෙත් නෑ අපි එතන ඉන්නවට"
🧡"ඇහැ ගහගෙන හිටපන්. මට ඕකිව ෂුවර් නෑ.."
සෑහෙන වෙලාවක් අරගෙන හෙලන්ගෙ හෙයාස්ටයිල් එකයි මේක්අප් එකයි ඉවර කරනවත් එක්කම නාබි ඇතුලට ගියෙ ගැහෙන කකුල් වලින්. කකුල් වලටත් වඩා පපුව ගැහෙන සද්දේ පිටටත් ඇහෙන තරම්. එකම හයිය වුණේ ලීහි ළඟ හිටපු එක විතරයි.
එක්ස්කියුස් කරල ඇතුලට ගිහින් ටේගෙ මේකප් වලට අවශ්‍ය බඩු ළං කරගනිද්දි ටේ ඇවිත් කණ්ණාඩිය ඉස්සරහ පුටුවෙන් වාඩි වුණා. තේහ්යොං නාබිගෙ ළඟින් යද්දි එයාට දැනුණ මිල අධික පර්ෆියුම් සුවඳ එයාගෙ හිත පතුලෙ රැඳුනෙ ඒක තේහ්යොං ගෙ අනන්‍යතාවයක් විදිහට.
නාබිගෙ තොලට උඩින් හීනි දාඩිය බිංදු පේළියක් මතුවෙලා තිබුණත්, හිතට හයිය අරගෙන වෙවුලන යටිතොලත් හපාගෙන වැඩේ පටන්ගත්තා.
"ටේ.. ඔයාටත් පුලුවන් මේ හේසුට කියලම මේකප් කරගන්න . ඔය කොස්මෙටික්ස් එහෙමත් ෂුවර් නෑ. මොකද මේ පේනවනෙ, මේ කම්පනි බලන්නෙ එයාලගෙ profit එකම විතරයි"
හඬ අඩු කරලා නාබිව ඇස් කොනින් ටේට පෙන්නන ගමන් හෙලන් කිව්වත් නාබිට වගේම ලීහි ටත් ඒ කියපු දේ පැහැදිලිවම ඇහුණා.
❤"කම්පනි එකෙන් දීපු ස්ටයිලිස්ට් නෙ. අපි බලමුකො. අවශ්‍ය වුනොත් කියන්නම්, එහෙම වුනොත් අපි හේසුට කියමු හෙලන්. තෑන්ක්ස් "
ෆීල්ඩ් එකේ ඉන්න ඕන හැටි ටේ හොඳින් තේරුම් අරගෙන තිබුණ නිසා හෙලන්ගෙ හිත නොරිදෙන්න වගේම නාබිවත් බේරෙන විදියට කතා කලේ ආටිස්ට්ලා මේ විදිහට නාබිව ප්‍රතික්ෂේප කලොත් ආයතනයෙන් නාබිගෙ රැකියාවට ගැටළුවක් ඇති වෙයි කියල හිතපු නිසා.
ඒ ක්ෂණයකින් නාබිගෙ මූණෙ ඇඳිල මැකිල ගිය සැනසිලිදායක හිනාව හරියටම දැක්කෙ ලීහි වුනත් ඒක ටේත් නොදැක්කා නෙමෙයි.
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanficජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...